October 17, 2019

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියු වාර්තාවේ වරදක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (07) සුගතදාස ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එහිදී අගමැතිවරයා අපේක්ෂකත්වයට කැමති බවත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කර විසඳුමකට එන බවත් පමණක් ප්‍රකාශ කළ බවයි.

නමුත් ජනතා අපේක්ෂාව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් ඉදිරියට තැබූ අඩිය කිසිදු ලෙසකින් පසුපසට නොතබන බවත් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව නොපැවෙත්වෙන බවත් එය ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත බවත් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත්  ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් ඉරිදා (8) පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා මෙලෙස ඔවුන් දෙදෙනා පමණක් හමු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර අද (6) අරලියගහ මන්දිරයේ පැවති දීර්ඝ සාකච්ජාවේදී ගත් තීරණයක් අනුවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙසින් ජනාධිපතිවරණ අපේක්ෂයකයා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බවත්, ඊට සහයෝගය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුව ආරම්භයේ දී සඳහන් කළ බව සාකච්ජාවට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර ඇත.

එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම හමුවට නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නොසිටියේය. මෙම හමුවේදී රාජ්‍ය ව්‍යවසායක හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය සහ සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂයේ සභාපති මහාමාර්ග සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට දිගින් දිගටම දෝෂාරෝපණය කිරීම හේතුවෙන් එජාප සභාපතිවරයා රැස්වීම අවසන් වීමට පෙර එයින් පිටව ගියේය.

පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ වලට එරෙහිව ක්‍රියා කරන්නේ නම් එක්සත් ජාතික පක්‍ෂ ධුරයෙන් ඉවත්ව කටයුතු කරන ලෙස ද අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අමාත්‍ය කබීර් හෂීම් මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින් චෝදනා කර තිබේ.

පක්‍ෂ නායකත්වය ගන්නා තීරණ අනුව පාර්ලිමේන්තුවේදී ක්‍රියාකිරීමට නොහැකි නම් තමා සභා නායක ධූරයෙන් ඉවත්වන බව සඳහන් කර ඇති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එදා අගමැති නම් කළ විෂයන් තමන්ට දීමට විරුද්ධ වූයේ පක්‍ෂ සභාපති කබීර් හෂීම් මහතා යැයි ද එහිදී සඳහන් කර තිබේ.

පක්‍ෂ සභාපති ධුරයේ රැඳී සිටිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද කබීර් හෂීම් මහතා ගිය බව සඳහන් කළ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා දිස්ත්‍රික්කයවත් ජයගැනීමට නොහැකි අයෙකු ලෙස කබීර් හෂීම් මහතාගේ ක්‍රියාකලාපය තමන් කිසි ලෙසකින්වත් අනුමත කරන්නේ නැතැයි ද සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ සියල්ලටම කලින් පක්ෂයේ විනය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වන බවයි.

එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම සාකච්ජාව සඳහා ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, දයා ගමගේ, යන අමාත්‍යවරුන් සහභාගී වී තිබේ.  

(ලංකාදීප)

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ගොඩ නැගීමට නියමිත ජනතා ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව අරලියගහ මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වූ ප්‍රකාශය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කෙරෙන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

ඒ අනුව කථානායක කරූ ජයසූරිය මහතාට ජනාධිපති අපේක්ෂකත්වය හිමි වීමේ අවස්ථාව ඉතා අවම තත්වයකට පත් ව තිබේ.

සන්ධානය ගොඩ නැගීමේ කටයුතු ප්‍රමාද වීම පිළිබඳව ඊට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින පක්ෂ මෙන්ම පුද්ගලයින් සිය අප්‍රසාදය පළ කර තිබේ. 

ගෝලීය ත්‍රස්තවාදය , මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක්ව විසඳුම් සෙවිය යුතු බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ දී  පැවසීය.

 දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) දින මාලදිවයින් ජනාධිපති මන්දිරයේ දී එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව දෙරට නායකයන් දෙපළ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.
 
නාවික ගමනා ගමන කේන්ද්‍රස්ථානයක පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතු බවද එහිදී  අග්‍රාමාත්‍යවරයා  පැවසීය.
 
එම ඒකාබද්ධ ප්‍රකාශයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා සහ මාලදිවයින් සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා පැවැති රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉතා ඵලදායී වූ බව සඳහන් කළ යුතුයි. අපගේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දැනට පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි. දෙරට අතර මෙතෙක් පැවැති සබඳතා තවදුරටත් සමාලෝචනය කරමින් ඉදිරියට යාමට අප අදහස් කරනවා.
 
