October 17, 2019

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබදව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ මෙතෙක් දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රහණය කල හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුය යන මතයේ සිය පක්ෂය සිටින බවයි. 

සුළු පක්ෂවල නායකයින් එකතුව සාකච්ඡා කර ගන්නා තීරණය , එක්සත් ජාතික පෙරමුණේ හමුවක් නැවත කැදවු අවස්ථාවකදි ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 

නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ තීරණය දැනුම් දුන් විට ඒ සම්බන්ධයෙන්ද පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ජයග්‍රාහනය කිරීමට හැකි කෙනෙකු මැතිවරණය ඉදිරිපත් කර යුතුය යන්න යෝජනා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නිවැරදි වේලාව පැමිණි විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුව රටට හ හෙළි කරතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාපති අපේක්ෂකයා ලෙස වත්මන් අග්‍රාමාත්‍යවරයාම එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුවත් එය ගැටළුවක් නොවන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

නමුත් ජයග්‍රහනය කරා යාමට පක්ෂය තුල අශිර්වාදය සහ මැදපෙළේ සමාජිකයන්ගේද සහය ලැබි ඇති පිලිවේලක් තිබේන බැවින් ඒ හා එකතුව කටයුතු කිරීම ජයග්‍රාහනයට හෙතු විය හැකි බවද මන්ත්‍රීවරයා පවසයි.

පක්ෂකයාගේ අවශ්‍යතාව පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේදි රටට හෙළි කරන ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා පරිත්‍යාගශිලි නායකයෙක් මෙන්ම රටට ආදරය කරන නායකයෙන් වන බැවින් රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි තීන්දුව ඉදිරිපත් කරනු ඇති බවට විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා ධනාත්මක ශුභවාදී සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත  සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත්ප්‍රේමදාස මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර  කොළඹ අරලියගහ මන්දිරයේ දී ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවෙන් පසු අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බව කී සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින වලදී  පැවැත්වීමට අදහස් කරන බවද පැවසීය.

සාකච්ඡාවේ සියලු කතා හෙළි කළ නොහැකි වන්නේ ප්‍රතිවාදීන්ට එයින් යම් වාසියක් අත්වන නිසා බව කී සජිත් ප්‍රේමදාස මහතා බුදුබව ලබන්නත් පෙරුම් පුරන්නට අවශ්‍ය වූ බවත් තමන් උකුස්සෙක් රාජාලියෙක් නොව සද්දන්ත ඇතෙක් බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ධනාත්මක මතයක සිටින බව ද ඉතා කෙටි කලකින් සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ජය ගැනීම සඳහා වන මැතිවරණ උපක්‍රමද මෙහිදී සාකච්ජාවට බඳුන් වී ඇති අතර අපේක්ෂකයා කව්රුන් වුවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කලයුතු බවට වැඩි දුරටත් සාකච්ජා වී තිබේ.

19 වන ශත වර්ෂයේ ඇරඹූ බ්‍රිතාන්‍ය ආර්ථික ක්‍රමය තුළ තවදුරටත් සිරවී සිටිය නොහැකි බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලූත් ආර්ථිකයක් වෙත රට යොමු කළ යුතු බව පවසයි.

විශාල ණය බරක් සහිත සහ අපනයනය කඩා වැටුණු රටක් තම ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූ බව ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියලූ අභියෝගවලට මුහුණදෙමින් කතාව වෙනුවට සීඝ්‍රයෙන් වැඩ කරන යුගයක් ඇරඹූ බව සිහිපත් කළේය. 

කොළඹ මහනගරය, මාර්ග පද්ධතිය හා වරාය දියුණු කිරීම මඟින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කැපවී ක්‍රියා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

අගමැතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (10) කොළඹ වරාය පරිශ්‍රයේ දී, වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. 

චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්රාක්ෂන් සමාගම හා මාර්ග සංවර්ධන අධිකාරිය අතර අදාළ ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා චීන තානාපති චෙං ක්ෂුආං (H.E.Chang Xueyuan) යන මහත්වරුන්ගේ ඉදිරියේ සිදු කරනු ලැබීය.

19 වන සියවසේ සුද්දන් විසින් ඇති කරනු ලැබු මාර්ග පද්ධතියට පසුව තම ආණ්ඩුව විසින් පමණක් නව මාර්ග බිහි කළ බවත් පැවසු අගමැතිවරයා, ඉන්දියන් සාගරයේ ලස්සනම නගරය බවට කොළඹ පත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේ පැවසීය.

“ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව ඇති චෝදනාව වැඩ නොකිරීම නොවේ. චෝදනාව වන්නේ සීඝ්‍රයෙන් වැඩ කිරීම හා ඒ පිළිබඳව කතා නොකිරීමයි. අපි අලූත් නගරයක් ගොඩනගා තිබෙනවා. අපි එය සිදු කළේ රටේ ආර්ථික ප්‍රශ්න ඇති අවස්ථාවකයි. සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකර ඒවායේ ණය ගෙවීමට අපට සිදුව තිබූ අවස්ථාවකයි. මේ අභියෝග මධ්‍යයේ අපි උත්සාහ දරන්නේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩසටහන් ඉදිරියට ගෙන යාමටයි. අලූත් කොළඹ නගරයක්, අලූත් මාර්ග පද්ධතියක් අපි ඇති කර තිබෙන්නේ අලූත් ආර්ථිකයක් සමඟයි.  බ්‍රිතාන්‍යයන් 19 වන ශත වර්ෂයේ ඇති කළ ආර්ථිකයෙන් අපට තවදුරටත් ජීවත් වන්නට බැහැ. අපගේ බලාපොරොත්තුව රටක් ලෙස ඉදිරියට යාමටයි. "

එහිදී අදහස් දැක්වූ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසූයේ 1990 දී සිටම කොළඹ මාර්ග පද්ධතිය විධිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ අවශ්‍යතාවය වර්තමානයේ දී ඒ මහතාගේ උපදෙස් පරිදි යථාර්තයක් බවට පත්වෙමින් තිබෙන බවයි. 

කොළඹ නගර සීමාව තුළ සිදුවන විශාල පරිවර්තනයට අගමැතිවරයාට ගෞරවය හා ස්තූතිය හිමි විය යුතු බව ද කබීර් හෂීම් මහතා පැවසීය. 

නාගරික සංවර්ධනය පමණක් නොව, ග්‍රාමීය සංවර්ධන කටයුතු ද අගමැතිවරයා ලබාදුන් උපදෙස් පරිදි ඉතා වේගයෙන් වත්මන් ආණ්ඩුව සිදු කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ මල්වාන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කිසිදිනක එක්සත් ජාතික පක්ෂය අත්හැර නොයන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණනය ඇත්තේ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එකතු වුණ හොත් පමණක් බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.

අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරයා වූව හොත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය විය යුතු බවයි.
 

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(10) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
 
අද රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්ව සාකච්ඡා කොට අවසන් තීරණයක් ගත යුතු බවට පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී යෝජනා විය.

අදාළ සාකච්ඡාව පසුගිය ඉරුදින පැවැත්වීමට නියමිතව තිබුණ ද පසුව එය අද දිනය දක්වා කල් දමනු ලැබීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවීමක් කර තිබේ.

මේ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 12 වැනි දා පෙරවරු 9.30 ට පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දුෂණ පිළිබඳ සොයා බලන කොමිසම හමුවට පැමිණිය යුතු යැයි දන්වමින් අද සවස සිතාසි නිකුත් කෙරුණි.

එම නියෝගය ෆැක්ස් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයටත්, අරලියගහ මන්දිරයටත් යොමු කර ඇති අතර හෙට එය ගෙන ගොස් භාරදීමට ද නියමිත වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවනු ඇති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර අද පැවැත්වීමට නියමිත හමුවේදී ඔවුන් දෙදෙනා අවසන් එකඟතාවයකට එනු ඇති නමුත් එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා තීරණය වන්නේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

මහනුවරදී මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

එසේම තමන් හා අමාත්‍ය කබීර් හෂීම් මහතා අතර ගැටලුවක් නොමැති බවත් අදහස් හවුමාරුවක් සිදුවූ බවත් ඔහු සඳහන් කළේය.

