October 17, 2019

මැතිවරණ නොපවත්වන්නේනම් තමන් ඉල්ලා අස් වන බව මහින්ද දේශප්‍රිය මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ඉදිරියේදී මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිතව ඇති හෙයින් ඉල්ලා අස් වීමට නොසිතන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර හමුවකදී මෙම ඉල්ලීම කර ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සේවය ඉදිරි මැතිවරණ සඳහා අත්‍යවශ්‍යය යැයි ද ඒ නිසා ඉල්ලා අස්වීමට සුදානම් නොවන්නැයි ද අගමැතිවරයා පවසා ඇත.

ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වන්න යැයිද අගමැතිවරයා වැඩිදුරටත් සඳහා කර ඇත.

ඉඩම් විධිවිධාන පනත මඟින් අනාගතයේදී කිසිදු සිංහල ජාතිකයෙකුට ශ්‍රී ලංකාවේ ඉඩම් අයිතිය හිමි නොවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

ඩී. එස් සේනානායක මහතා අද ජීවත් වූවානම් අද පක්ෂය පවතින තත්ත්වය පිළිබඳ දැඩි වේදනාවට පත්වනු ඇති බවත් මැද පෙරදිග ගෘහ සේවයට විදෙස් ගත වන කාන්තා ශ්‍රමය නොතිබෙන්නට රනිලි වික්‍රමසිංහ අගමැතිවරයාට සිදු වන්නේ ද හිඟමන් යැදීමට බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

"මැද පෙරදිග රැකියාවට යන කාන්තාවන්ගෙන් රටට ලැබෙන ඩොලර් ටික නැත්තන් අගමැතිවරයාට වෙඩි නොවදින කාර්වල යන්න වෙන්නේ නෑ. වෙඩි නොවදින කාර්වල ගියත් බේරෙන්න වෙන්නේ නෑ. පුළුවන්නම් හොයලා ගන්න හෙන නොවදින කාර්."යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

අලුතින් සිතා වැඩ කරන්නේ නම් වසර පහක් තුළ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

කොරියාව ජපානය චීනය වැනි රටවල් දියුණු වූයේ ඒ රටවල් විසින්ම ගත් උත්සාහයන් නිසා බවද ඔහු පවැසීය.

 ඒ අනුව අලුතින් සිතා වැඩ කරනවා නම් වසර 5 ක් තුළ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ දියුණුම රට බවට පත් කර ගත හැකි බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

එකිනෙකාට චෝදනා කර ගනිමින් සිට රටක් ගොඩගත නොහැකි බවත් සියලු දෙනා එක්ව අලුතින් සිතා රට ගොඩනැගීමට ක්‍රියා කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

"රට මුහුණදී තිබෙන ණය බරින් නිදහස්වීමට නම් අපගේ අපනයන ප්‍රමාණය ඉහළ නංවා ගත යුතුයි. ජපානය, චීනය, කොරියාව වැනි රටවල් අපනයනය වර්ධනය කර ගත් නිසා විශාල දියුණුවක් ඇති කරගෙන තබෙනවා. දැනට දියුණුවක් ලබා සිටින එකම ථෙරවාදී බෞද්ධ රට වන්නේ තායිලන්තයයි. තායිලන්තයේ බුදු දහම පිරිහී ගිය අතීතයේ ශ්‍රී ලංකාවෙන් බුදු දහම තායිලන්තයට රැගෙන ගියා. දැන් බෞද්ධ රටක් වශයෙන් දියුණුව ලබන ආකාරය පිළිබඳව තායිලන්තයෙන් අපට පාඩම් ඉගෙන ගැනීමට සිදුවී තියෙනවා. අපේ ප්‍රශ්නවලින් අපම ගොඩ ආ යුතුයි. වෙනත් රටවල් අපව ගොඩගන්නේ නැහැ. අනාගතය දෙස බලමින් එකට එකතු වී ඉදිරියට යෑමට අපට ශක්තියක් තිබිය යුතුයි. අප හැමදාම එකම තැන ඉදිමින් අතීතය ගැන කතා කරනවා නම්, ජාතිකත්වයෙන් තොරව ජාති භේද, ආගම් භේද ඇති කර ගැනීමෙන් අවාසි සිදු වන්නේ ශ්‍රී ලංකාවටයි. අප දැන් සියලුදෙනා එක්ව අලුතින් සිතා ඉදිරියට ගමන් කළ යුතුයි. රටත්, අප වැනි දේශපාලනඥයිනුත් අලුතින් සිතිය යුතුයි. එකිනෙකාට බැන බැන සිටීමෙන් පළක් වන්නේ නැහැ.