දෙරට අතර විධිමත් සබඳතා වර්ධනය කර ගත හැකි නව ක්ෂේත්‍ර පිළිබඳව ද අප මෙහිදී අවධානය යොමු කළා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් දෙකම පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරයේ නාවික ගමනා ගමන කේන්ද්‍රස්ථානයකයි. එම පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් එයින් දෙරටේම ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කෙසේදැයි අප කල්පනා කළ යුතුයි. ඒ තුළින් දෙරටේම ආර්ථිය තව තවත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා මාලදිවයින් ජනතාවට අවයව බද්ධ කිරීම් වැනි පහසුකම් සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල සේවය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.

ශ්‍රී ලංකාව යනු මාලදිවයින් ජනතාවගේ "දෙවැනි ගෙදරයි". අතීතයේ සිටම එම සබඳතා නොනැසී පවත්වා ගන්නට අපට හැකියාව ලැබුණා. දෙරට අතර අනවශ්‍ය පරිදි වීසා කොන්දේසි පැනවීමට අප කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැහැ. 

දෙරට අතර වෙළෙඳ කටයුතු, ආර්ථික සහයෝගීතාව, සමාජීය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ද මමත්, මාලදිවයින් ජනාධිපතිතුමාත් අතර පැවැති සාකච්ඡාවේ දී අවධානය යොමු කළා. ඉතා ඉක්මනින් එම සාකච්ඡාවල ප්‍රගතිය දැක ගැනීම අප දෙදෙනාගේම අරමුණයි.
 
මෙම ගෝලීය ත්‍රස්තවාදය අප සැමට පොදු වූ තර්ජනයක් බව සඳහන් කළ යුතුයි. අප එක්ව එම තර්ජනයට මුහුණදිය යුතුව තිබෙනවා. ත්‍රස්තවාදය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ද දෙරටටම පොදු වූ තර්ජනයක් වී තිබෙනවා. ඒ සඳහා ද අප එකට එක්ව විසඳුම් සෙවිය යුතු බව මගේ හැඟීමයි.
 මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා:-

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංස්කෘතික මෙන්ම සමාජ සබඳතා ලිඛිත ඉතිහාසයටත් වඩා ඈතට දිව යනවා. මාලදිවයිනේ සෞඛ්‍ය, අධ්‍යාපන, තරුණ කටයුතු, ක්‍රීඩා ආදී විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන නොමද සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින මේ යුගයේ දී ලබා ඇති සංවර්ධන ප්‍රගතිය පිළිබඳව අප මෙහිදී සමාලෝචනයට ලක් කළා. ඒ අනුව ඉදිරි කටයුතු වඩාත් ශක්තිමත් සහයෝගීතාවකින් සිදු කිරීමට හැකි වනු ඇති බව මගේ හැඟීමයි.

ශ්‍රී ලංකාවේ ජනතාව මාලදිවයිනේත් මාලදිවයිනේ ජනතාව ශ්‍රී ලංකාවේත් ආර්ථිකය ශක්තිමත් කිරීමේ කටයුතු සඳහා විශාල දායකත්වයක් සපයමින් සිටින බව කිව යුතුයි. එම දායකත්වය ඉදිරියටත් තව තවත් වර්ධනය කර ගනිමින් දියුණුව කරා යාම අපගේ අරමුණයි.

රට ගොඩනැගිය හැක්කේ සටන් පාඨවලින්, ජාතිවාදය ගොඩනැගීමෙන් නොවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කීවේය.
 
 කුලියාපිටිය නගර සභා රථ ගාලේ පැවැති ජන හමුවකට එක්වෙමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේය.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේ පැවසීය.
 
 ‘‘මං බෝක්කු හදන්නේ නෑ. මං බෝක්කු කාරයෙක් නෙවේ. මං ඉන්නේ රට හදන්න. රට බෝක්කුවට දාන්න ඕනෙ නම් බෝක්කුකාරයන්ට භාර දෙන්න. රට හදන්න ඕනෙනම් අපි එක්ක එන්න කියලා කියන්න කැමතියි. අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරනවානම් මේ රට ගොඩගන්න පුළුවන්. කෑ ගහලා සටන් පාඨ කියලා, ජාතිවාදයෙන් රට ගොඩගන්න බෑ. අපි මේ ආණ්ඩු දාලා පැනලා ගියේ නෑ. යන්නෙත් නෑ."

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ඊයේ (01) දායක සභාවේ බහුතර අනුමැතිය හිමිවූ බවට මාධ්‍ය වාර්තා පළ විය. 

ඒ ඊයේ පස්වරුවේ, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දායක සභාව රැස්වීමෙන් අනතුරුව බව දැක්වෙයි.

මෙම ප්‍රවෘත්තිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැන ගැනීමට ලැබුණේ ඔහු ඊයේ සවස තම පවුලේ ඥාතියකුගේ විවාහ උත්සවයකට සහභාගී වී සිටින අතරතුරය. 

