October 17, 2019

ඊයේ රාත්‍රියේ එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජීත් ප්‍රේමදාස ඇමතිවරයා අතර රහසිගත සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පවත්වා තිබේ.

අග්‍රාමාත්‍යවරයා ඊට සහභාගී වී ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමට පත් කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුවය.

මෙම සාකච්ඡාවේ දී මේ දෙපළ අතර සිදු වූ අදහස් හවුමාරුව පිළිබඳ තොරතුරු හෙළිදරව් වී නොමැති මූත් මේ දෙපළගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් නිසා පක්ෂය තුළ ඇති වී තිබෙන බල අරගලයට විසඳුම් සෙවීම සාකච්ඡාවේ අරමුණ වූ බව වික්‍රමසිංහ හා ප්‍රේමදාස යන මහත්වරුන්ට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

දේශපාලන පළිගැනීම් සහ ජාතිවාදය නොමැති වුවහොත් රටක් ඉදිරියට යා හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

දේශපාලන පලිගැනීම්වලට ලක් වුවන්ට සහ දිගන සිද්ධියෙන් දේපළ හානිවුවන්ට වන්දි ලබා දිමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැත්විය.

පක්ෂය වෙනුවෙන් ගත් පියවර සම්බන්ධයෙන් මෙහිදී අගමැතිවරයා පැමිණ සිටි සියලුදෙනාට ස්තූතිය පළ කළේය.

මීට පෙර මෙම වන්දි ලබා දීමට නොහැකි වීම ගැන තමා කණගාටු වන බවද මෙහිදී අගමැතිවරයා පැවසීය.

කෙසේ හෝ දුන් වචනය කඩ නොකර ලබා දුන් පොරොන්දුව ඉෂ්ඨ කළ බවත් පැවසු අගමැතිවරයා රංගේ බණ්ඩාර මහතා දේශාපාලන වශයෙන් මේ වන විට දුක් විඳ ඇති බවත් පළි ගැනීමක් හේතුවෙන් ඇමතිකමත් ලැබී නැති බවද කියා සිටියේය.

එක් කණ්ඩායමක් දේශාපාලන පළිගැනීම්වලට ලක් වු බවත් පැවසු අගමැතිවරයා, අනෙක් අය ජාතිවාදයට ලක් වු බවද පැවසීය.

සමහර දේශාපලඥයින් ජාතිවාදයෙන් ජයගැනීමට උත්සහ ගන්නා බවද පැවසු අගමැතිවරයා, එසේ කල නොහැකි බවත් දියුණු රටක් විය යුතු බවත් එසේ වීමට නම් ආර්ථික ආදායමෙන් මැන බැලීම පමණක් ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.

දියුණු රටක් වීමට නම් ශිෂ්ට සම්පන්න ක්‍රියාමාර්ග තිබිය යුතු බවත් එවැනි රටක මෙවැනි දේශපාලන පළිගැනීම් නැති බවත්, එමෙන්ම ජාතිවාදී අරගල ද නැති විය යුතු බවද පැවසු වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් නැති කළ විටත් ජාතිවාදය නැති කළ විටත් ඉදිරියට යා හැකි බවද කියා සිටියේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද පස්වරු 6.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදිමට නියමිතව තිබේ.

ඔහුට අමතරව නීතිය හා සාමය හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද අද දිනයේදී සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිතව තිබේ.

තනි පක්ෂයක් ලෙස ජනපතිවරණය ජය ගත නොහැකි බවත් අගෝස්තු මාසය අවසන්වීමට පෙරාතුව නව සන්ධානය පිහිටවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සඳහන් කරයි.

නව සන්ධානය පිහිටුවීම සඳහා පැවැති අවසන් සාකච්ඡාවේදී ඇතිවූ නව අදහස් සැලකිල්ලට ගෙන එම සන්ධානය පිහිටවීම තවදුරටත් කල් දැමීමට තීරණය කළ බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශයේ සඳහන් වෙයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 අගෝස්තු 05 වන දා කළ විශේෂ ප්‍රකාශය

2014 අවුරුද්දේ අපි රට වෙනුවෙන් එකට එක්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය යළ තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන තමයි දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට සංධානගත වුණේ.

ගෙවුණු කාලය තුළ රටේ ඇතිවුණු ප්‍රවණතා අපි සැලකිල්ලට ගත්තා. ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා රට ඇද වැටුණු අස්ථාවර තත්වය අපේ අවධානයට යොමු වුණා.