"මගේ කුඩා කාලයේ සිංගප්පූරුවේ මිනිසුන් ඇවිත් අපේ වරායේ රැකියා කළා. දැන් සිංගප්පූරුවට ගියාම අපේ මිනිස්සු ඒ රටේ ගෙවල්වල වැඩකරනවා. එදා මැලේසියාවේ, තායිලන්තයේ ජනතාව අපේ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණියා. අපි අද මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවලට ප්‍රතිකාර සඳහා යනවා. කොරියාව, චීනය, ජපානය දියුණු වුණේ කොහෝමද? අන්න ඒ ක්‍රමය මතයි ඔබේ අනාගතය රැදී තිබෙන්නේ. අප සියලූදෙනාම එකට එකතුවී මේ රට ගොඩනගන්න අලුතින් වැඩ කරනවා නම්, වසර 05 ක් ගත වන්නට පෙර සියලු ආයෝජන ලබාගෙන ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට පත් කළ හැකියි. ඉන්දීය සාගරයේ පොහොසත් රටක් බවට පත් කළ හැකියි. එම ඉලක්කය සපුරාගැනීමට ලබන වසර 05 තුළ ආයෝජන ලබාගැනීමත්, නවීන තාක්‍ෂණය ලබාගැනීමත්, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමත්, නාවුක හා ගුවන් කේන්ද්‍රයක් බවට පත් කිරීමත් කළ යුතුව තිබෙනවා."

නාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ යන මහත්වරුන් ඇතුළු තවත් කිහිපදෙනකු පාස්‌කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරියේදී කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයක්‌ අවසානයේ මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ යන මහත්වරුන් සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමැතිවරුන් ද විශේෂ කාරක සභාවේ අවසානයක්‌ දැකිය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් මේ වනවිට රටේ ආරක්‌ෂාව අවුල් සහගත තත්ත්වයකට පත් කර ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා මහතා මෙහිදී චෝදනා කර සිටියේය.

 

සංවර්ධිත රටවල් මෙන් අපේ රටේ ද තවත් නොබෝ කලකින් පෙළපොත් අභ්‍යාස පොත් වෙනුවට පරිගණක යන්ත්‍ර මඟින් අධ්‍යාපන ක්‍රියාකාරකම් සිදු කළ හැකි රටක් වන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යප පී. හැරිසන් මහතා පවසයි.

