October 17, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්  පසු ප්‍රථම වතාවට රටේ සියලූ ජන කොටස් එකමුතු වූ නමුත්, පසුව සංවිධානාත්මකව සිදු කළ දේශපාලනික ජාතිවාදී වැඩ කටයුතු ඔස්සේ යම් යම් කොටස් ඒ එකමුතුව බිඳ දමන්නට කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (06) දින එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්  සමඟ  පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා  පෙන්වා දුන්නේ පසුගිය සතිඅන්තයේ පැවැති සත්‍යග්‍රහ  ව්‍යාපාර  හා ඒ සමඟ ඇති වූ ජාතිවාදී ව්‍යාපාර  හේතුවෙන් මුස්ලිම් අමාත්‍යවරු  තනතුරු අත්හැරීම සහ මුස්ලිම් ජනතාව ඈත් වීම සුභදායී තත්ත්වයක් නොවන බවය. 

මේ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික  මහානායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශය  සමඟ  සම්පූර්ණයෙන් ම එකඟ වෙන බවත්, ජාතීන් වශයෙන් බෙදීම ඉතා නරක තත්ත්වයක් බවත් අගමැතිවරයා අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්  පසුව රටේ සිංහල ජනතාව එකට එකතු වුණා. දෙමළ, මුස්ලිම් ජනතාව ද ඔවුන් සමඟ  එකතු වුණා. එවැනි එකමුතු වීමක් මීට පෙර සිදුවී නැහැ. එම එකමුතුකම පදනම් කර ගනිමින් ඉදිරියට යාමට අවශ්‍ය  වැඩපිළිවෙළක් අපි සකස් කළා. නමුත් පසුගිය සති අන්තයේ පැවැති සත්‍යග්‍රහය  සහ ඒ සමඟ ඇති වූ ජාතිවාදී ව්‍යාපාරය  හේතුවෙන් මුස්ලිම් අමාත්‍යවරු  රජයෙන් ඉවත් වුණා. මේ හේතුවෙන් මුස්ලිම් ජනතාවත් මේ එකමුතුවෙන් වෙන් වී යාමක් සිදුව තිබෙනවා. එය රටට හොඳ තත්ත්වයක් නොවන බව අප තේරුම්ගත යුතුයි. ඔවුන් පසුගිය සති අන්තයේ ක්‍රියාත්මක  කළේ ජාතිවාදී ව්‍යාපාරයක්  බව කිව යුතුයි.

"ත්‍රස්තවාදී  ප්‍රහාරයේ  බෝම්බකරුවන්, සැකකරුවන්, කුමන්ත්‍රණකරුවන්  හඳුනා ගැනීමට, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අප ශිඝ්‍රයෙන්  කටයුතු කරමින් සිටියා. රටේ නීතිය සහ සාමය ආරක්‍ෂා කිරීමට කටයුතු කළා. නමුත් ඇතැම් පිරිසක් එම ආරක්‍ෂක තත්ත්වය බිඳ දැමීමට කටයුතු කළ ආකාරය පසුගිය දිනවල දී අප දුටුවා. කුලියාපිටිය ප්‍රදේශයේදි  සිදුවුණේ දේශපාලනිකව සිදු කළ ජාතිවාදී වැඩසටහනක්. පසුගිය සති අන්තයේදීත් සිදුවුණේ දේශපාලනිකව   සිදු කළ ජාතිවාදී වැඩසටහනක් ක්‍රියාත්මක  වීමයි. ව්‍යාපාර  ස්ථාන වසා දමන ලෙසත් පැවසුවා. ප්‍රාදේශිය  සභා මට්ටමේ මන්ත්‍රීවරුන්  විසින් මෙම ජාතිවාදී කෝලාහලය මෙහෙය වූවා. මෙම ජාතිවාදී ගැටලූ ඇති කළේ සංඝයා වහන්සේලා නොවෙයි. එය ඇති කළේ   දේශපාලනඥයින් බව පැවසිය යුතුයි. ඔවුන් හැම දෙයක්ම සිදු කළේ දේශපාලන වාසි ලබා ගැනීමට” බව අගමැතිවරයා වැඩිදුරටත්  පැවසීය.

