March 31, 2020

තමාත්, අගමැතිවරයාත් අතර විරසකයක් ඇති බවට ඇතැමුන් පවසන බවත්, එක්සත් ජාතික පෙරමුණේ රජයේ වාද විවාද කරන්න ඕන තරම් අවස්ථාව ඇති බවත් එය අගමැතිවරයා හොදින් අවබෝධකර ගෙන සිටින බවත් නගර සංවර්ධන ජල සම්බපත් හා උසස් අධ්‍යාපන අමාත්‍ය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

අමාත්‍යවරයා එම අදහස් පකාශ කළේ, ශ්‍රී ලංකාවේ විශාලතම ජල යෝජනා ක්‍රමය වන මහනුවර උතුර සහ පාතදුම්බර ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුල් ගල් තැබීමෙන් අනතුරුව පාතදුම්බර දොරගමුව මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුව අමතමිනි.

මෙහිදී තව දුරටත් අදහස්  දැක්වූ අමාත්‍ය රවුෆ්  හකීම් මහතා පැවසුවේ සමහර අවස්ථාවල අගමැතිවරයා නිතරයෙන් පවසන ලිච්ඡවි පාලන ක්‍රමය ගැනත් වාද කර ගන්නා බවයි. 

ඒ සියල්ල සිදු කරන්නේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් බවද අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම සිය පාර්ශවයේ එකමුතුව වෙනුවෙන් බවත් ආණ්ඩුවේ එක්සත් භාවය වෙනුවෙන් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෘතහස්ත  දේශපාලඥයෙක් සෙල අග්‍රාමාත්‍යවරයා ඒක අවබෝධ කර ගෙන සිටින බවත් , තමා ආවේගශීලි  වු විට තමන්ව සන්සුන් කරන්න එතුමා නිතරම ඉදිරිපත් වන බවත් අමාත්‍යවරයා පවසයි.

ලබන සතිය වෙන වට මේ ප්‍රශ්න සියල්ලට විසඳුම් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත්, ජයග්‍රාහී අපේක්ෂකයා නම් කර මේ ජයග්‍රාහී ගමන යන බවත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙහිදී කීය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස පත්කිරීමට සම්පුර්ණ සහයෝගය දක්වන බව අමාත්‍යවරු 05 දෙනෙකු පාර්ලිමේන්තු කණ්ඩායමට සඳහන් කළ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

ඒ තම ටුවිටර් ගිණුමේ සටහනක් තබමින්ය.

ඒ අනුව ඇමති පාඨලී චම්පික, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ දිගම්බරන් සහයෝගය දැක්වීමට කැමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට තම සහාය ලබාදිය හැකි බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබදව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ මෙතෙක් දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රහණය කල හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන මතයේ සිය පක්ෂය සිටින බවයි. 

සුළු පක්ෂවල නායකයින් එකතුව සාකච්ඡා කර ගන්නා තීරණය , එක්සත් ජාතික පෙරමුණේ හමුවක් නැවත කැදවු අවස්ථාවකදි ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ තීරණය දැනුම් දුන් විට ඒ සම්බන්ධයෙන්ද පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ජයග්‍රාහනය කිරීමට හැකි කෙනෙකු මැතිවරණය ඉදිරිපත් කර යුතුය යන්න යෝජනා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාවෙන් දුන් වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව ඊයේ (27) පැවති  කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිපදෙනෙකු ඇමැති රවුෆ් හකීම් මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගෙන දවසින් දවස ප්‍රමාද කරන බවට ද ඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට වාර්තාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර තිබියදී ඒ ගැන කමිටු පත්කරමින් කල්මරන බවටද ඇමැතිවරුන් චෝදනා කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමැති පාඨලී චම්පික රණවක මහතා බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් තීන්දුවක් නොගෙන ප්‍රමාද කිරිමෙන් සිදුවන්නේ තවත් සයිටම් විරෝධයක් වැනි තත්වයක් ඇති කර ගැනීම බව පවසා ඇත.

එබැවින් වහාම මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ඇමැති රණවක මහතා පවසා ඇතැයි දැනගන්නට තිබේ.