“ළඟම පාසල හොඳම පාසල”වැඩසටහන යටතේ මැදවච්චියේ මෛත්‍රීපාල සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා නොමිලේ පොත් ටික ලබා දුන්නා. ප්‍රේමදාස ජනාධිපතිතුමා නොමිලේ සුදු රෙදි ලබා දුන්නා. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොමිලේ ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතියි. මම දැක්කා අපේ දරුවෙක් දවසකට කිලෝ විස්සක් තිහක් පමණ පෙළපොත් ටික එල්ලගෙන යනවා. එහෙම ගියපුවාම මේ පෙළපොත්වල බරින් බලපෑමක් එල්ල වෙන්නේ දරුවාගේ කොන්දට. දැන් තාක්ෂණය දියුණුයි. වේගයෙන් සංවර්ධිත රටවල අන්තර්ජාලයට ගියපුවාම තමන්ගේ පාඩම බාගත කරන්න පුළුවන්. එය නරඹමින් පූර්ව උදාහරණ සහිතව විශ්ලේෂණය කර ගන්න පුළුවන්. දැන් මේ ක්‍රමවේදය ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් භාවිත කරනවා. ඒ වගේම නිවසේ සිටම අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න පුළුවන්. තම ගුරුවරයාගෙන් තම පංතියේ ළමුන් සමඟ කෙටි පණිවිඩයකින් ඊමේල් එකකින් ඔවුන්ගේ අදහස් බෙදාහදා ගන්න පුළුවන්. සජීවීව තම ගුරුවරයා සමඟ තම අදහස් අදහස් හුවමාරු කරගන්න පුළුවන්. අද අපේ ලංකාවේ ළමයි පොත් පොත් ටික එල්ලගෙන පාන්දර දෙකට තුන තුනට නැඟිටලා පාසල්  පාසල ඇරුණාම අමතර පංති යනවා. දරුවා නිදාගන්නේ රෑ දහයට විතර. මේ ක්‍රමවේදය වෙනස් කිරීම තමයි අපේ ආණ්ඩුවේ අරමුණ වූයේ."

"පෙළපොත් වෙනුවට අභ්‍යාස පොත් වෙනුවට මේ පරිගණකය මඟින් අධ්‍යාපනය හදාරන්න පුළුවන් නව තාක්ෂණය මේ සියවස තුළදී ම අපේ අධ්‍යාපනයට හඳුන්වලා දෙනවා.  දැන් මේ බලන්න “ළඟම පාසල හොඳම පාසල”වැඩසටහන යටතේ නගරයේ පාසලක ඇති පහසුකම් ගමේ පාසලේ දරුවාටත් උදාකරදීම තමයි මේ වැඩ සටහනේ අරමුණ. දැන් බලන්න සාමාන්‍ය පෙළ A නවයක් ගත්ත දරුවෙක් උසස් පෙළට ගණිතය, විද්‍යාව විෂය ධාරා කරන්න ගිහිල්ලා සාමාන්‍ය සාමාර්ථයක් වත් නැතුව විභාගය කඩාකප්පල් කර ගන්නවා. නමුත් මේ තාක්ෂණික විෂය ධාරාව සමඟ දරුවෙක් කැමති විෂය දරුවාට හදාරන්න පුළුවන් එයින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරා යොමු වෙන්න පුළුවන් අපි දරුවාගේ කැමැත්තට ඉඩ දිය යුතුයි. එදා සිදුවූයේ අම්මා තාත්තා කැමති විෂයට දරුවා යොමු වීම. නමුත් අද දරුවාට කැමති දරුවා දක්ෂ විෂය දරුවාට හදාරන්න පුළුවන්.  මෙවර රනිල් වික්‍රමසිංහ මැතිතුමා උපාධිධාරීන් 25,000 කට රැකියා අවස්ථා ලබා දීමේදී 5000ක් දුෂ්කර පාසල් සඳහා ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට තීරණය කළෙත් මේ අධ්‍යාපනයට මුල් තැන ලබා දීම සඳහායි. අය වැයෙන් වැඩි මුදලක් වෙන් කළෙත් අධ්‍යාපනයට ඒ අපේ රටේ අධ්‍යාපනය නගාසිටුවීම උදෙසා. “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ අඟුණච්චිය  මුස්ලිම් මහා විද්‍යාලයත්,කිරිගල්වැව මහා විද්‍යාලයත්, පදවිය බුද්ධංගල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැඟිලි කිහිපයක්ම අමාත්‍යවරයා විසින් ජනතා අයිතියට පත් කර තිබේ.“යැයි වැඩිදුරටත් පැවසිය.