මේ සියල්ල නිසා වඩාත් පුළුල්, ශක්තිමත් හා ස්ථාවර සංධානයක් පිහිටුවීමේ අවශ්‍යතාව අපට වැඩි වැඩියෙන් දැනුණා.

රට සුරැකීම හා රට ගොඩනැංවීම ඉලක්ක කර ගත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමග අපි මේ ගැන ගැඹුරින් සාකච්ඡා කළා.

ඒ අනුව අලූත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල් සංධානයක් ඇති කොට දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට අප තීරණය කළා.

මේ හැම තීරණයක්ම ගන්නේ සියළු කණ්ඩායම් සමග සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයටයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ දින නියම කර ගැනීමෙන් පසු පැවති අවසන් සාකච්ඡා වාරයන්හිදී තවත් අලූත් අදහස් මතුවුණා. ඒ අදහස් අපේ සැලකිල්ලට යොමු කිරීම වැදගත් බව අපට වැටහුණා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ ලියැවිල්ල අවසන් කරලීම සඳහා තවත් කාලයක් ලබා ගත යුතු බව අප සිතුවා. අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට අප තීරණය කරලායි තියෙන්නෙ.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමත් සමග දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අවකාශය උදා වෙනවා. නමුත් කිසිම පක්‍ෂයක එදිනෙදා කාර්යයන්ට මේ නිසා බලපෑමක් ඇති වෙන්නේ නෑ. පක්‍ෂ අභ්‍යන්තර ක්‍රියාවලියට හානියක් වන්නේත් නෑ. මේ සංධානය බිහි වෙන්නේ පක්‍ෂවල අනන්‍යතාවය හා ස්වාධීනත්වය ආරක්‍ෂා වන අන්දමටයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් අප සකස් කරනවා. අපේ අනාගත සැලසුම් සකස් කරන්නේ ඒ ප්‍රතිපත්ති මාලාව පදනම් කර ගෙනයි.

තනි පක්‍ෂක් ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම දුෂ්කර බව මෑත කාලීන දේශපාලන ප්‍රවණතා ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණක්. ඒ නිසා පසුගිය කාලය පුරාම මම කාලය සහ ශ්‍රමය වැය කළේ ජයග්‍රහණය කරා අපව යොමු කරවිය හැකි පුළුල් දේශපාලන සංධානයක් ගොඩ නැගීම සඳහායි. මේ අරමුණින් මමත්, අනෙක් පක්‍ෂ නායකයිනුත් ඉවත් වෙන්නේ නෑ. අපේ එකම අධිෂ්ඨානය හා උත්සාහය වන්නේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සංධානයක් හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි. ඉන් පසු පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටුවා සමස්ත ලංකාවම ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමයි.

ඒ ගමනට අපි සියළු දෙනා එක්වෙමු. ශ්‍රී ලංකාව ලෝකයේ දීප්තිමත් හා සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු.

මාධ්‍ය ඒකකය, අග්‍රාමාත්‍ය කාර්යාලය.