එක්සත් ජාතික පක්ෂය මුලින්ම එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කළ යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ප්‍රධාන පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ ජාතික කම්කරු සංගමය දන්වා ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් සහ ජාතික කම්කරු සංගමයේ නායක පලනි දිගම්බරන් යන මහත්වරුන් පෙරේදා රාත්‍රියේ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
 
“එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කර තුරු අපට ඉන්න පුළුවන්. ඉන්පසු අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ගැන සාකච්ඡා කරන්න පුළුවන්” යැයි එම පක්ෂවල ප්‍රකාශකයෙක් පැවසීය.
 
නව සන්ධානයේ තවත් පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසුවේ එක්සත් ජාතික පක්ෂය මුලින්ම එම පක්ෂයේ අර්බුද විසඳා ගත යුතු බවය.

“එක්සත් ජාතික පක්ෂය සන්ධානයට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ නොකළ යුතු” යැයි ඔහු පැවසීය.
 
නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කරන බව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඞ් බද්යුදීන් මහතා පැවැසීය.

හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ කොළඹ 7 මලලසේකර මාවතේ පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (28) පැමිණිල්ලක් ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය කියයි.

ඉකුත් ජූනි මස 10 වැනිදින තම සැමියා වූ රාවුෆ් හකීම් මහතා විකිණීමට නියමිතව මෝටර් රථයක් සඳහා පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක මුදලක් ලබා ගෙන එය තමා වෙත ලබා දුන් බව රාවුෆ් හකීම් මහතාගේ බිරිඳ පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.

එම මුදල නිදන කාමරයේ ඇඳ යට තිබෙන බෑගයේ දැමූ බවත් දින නවයකට පසු එනම් 29 වැනිදා බෑගය විවෘත කර පරීක්ෂා කිරීමේදී එම මුදල් නොතිබූ බවත් කිසියම් අයෙක් එය අවුස්සා ඇති බවට දැක ගත හැකි වූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

එදින නිවසේ සේවය කරන සේවිකාවන් තිදෙනාගෙන් ඒ පිළිබඳව විමසූ බව ද ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ඉකුත් 25 වැනි දින නිවසේ වැසිකිලිය උතුරා යාම හේතුවෙන් ගලි වල ශුද්ධ කිරීමේදී ඉරී ගිය රුපියල් 5000 මුදල් නෝට්ටු දෙකක් හමු වූ බවත් එම නෝට්ටු දෙක ගලි වල ශුද්ධ කිරීමට පැමිණි පුද්ගලයන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

නැවත දින තුනකට පසුව ගලි වල උතුරා යාම හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ගලි බවුසරයක් ගෙන්වා ගලි වල ශුද්ධ කිරිමේදී රුපියල් 5000 මුදල් නෝට්ටු කොටස් හමු වූ බවත් ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

නිවසේ සේවය කළ සේවිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක් මීට දින කිහිපයකට ඉහතදී නිවසින් පිට වී ගිය බවද ඇය කරන පද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය පැවැසීය.

ඇමැතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් ඉතිරි හත්දෙනා ද අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් කලින් දැරූ කැබිනට් අමාත්‍ය , රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය ඇමැතිධූරවල දිවුරුම් දෙති.

ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මන්ත්‍රීවරුන් දෙදෙනා කැබිනට් ඇමැතිවරුන් ලෙසද ෆයිසාල් කාසීම්, එච්.එම්.එම් ෆාරිස්, අමීර් අලි සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් සිව්දෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙසද අබ්දුල් මහරුෆ් මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙසද දිවුරුම් දීමට නියමිතය.

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට සහය පළ කිරීමක් ලෙස පවසමින් ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු නව දෙනෙක් ඉකුත් ජූනි මස 3 වැනිදා සිය ධූරවලින් ඉල්ලා අස්වූහ.

ඉන් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරු දෙදෙනා ඉකුත් මස 9 වැනිදා ඔවුන් කලින් දැරූ කැබිනට් ඇමැතිධූරවල දිවුරුම් දුන්හ.

ඉතිරි මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනාට ඇමැති ධූර ලබා දෙන්නැයි නිර්දේශ කරමින් ඔවුන්ගේ නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පෙරේදා (24) යවනු ලැබීය.

ඒ අනුව ඔවුන් හත් දෙනා අද (26) ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.

(ලංකාදීප)

මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

පාස්කු දා බෝම්බ ප්‍රහාරය සිද්ධියෙන් පසුව ඇමැති , රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූරවලින් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවී ඇති අතර බෝම්බ සිද්ධීන් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන මුස්ලිම් ජාතිකයින් සම්බන්ධයෙන් ඔවුහු ජනාධිපතිවරයාට කරුණු කියා තිබේ.