ආණ්ඩුවට කොපමණ අභියෝග පැමිණිය ද රට සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරන වේගය අඩාල නොකරන බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක දී ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය කාල වකවානුවේ දී බෝම්බ පිපිරීම්, බලය පැහැර ගැනීම්, ආණ්ඩුවට එරෙහිව ජනමත ගොඩනැගීම් වැනි අභියෝග රැසකට මුහුණදීමට සිදුවූ බවත්, ඒ අභියෝග හමුවේ අසාර්ථක නොවී ඉදිරියට පැමිණීමට ආණ්ඩුවට හැකි වූ බවත් අගමැතිවරයා  සිහිපත් කළේය.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සමෘද්ධි නිවාස ලොතරැයි  මාසිකව දිනුම් අදිනු ලබන අතර පසුගිය මාස 6 හි ජයග්‍රාහිකයින් සඳහා ඊයේ දින චෙක්පත් ලබාදීම සිදු කෙරිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,         

“සමෘද්ධිය තුළින් කිසිවෙකුට ඵල ප්‍රයෝජනයක් නොලැබෙන බව එක් වකවානුවක රටේ මතයක් ඇතිව තිබුණා. එයින් ප්‍රයෝජන  ලබාගත්තේ ඇතැම් නිලධාරීන් පමණක් බව එකල ජනතාවගේ මතය වුණා. එය විශාල චෝදනාවක් වුවත් එහි සත්‍යතාවක් තිබුණා. නමුත් දයා ගමගේ අමාත්‍යවරයාගේ  නව සංකල්පය අනුව මෙම තත්ත්වය වෙනස් වී තිබෙනවා. අද වන විට සමෘද්ධි වැඩසටහන තුළින් රටේ විශාල ප්‍රමාණයක  ජනතාව ප්‍රතිලාභ  ලබනවා. මෙම වැඩසටහනේ මූලික සංකල්පය ඇති කළේ රණසිංහ ප්‍රේමදාස  ජනාධිපතිතුමායි. ඒ ජනසවිය වැඩසටහන යටතේයි. සමෘද්ධි ව්‍යාපාරය, ජනසවිය වැඩසටහනේ මූලධර්ම අනුව ක්‍රියාත්මක වනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. නමුත් නම් සමෘද්ධි ව්‍යාපාරය  එම මූලධර්ම අනුව ක්‍රියාත්මක නොවීම නිසා එම ව්‍යාපාරය  තුළ විවිධ ගැටලූ ඇති වුණා. ඒ හරහා රටේ ජනගහනයෙන් කොටසකට විශාල අසාධාරණයක් සිදු වුණා. කෙසේ වෙතත් අද වන විට එම ගැටලූවලට සාර්ථක විසඳුමක් ලබාදීමට දයා ගමගේ අමාත්‍යවරයාට  හැකිවී තිබෙනවා."

"මේ වසරේ ජනවාරි මාසයේ සිට රජයේ කිසිදු වැඩසටහනක් අතරමග නතර නොකර ඉදිරියටම කරගෙන යාමට අපේ ආණ්ඩුව කටයුතු කළා. ආණ්ඩුව විවිධ ගැටලුවලට මුහුණ දුන්නා. පසුගිය වසර අවසන් කිරීමට අපට සිදුවුණේ අග්‍රාමාත්‍ය  ධූරය පවා අහිමිවීමෙන් පසුවයි. ඇමතිධූර පවා අහිමි වි ගියා. නැවතත් අප බලයට පත්වී රට ඉදිරියට ගෙන යාවි යැයි කිසිවෙකුත් සිතුවේ නැහැ. නමුත් නැවතත් ආණ්ඩු බලය ලබාගත් පසු පෙරටත් වඩා ශ්‍රීඝ්‍රයෙන්  සංවර්ධන වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතු යැයි මම අපේ අමාත්‍ය  මණ්ඩලයට උපදෙස් දුන්නා. දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව නැවතත් රට භාර ගත්තේ එක්සත් ජාතික පක්ෂය පමණක් නියෝජනය කරන ආණ්ඩුවක්. එම නිසා අපේ වැඩකටයුතු වලට ඇතැමුන් බාධා කරනවා හෝ කකුලෙන් අදිනවා යැයි දොස් පැවරීමට අපට හැකියාවක් නැහැ. එම නිසා චෝදනා කිරීම්වලින් තොරව රට සංවර්ධනය කිරිමට කටයුතු කළ යුතු යැයි අප තීරණය කළා” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