මේ පිළිබඳව අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි කැලණිය රජමහා විහාර දායක සභාවේ සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තමන් ක්‍රියාකරන බවයි.

එසේ වුවද, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් සම්බන්ධයෙන් දායක සභාවේ සාමාජිකයන් විසින් එල්ල කර ඇති චෝදනා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට දායක සභාව විසින් කටයුතු කළ යුතු බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. 

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඉවත් වී දෙවන පෙළ දක්ෂ නායකයකුට පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය බාරදිය යුතු යැයි එක්සත් නීතිඥ සංගමය පවසයි.

දීර්ඝ කාලයක් පක්ෂ නායකත්වයේ ඉන්නා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිඳු මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නැතැයිද ජයග්‍රහණය කළ හැකි නායකයකු පක්ෂයට අවශ්‍ය බවද එක්සත් නීතිඥ සංගමයේ නිලධාරීන් කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම යනු ඒකාධිපති පාලකයකුට  මේ රට මල් බදුනක තබා පූජා කිරීමක් විය හැකි බවද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එක්සත් නීතිඥ සංගමයේ නිලධාරීහු කීහ.

රනිල් වික්‍රමසිංහ සමයේදී එජාපයේ ඡන්ද පදනම බරපතල ලෙස කඩා වැටුණු බවද ඊට ඔහු වගකිව යුතු බවද එහිදී ඔවුහු කීහ.

එක්සත් නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සමලේකම්වරුන් වන නීතිඥ ගුණරත්න වන්නිනායක සහ අතුල රණගල යන නීතිඥ මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

සැබවින්ම රට ජාතිය ආරක්ෂා කිරීමට නම් අපනයන කර්මාන්තය දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය මඟින් සංවිධානය කළ බතික් ලංකා ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ නුග සෙවන පරිශ්‍රෙය්දි පැවැත් විය.

රට අපනයනය ආර්ථිකයකට පරිවර්තනය කළ යුතුව තිබෙන බවත් පැවසු අගමැතිවරයා, අපනයනය දියුණු වී ආදායම වැඩි වන්නේ නම්‍, රටේ ආදායම නිරන්තරයෙන් වැඩිවෙන බවද කියා සිටියේය.

ලෝකයේ දියුණු වු සෑම රටක්ම දියුණු වී ඇත්තේ අපනයනය කර්මාන්තයෙන් බවත් පැවසු අගමැතිවරයා, 1979 තමා චීනෙට යන විට බයිසිකල් පමණක් තිබු නමුත් අද තියෙන්නේ කාර් පමණක් බවත් පැවසීය.

චීනය දියුණු වී ඇත්තේ, අපනයනය කර්මාන්තය නිසාවෙන් බවද පැවසු අගමැතිවරයා, ආණ්ඩුවෙන් අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දීමට සුදානම් බවද කියා සිටියේය.

ඉදිරි වර්ෂ කීපයේ දී එම ප්‍රාග්ධනය ලබා දීමට කැමති බවත් මෙය අද වන විට තිබෙන මුලික ප්‍රශ්නයක් බවත් පැවසු වික්‍රමසිංහ මහතා, රට ජාතිය බේරා ගැනීමට නම් අපනයන ආර්ථිකයට යා යුතු බවත් සඳහන් කළේය.

ඒ ගැන කථා කළ හැකි අයෙක් වේ නම් ඒ අයට අනාගතයට යා හැකි බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂයෙන් කුමන අපේක්‍ෂකයා ඉදිරිපත් වුවද ඔහුට එම පක්‍ෂයේ එක් පළුවක සහයෝගය නොලැබීම ස්ථිර යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

සජිත් පැමිණියහොත් රනිල් පිලද රනිල් පැමිණියහොත් සජිත් පිලද නිසැක වශයෙන්ම සහායෝගය නොදෙන බවත් මන්ත‍්‍රීවරයා කියයි.

එනිසා එක්සත් ජාතික පක්‍ෂයට අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සිදුව ඇත්තේ කණ්ඩායම් එක් කරගත් පක්‍ෂයක් ලෙස නොව කැඩී විසිරී ගිය පක්‍ෂයක් ලෙස බවද ඔහු කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

"මම සජිත්ට අපේක්ෂකත්වය දෙන්න කැමතියි. හැබැයි මේ කට්ටිය කැමති කරගෙන එන්න" යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ ඇමතිවරු පිරිසක් හමුවේ පවසා තිබේ.

මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර යන ජේෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනා ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ජාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ඒ අනුව රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, සාගල රත්නායක ඇතුළු පිරිසකගේ නම් අග්‍රාමාත්‍යවරයා විසින් පවසා ඇත. 

කථානායක කරූ ජයසූරිය මහතා සමඟ එජාප ජේෂ්ඨයින් සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සහය ඉල්ලා සාකච්ජා කර තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. කථානායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.



DLB Desktop