සිද්ධීන් වලට කිසිසේත් සම්බන්ධ නැති මුස්ලිම් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවේ පසුවන බවද ඔවුන් සිදුවීම්වලට සම්බන්ධ නැතිබව තහවුරු කර හැකි ඉක්මනින් නිදහස් කරන්නැයිද එහිදී මුස්ලිම් මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා පුවත්පතකට පවසා ඇත.

නැවත ඇමැතිධූර බාරගැනීම සම්බන්ධයෙන්ද එහිදී ජනාධිපතිවරයා විමසීමක් කළ බවද මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව සාකච්ඡා කර නුදුරු දිනකදී තීරණය දැනුම් දෙන බව ජනාධිපතිවරයාට දැන්වූ බවද අමීර් අලී මහතා කීය.

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එම්.එච් ෆවුසි , ෆයිසාල් කාසීම්. අලී සහීඩ් මව්ලානා , එම් මන්සූර් යන මන්ත්‍රීවරු එලෙස ජනාධිපතිවරයා හමුවී තිබේ.

9 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උත්සහායට දැඩි විරෝධය පළකර සිටින දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජනාධිපතිවරයාගේ එම උත්සහාය පරාජය කිරීම සඳහා නැගී සිටින  බව අවධාරණය කර සිටී.

18 වන ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපති පාලනයක් බිහිකරන බවට ජනාධිපතිවරයා සඳහන් කිරීම පිළිගන්නා නමුදු 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් රටේ දේශපාලන අස්ථාවර බවක් ඇති කර ඇති බව නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද මෙම පක්ෂ අවධාරණය කරයි.

18 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා සතු අසීමිත ඒකාධිපති බලතල 19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් අහෝසි කිරීමට හෝ සීමා කිරීමට හැකිව තිබේ. එම සංශෝධනය තුළින් පාර්ලිමේන්තුවට බලතල වැඩිකරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හැකිව තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

ඒකාධිපතිත්වය අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කැප වෙමින් ජනාධිපතිවරයා කටයුතු කළ බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ජනාධිපතිවරයා සතු අසීමිත බලතල පාර්ලිමේන්තුව  වෙත පැවරීමට එකඟත්වය පළකරමින් මූලික වී කටයුතු කළ නායකයා ද මෛත්‍රීපාල සිරිසේන මහතා බවද සුමන්තිරන් මහතා කීය.

එසේ ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කළ ජනාධිපතිවරයා 19 වන ව්‍යවස්ථා සංශෝධනය රටට ශාපයක් බවට මෙන්ම එතුළින්  හා අරාජිකත්වයක් ඇතිකර තිබෙන බවට කරන ප්‍රකාශය දෙමළ ජාතික සන්ධානය වශයෙන් සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවත් දෙමළ ජාතික සන්ධානය 19 වන සංශෝධනය ඉවත් කිරීමට කිසිදු ආකාරයෙන් ඉඩනොදෙන බවත් සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එම කොංග්‍රසයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්.අන්වර් මහතා පැවසුවේ ජනාධිපතිවරයා වත්මන් වාතාවරණයේ දී කටයුතු කරන ආකාරය ගැන සෑහීමට පත්විය නොහැකි බවයි.

රටේ දේශපාලන අස්ථාවරත්වය හටගැනීමට මූලික හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොවන බවත් පාලකයාගේ ඇති දුර්වලකම  ඊට හේතුවී ඇති බවත් රට ශක්තිමත් වීමට නම් ආණ්ඩුව ශක්තිමත්ව පැවතිය යුතු බවත් හෙතෙම කීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත් 19 වන සංශෝධනය අහෝසි කිරීමට කිසිදු ආකාරයෙන් සහය නොදක්වන බවත් හෙතෙම කීය.

ප්‍රජාතන්ත්‍රවාදයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව රටේ දේශපාලන අස්ථාවර භාවයක් ඇති කළැයි ජනාධිපතිවරයා බවත් ජනාධිපතිවරයාගේ එම තීරණය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ද අනුමත කරනු ලැබුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට හිමි අසීමිත බලතල අහෝසි කිරීමෙන් යැයි ද මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක අන්වර් මහතා අවසන් වශයෙන් සඳහන් කළේය.

Page 2 of 3