තමන්ට ඇමති ධූරය භාර ගන්නැයි අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ද ඉල්ලීම් කළ බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

තමන් කිසිදු වරදක් නොකළ බව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මුළු රටම දන්නා බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඇමැති ධූරය භාර ගැනීම සඳහා තමන්ට එතරම් හදිස්සියක් නැති බවද ඔහු පැවසීය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩුවට කොපමණ අභියෝග පැමිණිය ද රට සංවර්ධනය කරමින් ඉදිරියට ගමන් කරන වේගය අඩාල නොකරන බවත් ඉදිරි මාස කිහිපයේ දී රටේ සංවර්ධනය තව තවත් වේගවත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය කාල වකවානුවේ දී බෝම්බ පිපිරීම්, බලය පැහැර ගැනීම්, ආණ්ඩුවට එරෙහිව ජනමත ගොඩනැගීම් වැනි අභියෝග රැසකට මුහුණදීමට සිදුවූ බවත්, ඒ අභියෝග හමුවේ අසාර්ථක නොවී ඉදිරියට පැමිණීමට ආණ්ඩුවට හැකි වූ බවත් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ පැවැති සමෘද්ධි නිවාස ලොතරැයි ජයග්‍රාහකයින් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සමෘද්ධි නිවාස ලොතරැයිය මාසිකව දිනුම් අදිනු ලබන අතර පසුගිය මාස 6 හි ජයග්‍රාහකයින් සඳහා අද දින චෙක්පත් ලබාදීම සිදු කෙරිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, 

"අප්‍රේල් 21 වන දා බෝම්බ ප්‍රහාරයෙන් රටට විශාල හානියක් සිදු වූ අතර ජනතාවගේ විශ්වාසය බිඳ වැටුණා. එවැනි අවස්ථාවක නැවතත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වීමට නම් වෙනත් රටකට වසර 3 - 4 ක් පමණ ගත වෙනවා. නමුත් අප එම අවස්ථාවේ ගත් තීන්දු තීරණ නිසා රට ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකි වුණා. එම ප්‍රහාරයෙන් පසුව මාසයක් ගත වීමටත් පෙර ජනතාවට සමෘද්ධිය ලබාදීම ආරම්භ කිරීමට අප කටයුතු කළා. ඒ අතරතුර ජනතාවට ඉඩම් හිමිකම් ලබාදීමටත් අප කටයුතු කළා. රජයේ ඉඩම්වල වසර 10 ක අඛණ්ඩව භුක්තිය විදි ජනතාවට එම ඉඩම් සඳහා සින්නක්කර අයිතිය ලබාදීමටත් අප නීති ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ උසස් පෙළ හදාරන සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට අප කටයුතු කරනවා. ඒ හරහා අප බලාපොරොත්තු වන්නේ රටේ සමස්ත සිසු පරපුරට පරිගණක අධ්‍යාපනය ලබාදීමයි. මෙම වැඩසටහන පළමුවෙන් ජාතික පාසල් හරහා ආරම්භ කරන අතර දෙවැනි අදියරේ දී වයිෆයි පහසුකම් සහිත පළාත් සභා පාසල් සඳහා ක්‍රියාත්මක කරනවා."