2019.08.05

" එදා මේ ජනතාවගේ සිතේ මහත් බියක් තිබුණා, ඔවුන්ව තමන් ජීවත් වූ  නිවෙස් වලින් ඉවත් කරලා, ඉන්න හිටින්නට තැනක් නොමැති තත්ත්වයකට පත් කරයි කියලා. අද ඒ බිය නැති වෙලා තිබෙනවා. අපි එදා මොවුන් වෙනුවෙන් කරපු සටන අද දිනලා තිබෙනවා. නමුත් අපට මෙය මෙතනින් නවත්වන්න බැහැ. එදා පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරය තුලින් රටේ ස්ථාවරත්වයට, ආරක්ෂාවට යම් හානියක් ඇතිවුණා. තර්ජනයක් එල්ල වුණා. නමුත් අද රටෙ එම අස්ථාවරත්වය නැතිවෙලා, මුළු රටම එකමුතු වෙලා තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ සිංහල, දෙමල, බර්ගර්, මුස්ලිම්, මැලේ යන සියලු ජාතීන්ට එක්ව ජීවත්විය හැකි අනන්‍යතාවයක් රට තුළ ගොඩනැගීමයි.  මේක තමයි අපි මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ තුළින් සිදුකිරීමට අපේක්ෂා කරන්නේ" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් දැක්වූයේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඤවීදියේ ස්ථාපිත කල මෙට්‍රෝ හෝම්ස් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"පවුල් 626 කට අද දීප්තිමත් අනාගතයක් ආරම්භ වෙනවා. රටක සංවර්ධනය කියන්නේ මේ ආකාරයේ කටයුතු සිදුකිරීමයි. වසර 5 කට කලින් මොවුන් ජීවත්වූ අනවසර නිවාස මොවුන්ට අහිමි වුණා. අද මොවුන්ට ආඩම්බරයෙන් ජීවත්විය හැකි නිවසක් ලැබිලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පාඨලී චම්පික ඇමතිතුමාට අපි ස්තුතිවන්ත විය යුතුයි. මෙම නිවාස ඉදිකිරීම වෙනුවෙන් කෝටි 700ක් පමණ වැය කර තිබෙනවා. ඉඩම් එක්ක බැලුවොත්  මිලියන් 11,800 ක් පමණ වැය කරලා තිබෙනවා.  එක් නිවසකට මිලියන 24 ක් පමණ වියදම් කරලා තිබෙනවා. මේක තමයි සැබෑ සංවර්ධනය.  මේ වැය කර ඇති මුදලින් ගම්උදා 500 ක් පමණ කරන්න පුළුවන්. ලෝකය වෙනස් වන ආකාරයට රටේ සංවර්ධනයත් වෙනස් වියයුතුයි. පුංචි ලංකාව ලෝකයට බද්ධ වීමට නම්, බුද්ධිමත් පිරිස් එකමුතු වෙලා රට තුළ මේ ආකාරයේ සංවර්ධන කටයුතු සිදුකළ යුතුයි.  විශේෂයෙන් ජනතාවගේ යටිතල පහසුකම් වර්ධනය කර දිය යුතුයි."

"අද රටේ සෑම කොනකම සීග්‍ර සංවර්ධනයක් සිදුවෙමින් පවතිනවා. අපි 2015 ජනවාරි 8 බාරගත්ත ආණ්ඩුව තුළ නොයෙක් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කලා. දණගහපු, කඩාවැටුණ  ආර්ථිකයක් සවිශක්තිමත් කරලා, රටේ එක්තැනකට සීමාවූ සංවර්ධනය රටේ සෑම කොනකටම ගෙනගියා. කොළඹ රටේ කේන්ද්‍රස්ථානය කරගනිමින්, කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය මීටත් වඩා සිදුකල යුතුයි. තවත් නොබෝ දිනකින් පැවැත්වෙන ජනාධිපතිවරණය, එක්සත් ජාතික පක්ෂයෙන් ජයග්‍රහණය කරවලා, කොළඹ ප්‍රමුඛ සමස්ත රටේ සංවර්ධනය ඉතා සීග්‍රයෙන් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. අපි සියලු දෙනාම ඒකරාශී වෙලා ඒ සංවර්ධන ගමන ඉදිරියට ගෙනයායුතුයි. අහිංසක ජනතාවට සෙත සදමින්, රටේ සංවර්ධනය අඛණ්ඩව කරගෙන යාම තමයි එක්සත් ජාතික පක්ෂයේ මූලිකම අරමුණ වන්නේ." යැයි පැවසීය.

දේශපාලනය කරමින් එකතැන සිරවෙනවාද, නොඑසේ නම් රට ගැන සිතා නිර්මාණශීලීව දියුණුවනවාද යන්න පිළිබඳ සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

හෙතෙම මේ බව පවසා සිටියේ ඊයේ (30) දින අරලියගහ මන්දිරයේ පැවති රැකියා විරහිත උපාධිධාරීන්ට අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පාර්ලිමේන්තුවේ 225 පිළිබඳව සිතිය යුතු කාලය එළඹ ඇති බවද කී අග්‍රාමාත්‍යවරයා සියල්ලට ප්‍රථම රට දියුණු කිරීම අරමුණ විය යුතු බවද පවසා සිටියේය.

පත්වීම් ලබාදීම සඳහා තෝරාගත් 16800ක් වූ උපාධිධාරීන් වෙනුවෙන් 3880 දෙනෙකුට සංඛේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය. ඉන් 880 දෙනෙකු බාහිර උපාධිධාරීන් වේ.

මීට අමතරව මෙම උපාධිධාරීන්ගේ තොරතුරු හා පුහුණුවට අවශ්‍ය උපදෙස් ඇතුළත් ඊ ලර්නින් ෆ්ලැට්ෆෝම් පද්ධතිය ජනගත කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුකෙරිණි.