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊයේ (05) අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා පැවසූයේ දිවයිනේ සියලු පාළාත්වල පොසොන් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීම සඳහා සියලු සැලසුම් දියත් කර ඇති බවයි.
 
අනුරාධපුරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන පොසොන් උත්සව කටයුතු සඳහා ලක්ෂ, දහයකට අධික බැතිමතුන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් සියලු පහසුකම් සංවිධානය කර ඇති බවද මේ සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

වෙසක් උත්සවය වෙනුවෙන් ඉදි කිරීමට නියමිතව තිබූ තොරන් ගණනාවක් එවක පැවති ආරක්ෂක තත්ත්වය මත ප්‍රර්ශනය නොකෙරුණ ද, ඒ සියල්ලම පාහේ පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලීමට පොලීසිය ඇතුළු ආරක්ෂවක අංශ කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. 

 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් හමුවීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, පවතින වාතාවරණය තුළ රටේ බොහෝ දෙනෙකු ආර්ථික වශයෙන් අසරණව සිටින බවයි.

රජය මේ පිළිබඳව අවධානය යොමු කර ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටීම සඳහා විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයා හමුවන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී ආරක්ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දේශපාලඥයන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමේ සිදුවීම නිසා ජනාධිපති මෛත්‍රී හා  අගමැති රනිල් අතර පවතින මත ගැටුම උග්‍රවී ඇතැයි පුවත්පතකට වාර්තා වී ඇත.

අදාළ ප්‍රශ්න කිරීම් නිසා ජාතික ආරක්ෂාවට ඉතා සංවේදී කරුණු හෙළිදරව් වීම හා අදාළ දේශපාලඥයින්ගේ ප්‍රශ්න කිරීම් දේශපාලනික ස්වභාවයක් ගැනීම නිසා මෙම අර්බුදය හටගෙන ඇතැයිද වාර්තාවේ.

අදාළ ප්‍රශ්න කිරීම් සිදුවූ ආකාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අප්‍රසාදයට පත්ව ඇති අතර ජනාධිපතිවරයා මේ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද දැඩි විරෝධය දක්වා ඇති බවද ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග එම පුවත්පතට සඳහන් කර ඇත.

එමෙන්ම, ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා හා ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතාද අදාළ දේශපාලඥයින්ගේ ප්‍රශ්න කිරීම් වලින් පසුව අදාළ සිදුවීම පිළිබඳව ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් කීපදෙනෙක් වෙත සිය අප්‍රසාදය හා කණගාටුව ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්ව සිටින ඇතැම් සාමාජිකයන් පිළිබඳව හා අදාළ කටයුතු මාධ්‍යයට නිරාවරණය කිරීම පිළිබඳව දේශපාලඥයින් කීපදෙනෙකුම දැඩි අප්‍රසාදය හා විරෝධය මේ වනවිටත් පළ කර තිබේ.

ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දියාව තොරතුරු ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය. 

තොරතුරු හුවමාරු කර ගැනීමට රට රටවල් නිරන්තයෙන් සිදුකරන්නක් බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේම ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන ඇති බවට තොරතුරුවාර්තා වන බවත් ඔවුන් මෙම ප්‍රහාරය පසුපස සිටින බවට සැකයක් තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් සොයා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කිරීම ගැන හෙට දිනයේදී සළකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ස්ථාන කිහිපයකින් වාර්තා වූ පිපිරීම් පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය.

ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා 2019.04.21 දින කොළඹ, අරලියගහ මන්දිරයේ දී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස්.

ස්ථාන කිහිපයක අද උදෑසන ඇති වූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදු වූ සියලූ දෙනාටත් රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට කැමතියි. එසේම මේ සිදුවීම රටත්, එමෙන්ම රටේ ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙස මා දකිනවා.

විශේෂයෙන්ම ආගමික සිද්ධස්ථාන සහ ප්‍රධාන හෝටල් කිහිපයක් ඉලක්ක කොට ගෙන එල්ල වූ මෙම ප්‍රහාර මා තරයේ හෙලා දකිනවා. නීතිය ආරක්‍ෂා කිරීමට අප සියලූ දෙනා කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලූම පියවර ගන්නා ලෙස මා ආරක්‍ෂක ලේකම් වෙතත්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පති වෙතත් උපදෙස් ලබා ලබා දුන්නා. මමත්, ඒ වගේම අනෙක් ඇමතිවරුනුත්, ජනාධිපතිතුමා සමග ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කළා. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම්, නීතිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුලූ නිලධාරීන් සහභාගී වුණා.