"එහි තුන්වැනි අදියර යටතේ උසස් පෙළ විෂය ධාරා ක්‍රියාත්මක වන අනෙක් සියලූ පාසල් සඳහා වයිෆයි පහසුකම් ලබා දී, අනතුරුව ටැබ් පරිගණක ලබාදෙනවා. මෙම වැඩසටහන කිහිප දෙනෙකුට පමණක් සීමා වන්නේ නැහැ. බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඉක්මනින් රට යථා තත්ත්වයට පත් කරමින් සංවර්ධන වැඩසටහන් සියල්ල අතරමග නතර නොකොට ඉතා කෙටි කාලයක් තුළ ඒවා ක්‍රියාත්මක කිරීමට අපේ ආණ්ඩුව කටයුතු කළා. මම අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන්නේ සංවර්ධන වැඩසටහන් සියල්ල සැප්තැම්බර් – ඔක්තෝබර් මාස වන විට අවසන් කරන ලෙසයි. බෝම්බ පිපිරීම්, බලය පැහැර ගැනීම්, ආණ්ඩුවට එරෙහිව විශාල ජනමත ඇති කිරීම් ආදිය හමුවේ වෙනත් ආණ්ඩු බිඳ වැටෙනවා. අපේ ආණ්ඩුවටත් මේ සියල්ලට මුහුණදීමට සිදුවුවත් ඒ කිසිඳු අභියෝගයක් හමුවේ අසාර්ථක නොවී සීඝ්‍රයෙන් ඉදිරියට යාමට අපට හැකි වුණා. ඒ සඳහා නව වැඩසටහන් රැසක් අපි ක්‍රියාත්මක කර තිබෙනවා.පසුගිය වසර 5 ක කාලය තුළ රටේ විශාල සමාජ ආයෝජනයක් ඇති කිරීමට අප කටයුතු කළා. රටේ ආර්ථික දියුණුව ඇති වන්නේ එම සමාජ ආයෝජන මතයි. "

වසර හතරහමාරක් රට පාලනය කළ වත්මන් ආණ්ඩුව අද (01) වන විට රට අස්ථාවර තත්ත්වයකට ඇද ගෙන ගොස් ගිනස් වාර්තා පොතට එකතු වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (01) කොළඹ පැවති මාධ්‍ යහමුවක් අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසීය.

අද වෙනකොට විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව විෂය භාර අමාත්‍යවරු සටනකට සූදානම් වි සිටින බවද එයින් පොදු ජනතාව ගැටළුවලට  මුහුණ දෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

දෙසැම්බර් 8 වනදා වන විට ජනාධිපතිවරණය අවසන් කර නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දීමට අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා පැවසීය.

නව පාලනයක් නව රජයක් නව ජනාධිපතිවරයෙක් මේ රටේ බිහිවීමට නියමිත බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මතභේදය පැවතීම සියළු ගැටළුවලට මුල් වී ඇති බවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වර්තමානයේ සිටින්නේ නයයි මුගටියයි ලෙස බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ වර්ථමානයේ ජනතාව සිය නිවසේදීම එල්ලි සියදිවි නසා ගැනීමට කටයුතු කරන බවයි.

සෝපා ගිවිසුම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අදහස් දැක්වීය.

එහිදි  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සහ හිටපු අමාත්‍ය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ කුමාර දිසානායක මහතා අදහස් දැක්වීය.

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තීන්ට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය  දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) පැවසීය.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප්‍රධානතම පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයත්, මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ විපක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ සන්ධානයත් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරලීමට එකඟ නැති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එහෙයින් මෙම ගැටළු පිළිබඳව මුලින්ම අමාත්‍ය මණ්ඩලය සමගත්, අනතුරුව ජනාධිපති සහ කථානායක සමග සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (30) වන දින මොණරාගල දිස්ත්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් අනතුරුව මාරිඅරාව සතිපොළ භූමියේ පැවැති ජනහමුව අමතමිනි.

2016 වසරේ එක්සත් ජාතීන් විසින් ඉදිරිපත් කළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ යෝජනාවට ශ්‍රී ලංකාව සහය ලබාදුන් බවද ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වශයෙන් ද, තමා අගමැති වශයෙන් ද තනතුරු දැරූ බව වික්‍රමසිංහ මහතා කීය.

2018 වසරේ දෙසැම්බර් 17 වනදා එක්සත් ජාතීන් එම යෝජනාව යළි සමාලෝචනයට භාජනය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව ඊට සහය දුන් අතර, එවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුර ද, මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති තනතුර දැරූ බව වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලින්ම තීරණය කළ බවත්, ඉන්පසු ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ  ජනාධිපතිවරුන් ඒ තීරණය ඉදිරියට ගෙන ගිය බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.



DLB Desktop