එක්සත් ජාතික පක්ෂයේ නිසි වැඩපිළිවෙලක් නොමැති කම නිසා දැඩි කලකිරීමෙන් සිටින බවත් කිසිදු අවස්ථාවක ජනතා ප්‍රශ්නයකට එජාප නායකත්වයට හෝ ලේකම්වරයාට දුරකථනයෙන් හෝ කතා කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඕනෑම වෙලාවක දුරකතනයෙන් කතා කොට ජනතා ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව මාතලේ මහ නගර සභාවේ නගරාධිපති (එජාප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.

මාතලේ මහනගර සභාවේ සිදුකෙරුණු සේවාවන් සහ රටේ වර්තමාන ජනාධිපති ධූර අපේක්ෂකත්වය පිළිබඳව තමන්ගේ මතය ප්‍රකාශ කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා මේ බව සඳහන් කළේය.

හෙතෙම මුලින්ම කියා සිටියේ නගර ආසන්නයේ පාසලකට අඩුම තරමේ ප්‍රදේශයේ දරුවෙක්වත් ඇතුළත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් පත්ව තිබෙන බවත්  අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යවරයා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් රැකියාවන් සඳහා යොදවා තිබෙන බවද හෙතෙම චෝදනා කළේය.

රටේ  පවතින්නේ බහුබූත අධ්‍යාපන ක්‍රමයක් බව ද ඩල්ජිත් අලුවිහාරේ මහතා චෝදනා කළේය.

කුලියාපිටිය ප්‍රදේශයෙන්  දීවයිනේ සෑම ප්‍රදේශයකටම විදුහල් වලට සේවකයන් එවන බවත් එම සේවකයන් විශාල වශයෙන් නිකරුණේ කාලය ගත කරන බවද විදුහල්පතිවරුන් තමා වෙත දැනුම්දී ඇතැයි ඔහු කියා සිටියේය.

එළඹෙන ජනාධිපතිවරණයේදී  ඕනෑම පක්ෂයකින් අපේක්ෂකයෙකු තෝරාගත යුත්තේ ජනතාවට අවශ්‍ය නායකයෙක් බවය. මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් වැරදි අපේක්ෂකයෝ ඉදිරිපත් කළොත් එජාපය අන්ත පරාජයට පත්වන බවත් කිසිදු කාලයක ඔලුව  ඉස්සීමට  නොහැකි බවද  

එජාපෙ හොඳ නායකයන් සිටින බවත් දූෂණ වංචා නැති බිම් මට්ටමේ සිට ඉහලට යා හැකි නායකයන් සිටින බවත් එයට අවස්ථාවක් දිය යුතු බවත් කීවේය .ඒකාධිපති පාලනයක් සිදු නොකළ  යුතු බවද කීවේය. 94 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයට මෙතෙක් ජනාධිපතිවරණයක්  ලබා ගැනීමට නොහැකි වූයේ ඇයි දැයි යන්න තමන් රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් ප්‍රශ්න කර සිටින බවද ඔහු කියා සිටියේය. තමන්ට  හෙට එළියට යන ලෙස කීවත් ඒ සඳහා ද සූදානමින් සිටින බව තමන් මෙම ධුරයට පත් වූයේ මහ ජනතාවගේ ඡන්දයෙන් බවත් කීවේය.

තම පියාණන් කියා සිටියේ ද අවශ්‍ය නම් පක්ෂයෙන් එළියට දමන්න එහෙත් ජනතාව තමන් එළියට නොදමන බව ප්‍රකාශය තමන් ද කිසිදු බියකින් තොරව කියන බවත් එම අභියෝගය තමන් පක්ෂයට ඉදිරිපත් කරන බවද කීවේය.

වර්තමානයේ යහපාලන ආණ්ඩුව පැමිණ සිදුව ඇති දේ මාධ්‍ය මඟින් හෙළි වන බවත් මාධ්‍ය මගින් කියා සිටින්නේ බොහෝ දේ මෙරට විකුණන බවයි එහෙත් තමන් ඒ පිළිබඳව නොදන්නා බවත් නමුත් යම් යම් දේවල් මෙහි සිදුවෙන බව තමා දන්නා බව කීවේය. ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ ආණ්ඩුවේ වැරදි පවතින බවත් ඒවා නිවැරදි කිරීමට නිවැරදි කරගෙන එන්නට නොහැකි නම් කුමන පක්ෂයෙන් වුවද කාටවත් ජනාධිපතිවරණය දිනා ගැනීමට නොහැකි බව කීවේය.

මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් අනිවාර්යයෙන්ම ඔහුට සුදුසුකමක් තිබිය යුතු බවත් එම සුදුසුකම වන්නේ ජනහිතකාමී නායකයෙක් වීම බවය. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට දමන්නැයි තමා නොකියන බවත් එහෙත් ඔහු වැඩකාරයෙක් බවත් තවත්  දක්ෂයන් සිටිය හැකි බව ද එම දක්ෂයන්ට අවස්ථාව දිය යුතු යැයි ද තමා ප්‍රකාශ කරන බව කීවේය.

එහෙත් සෑම පක්ෂයක්ම පක්ෂයෙන් තෝරන අපේක්ෂකයෙකු ජනතාව ඉදිරියට දමා ජනතාව මනාපය ඉල්ලන බවත් මෙවර තමන් එවැනි අපේක්ෂකයන්ට සහයෝගය ලබා නොදෙන බවත් තමන් සහයෝගය ලබා දෙන්නේ රටට ආදරය කරන ජනතාවගේ දුක සැප හඳුනන අපට ඕන වෙලාවක කතා කිරීමට හැකි නායකයෙකුට බවය.

තමන් එක්සත් ජාතික පාක්ෂිකයෙකු බවත් එහෙත් තමන්ට පක්ෂයේ සභාපතිවරයාට  හෝ  ලේකම්වරයාට හදිසියකදී ඇමතුමක් ලබා ගැනීමට නොහැකි බවත් එම ඇමතුම පවා ලබා ගන්නේ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් යැයි චෝදනා කළේය.

එහෙත් මහාමගදී   දුටුවිට  හව් ආ යු  යැයි පවසන බවද කීවේය. එවැනි ක්‍රියාවන්  තමා ප්‍රතික්ෂේප කරන බවද ඩල්ජිත් අලුවිහාරේ මහතා කීවේය.

 නායකයෙකුට කතා කරනු ලබන්නේ ජනතා ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට බවත් එවැනි අවස්ථාවට කතා කිරීමට නොමැතිනම් දේශපාලනය බදාගෙන සිටින්නේ කුමකට දැයි තමන් ප්‍රශ්න කරන බවත් එවැනි නායකයන් අනවශ්‍ය බවද කීවේය.

 තමන් මහින්ද රාජපක්ෂ මහතාට ඕනෑම අවස්ථාවක කතා කිරීමට දුරකථනයෙන් කතා කිරීමට හැකි බවද ඇයි මල්ලි මොකක්ද ප්‍රශ්නේ කියා විමසන බවද කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා ජනතාවාදී නායකයෙකු ලෙස මේ රටේ සේවය කළ බවත් ඔහු යුද්ධය අවසන් කළ බවත් එම නිසාම ඔහුට මිනිස්සු ආදරය කළ බවද කීවේය.

නමුත් ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව එතුමාට නැවත බලයට පැමිණීමට නොහැකි බවත් එවිට අප කල්පනා කළ යුතු වන්නේ එම අඩිපාරේ තම පියාගේ අඩි පාරේ යායුතු බවය. මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පියාගේ අඩිපාරේ ගිය බව කියා සිටියේය .

මහින්ද රාජපක්ෂ මහතාගේ පිටුපස සිටි හෙන්චයියන් ඔහු වීනාශ කළ බවත් බලය ලැබෙන විට විවිධ හෙන්චයියන් පිටු පස්සෙන් එන බවත් අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා පිටුපස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පිටිපස්සෙත් හෙන්චයියන් එන බව කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළේ එවැනි කණ්ඩායම් බවත් ඕනෑම වැඩක් සිදුකරගෙන යද්දී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කරමින් ගමන් කරන බවද හෙතෙම කියා සිටියේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන අගෝස්තු 06 වැනිදා සාක්ෂි ලබාදෙන බව එම කාරක සභාවේ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කර ඇත.

එදිනට තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද සාක්ෂි විමසීම සඳහා කැඳවීමට නියමිත බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් කැබිනට් අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද එදිනම සාක්ෂි විමසීම සඳහා කැඳවන බව එම කාරක සභාවේ නියෝජිතයෙකු සඳහන් කර ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ශ්ව රැසකින් සාක්ෂි විමසීම සිදුකර තිබෙන අතර එහි අවසන් වාර්තාව ලබන මස අවසානයට පෙර ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනතාවට වඩාත් කාර්යක්‍ෂම සේවාවක් ලබා ගැනීමට හැකි වන පරිදි රටේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට ගත වූ වසර කිහිපය තුළ ආණ්ඩුව පියවර ගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එහි ප්‍රතිඵල ඉදිරි වසර කිහිපය තුළ ලබාගැනීමට හැකි වනු ඇති බව පැවසීය.