දැනට මේ සිදුවීම් ගැන පැවැත්වෙන පොලිස් පරීක්‍ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව සඳහන් කරන්නට කැමතියි. ඒ සඳහා අවශ්‍ය බලතල අප ආරක්‍ෂක අංශවලට ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ අප සැවොම මේ ජාතික  අර්බුදකාරී අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කර සාමය ආරක්‍ෂා කරමු.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය     :  මේ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්තරා සංවිධානයක් වගකිව යුතු යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ ගැන කිව හැක්කේ කුමක්ද?

පිළිතුර      :  ඒ පිළිබඳව සියලූ තොරතුරු පොලිසියෙන් විභාග කොට, අනතුරුව දැනුම් දෙන්නම්.  

අතීතයේ පරාක්‍රමබාංහු රජ දවසේදීත් ජනතාවට බදු පනවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඊයේ (07) අනුරාධපුරයේ පැවැති අලුත් සහල් මංගල්‍යට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ සිරිත මිහිදු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමග ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ ගමේ පන්සලට පුද පූජා පැවැත්වීම දක්වා වෙනස් වුණා. අතීතයේ ඒ ආකාරයට ශිෂ්ඨාචාරය පමණක් නොව ආර්ථිකයත් හැඩ ගැසුණා. ඒ හරහා විශාල ලෙස ආදායම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ඒ වගේම ඒ කාලයේ ජනතාවගෙන් බදු එකතු කිරීමත් සිදු කළා. ඒ හරහාත් විශාල ලෙස ලාභ ලැබුවා. වර්තමානයේ බදු පණවන විට ආණ්ඩුවට චෝදනා කිරීමට පෙර අතීතයේ රජ දවස පරාක්‍රමබාහු රජතුමාත්  බදු පැනවූ බව සිහිපත් කර ගත යුතුයි.”

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි එක්කිරිම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කටයුතු කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඒ අනුව මලික් සමරවීර මහතාගේ මහනුවර පවතින නිවසේදි භෝජන සංග්‍රහයක්ද පවත්වා ඇතැයි මන්ත්‍රිවරයා හෙළි කළේය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනපති හා අගමැති අතර කිසිම අවස්ථාවක එකමුතුවක් සිදු නොවනු ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමා කිසිවිටකත් එකඟ නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කැළණිය ප්‍රදේශයේ පැවති ඊයේ (26) උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජාතික ආණ්ඩුවක් සෑදිය හැකි වුවත් පෙර පරිදි එකතු වීමේ බලාපොරොත්තුවක් නොමැති බව ද කියා සිටි මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවති දීගය අතහැර දැන් දික්කසාද වී ඇති බව ද පැවසීය.

දවල් වැටුණ වලේ-රෑ වැටීමට කිසිසේත්ම සුදානමක් නොමැති බව ද කියා සිටි ෆොන්සේකා මහතා, එක්සත් ජාතික පක්ෂයේ නායකයා නිසකයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව ද සඳහන් කළේය.

එජාපයේ නායකත්වයට සුදුසු නම් නිසැකයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බව ද පැවසු මන්ත්‍රීවරයා, එවැන්නක් වුනොත් ඔහු ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ නායකයා පමණක් තරග කළ යුතු බවයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ස්වර්ණමය යුගය උදාවූයේ බංග්ලාදේශයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මහින්ද රාජපක්ෂ සමයේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවීමේ වාසිය බංග්ලාදේශයට හිමි වූ බවත් ඔහු පැවැසීය.

එසේම ඒ යටතේ ඔවුන් සිය ඇඟළුම් අපනයනය 400%කින් වර්ධනය කර ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

"බංග්ලාදේශය මහින්ද රාජපක්ෂගේ පිළිරුවක් ඉදිකර එයට වැදිය යුතුයි" යැයිද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



DLB Desktop