“කබීර් හා මං හොඳ මිත්‍රයින්. අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවුණා. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්.සංවාද තිබෙනවා. කබිර් එක්ක ප්‍රශ්නයක් නෑ. පක්ෂයේ බෙදීමක් නෑ. සජිත් ප්‍රේමදාස මහතාත් තියාගෙන යන්නේ එක්ස්ත් ජාතික පක්ෂයේ රැස්වීම්. කවුරුත් මහන්සි වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න. අද අවසන් තිරණය ඒවි. සජිත් ඇමතිතුමත්  අගමැතිත් අද හමුවෙනවා. ඔවුන් අතර කිසිම ප්‍රශ්නයක් නෑ. අගමැතිතුමා හා සජිත් තාත්තයි පුතයි වගෙයි. හොඳ තේරුම් ගැනීමක් තිබෙනවා. මේ හමුව්දී අපේක්ෂකයා තීරණය වෙන්නේ නෑ. දෙපාර්ශ්වය අතර එකඟතාවත් ඇතිවේවි. එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය තමයි අපේක්ෂකයා තොරන්නේ. පොහොට්ටුවේ අපේක්ෂකයා ඇමෙරිකාවේ පුරවැසියෙක්. මහින්ද රාජපක්ෂ හැරෙන්න ඔක්කොම ඇමෙරිකන් ජාතිකයන්. ඔවුන් ඇමෙරිකාවේ පිං පඩි ගත්තා. අපිටත් රට අත්හැර යන්න තිබුණා. නමුත් අපි රටට ආදරය කරන පිරිසක්.”

රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබතුමා වෙනුවෙන් අපි අපේ ජීවිත කැප කරලා පක්ෂය ආරක්ෂා කළා නම් අද අපේ පාක්ෂිකය ආරක්ෂා කිරීමට ඔබතුමාට අවස්ථාවක් තිබෙනවා යනුවෙනි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති පළාත් පාලන නියෝජිත හමුවේදී පැවසීය.

මෙය පක්ෂයේ නායකයාගෙන් කරන ආයාචනයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

2014 දී පක්ෂය වැටී තිබෙන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී එජාපය ගොඩගැනීමට කටයුතු කළ හෙයින් මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම ඉල්ලීම කිරීමට තමන්ට හැකි බවයි ඔහු කියාසිටියේය. 

ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන බව තමන්ට විශ්වාස අතර පක්ෂයේ නායකයා ලෙස ඔහු මේ කරමින් හිඳින්නේ සජිත් ප්‍රේමදාස මහතා පිම්බීම දැයි සිතෙන බවත් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 

කෙසේවෙතත් සිය නායකත්වය වන රනිල් වික්‍රමසිංහ මහතාගේ  හැසිරීම හඳුනා ගැනීමට තවදුරටත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට හැකි වී නැති බව නම් ඔහුගේ කතාවෙන්ම සහතික කර තිබේ.   

නූපන් පරම්පරාවව වෙනුවෙන් වත්මන් ආණ්ඩුව පරාජය කිරීම ජනතාවගේ වගකීමක් බව විපක්ෂ නායක බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (07) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති මහජන එක්සත් පෙරමුණේ සමුළුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයට තවමත් ඒකමතිකව අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ගත නොහැකි වී ඇති බවයි.

කෙසේ වෙතත් කුමන අපේක්ෂකයා ඉදිරිපත් වුවද පොදු ජන පෙරමුණට ඔවුන් පරාජය කළ හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

"එජාපය අපේක්ෂකයා තෝරා ගන්න බැරුව ඊයේ වෙනකල් ඇඳ ඇඳ හිටියා. ඊයේ නම් කියලා තියෙනවා මම එනවා කියලා රනිල්. හැබැයි අනිත් එක්කෙනා කියලා නෑ තාම එයා එන්නේ නෑ කියලා. රනිල්ට නම් ටිකක් හරි පිට කොන්දක් තියෙනවා කියලා පෙන්නලා තියෙනවා.  දැන් බලන්න ඕනෙ සජිත්ට පිට කොන්දක් තියෙනවාද කියලා එයා කියපු එක කරයිද නැත්තම් ඔක්කෝම පාවලා දීලා ආපහු ඔඩොක්කුවට රිංගයිද කියලා. අපිට නම් තුන්දෙනා එකට තියලා ගැහුවත් එකයි. තනි තනියෙන් ආවත් එකයි. අපිට පුළුවන් ඔවුන්ව පරද්දන්න."
යනුවෙන් ද ඒ මහතා පැවසීය.

එසේම වෙනත් රටකට වහල් වීමට ශ්‍රී ලංකාවට හෝ ජනතාවට අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.



DLB Desktop