වත්මන් ආණ්ඩුව 2015 සිට මේ දක්වා විවිධ අභියෝගවලට මුහුණදෙමින් නවීන ආර්ථිකයක් හා ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා කැපවූ බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 5533 ක් වැය කරමින් නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ ඉදිකරන ලද  "නිල මැඳුර” ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

"2015 වසරේ බලයට පත්වීමත් සමඟ බස්නාහිර පළාත තුල මහා නගර ඇතිකිරීම රජයේ ප්‍රමුඛ අරමුණක්ව තිබුණා. බස්නාහිර පළාත තුල පිහිටි නගර සියල්ල නවීකරණය කර සංවර්ධනය කිරිම අපේ අවශ්‍යතාව වුණා. එම සියලූ මහනගර වල කොළඹ දිස්ත්‍රික් කාර්යාලය හැටියට අද විවෘත කළ මෙම නිල මැඳුර සංකීර්ණය හදුන්වන්න පුවවන්. අභියෝග රාශියකට මුහුණ දෙමින් රට සංවර්ධනය කරා ගෙන යාමට අපට හැකිවුණා.  පසුගිය වසර හතරක කාලය තුල රට ස්ථාවර කිරීමට අප පියවර ගත් නිසා අනාගතය දෙස බලමින් රට නවීකරණය කිරීමේ කාලය දැන් එළඹි තිබෙනවා. රජය තුලත් පෞද්ගලික අංශය තුලත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරමින් ශ්‍රී ලංකාව අපනයන කේන්ද්‍රයක් බවට පත්කිරීම අපගේ තවත් ඉලක්කයක් වි තිබෙනවා. එහි එක් පියවරක් වශයෙන් අක්කර 600ක් වන කොළඹ වරාය නගරය භූමිය පාර්ලිමේන්තුව තුල යෝජනා සම්මතයකින් කොළඹ දිස්ත්‍රික්කයට ඇතුලත් ස්වෛරීය භූමියක් බවට පත්කිරීමට අප පියවර ගත්තා. ශ්‍රී ලංකාව අපනයන ‍කේන්ද්‍රයක් බවට පත්කිරීම වෙනුවෙන් වරාය නගරය මුල්‍ය මධ්‍යස්ථානයක් බවට පත්කිරීමත්, ඩුබායි හා සිංගප්පුරුවේ සිදුවන ආකාරයට රටවල් දෙකක් අතර වරාය නගරය තුල සිදුවන ගණුදෙණු සඳහා බදු සහන ලබාදීමටත් අප පියවර ගන්නවා."

2015 ජනවාරි වත්මන් පාලනය විසින් මේ රට භාර ගන්නා අවස්ථාව වන විට රාජ්‍ය පරිපාලනය හා රාජ්‍ය සේවය දැඩි පිරිහීමකට ලක්ව තිබූ බව මෙහිදී පෙන්වා දුන් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ඒ සියලූ ගැටලූ නිරාකරණය කර ගනිමින් කොන්ද කෙලින් තබාගෙන වැඩ කළ හැකි රාජ්‍ය සේවයක් ඇති කිරීමට හැකි වී තිබෙන බව ද පැවසීය.

දිස්ත්‍රික් පරිපාලනය හා ප්‍රාදේශීය පරිපාලනය විධිමත්ව ඉදිරියට ගෙන යාමට නම් මහජන සේවය ඉටු කරන සේවක සේවිකාවන්ට පහසුකම් සලසා දිය යුතු බවත්, ඒ අනුව රටේ සියලූම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩ පහසුකම් සලසා දෙමින් නිල සෙවන කාර්යාල 14222 ක් අලූතෙන් ඉදිකිරීමට වත්මන් රජය පියවර ගත් බවත් පැවසීය.

බුද්ධි අංශ ප්‍රතිව්‍යුහ ගත කිරිමට තමන් උපදෙස් දුන් බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් මාස 2ක් තුළ අත්අඩංගුවට ගත් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම සැකකරුවන්ට නීතිය අනුව කටයුතු කිරීමට නොබෝ දිනකින්ම නීතිපති ආරම්භ කරනු ඇති බවත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ සේවය අගය කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.



DLB Desktop