March 31, 2020

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පිළිතුරු ලබා දෙනු ලැබිය.

ඒ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“පාර්ලිමේන්තුවට අපිව එවලා තිබෙන්නේ රට සංවර්ධනය කරන්න. බොන්නේ මොනවද? කන්නේ මොනවද? කියලා හොයන්න නෙමෙයි. කන්නේ බොන්නේ මොනවද කියලා හොයන තත්ත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙලා තියෙනවානම් ඒකට විසඳුමක් හොයාගන්න වෙනවා ඡන්දය දිපු ජනතාවට. රටේ මෙච්චර ප්‍රශ්ණ තියේද්දී මාධ්‍යයත් කතා කරන්නේ මේ කොකේන් බීපු එකක් ගැන. වෙන කතාකරන්න දේවල් නැත්ද? ගැලරියට යන මාතෘකා තමයි ඉස්සරහට යන්නේ. කොකෙන් බීපු මන්ත්‍රීවරුන් ඉන්නවානම් කවුද  කියලා හෙළි කරන්න ඕන. ඒකට කොන්දක් තියෙන්න ඕන. එහෙම කොන්දක් නැතිව පාර්ලිමේන්තුවේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ට මඩ ගැහුවම ඒක කොච්චර වැරදියිද? මේ අය ගැන ජනතාව දෙවරක් හිත්නන ඕන. නිදහසේ රඟන්න ඉඩ දීලා ජනතාව තේරුම්ගත යුතුයි ඊළගපාර ඡන්දය දෙන්නේ කාටද කියලා”

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිස්ක් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පසුගියදා කළ ප්‍රකාශය තුල ආන්දෝලනාත්මක කතා බහක් නිර්මාණය වී ඇති මොහොතක, ඊයේ (25) දිනයේදී රන්ජන් රාමනායක අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ එලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක්ද සිටින බවයි.

එසේම අදාල මන්ත්‍රීවරිය කොකේන් මත්ද්‍රව්‍යවයට අමතරව ටැබ්ලට්, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පාවිච්චි කරන බවත්, තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය කවුරුන්ද යන්න හෝ එතුමිය දැනට පාර්ලිමේන්තුවේ සිටිනවාද නැද්ද යන්න හෝ මේ මොහොතේ මාධ්‍යයට ප‍්‍රකාශ කළ නොහැකි බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා ඉදිරියේ දී ඒ පිළිබඳ සියලූ තොරතුරු රට හමුවේ ඉදිරිපත් කරන බව ද කියා සිටියහ.

තනතුරු, තාන්න මාන්න, පුද්ගලික හිතවත්කම් පසෙක ලා රට හමුවේ විශාල ප‍්‍රශ්නයක් වී ඇති විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ කාර්යය ඉටු කිරීම වෙනුවෙන් තමන්ට කළ හැකි සියලූ කටයුතු නොපැකිලිව සිදු කරන බවත්, එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා බොහෝ පිරිසක් තමන් සමඟ සිටින බවත් පවසන රංජන් රාමනායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමන් මීට පෙර අනාවරණය කළ කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මන්ත‍්‍රීවරුන්ගේ හෙළිදරව්වෙන් පසු ඔවුන් විවිධ ඖෂධ භාවිතා කරමින් ඉන් ගැලවීමට ප‍්‍රයත්න දරමින් සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවය.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන්ගේ නාමලේඛනය හෙළිදරව් කර දැනට මතුව ඇති අර්බුදය අවසන් කිරීමට සහාය දෙන්නැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යනලීන් බණ්ඩාර මහතා ඊයේ (25) පැවසීය.

ආණ්ඩුවට වැඩ කිරීමට තිබෙන බවත්,රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට ගියහොත් එම වැඩකටයුතුවලට බාධා සිදුවන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

තමා සම්බන්ධව සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තාවල සත්‍යතාවක් නොමැති බවත්,සිය බිරිඳ ඇතුළු විවිධ පාර්ශ්ව තමාගෙන් ඒ සම්බන්ධවිමසීම් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේ ඕනෑම පුද්ගලයෙකු තුළ වැරදි තිබිය හැකි බවත්,රන්ජන් රාමනායක මහතා නම් හෙළිකිරීම ප්‍රමාද කිරීමෙන් රටක් වශයෙන් අවාසි සිදුවිය හැකි බවත්ය.

එක්සත් ජාතික පක්‍ෂයේ මුස්ලිම් ඇමතිවරයෙකුගේ කාර්ය මණ්ඩලයට කොකේන් විශාල තොගයක් ගෙන ආ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ඔහු මෙම චෝදනාව කලේ දෙරණ නාලිකාවේ ‘මොකද වුනේ’ විශේෂාංගය හා එක්වෙමිනි.

දකුණු පලාත නියෝජානය කරන ඇවිදින්නට අපහසු මහත දේශපාඥයෙක්, වතු කම්කරු වැටුප් වැඩකිරීම ගැන කතා කරන පාර්ලිමේන්තුවේ ඉදිරි අසුනක සිටින මන්ත‍්‍රීවරයෙක්ද කොකේන් භාවිත කරන බවට තොරතුරු ඇතැයි ඔහු එහිදී පැවසීය.

සමහර වයෝවෘද්ද දේශපාලන නායකයන් විසින් වේදනා නාශකයක් ලෙස කොකේන් භාවිත කරන්නේ යයිද රාමනායක මහතා කීය.

තමන් එජාපයෙන් ඉවත් කිරීමට සැරසුනහොත් තමනට එහි තව දුරටත් රැදී සිටිය නොහැකි බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

එම වීඩියෝව පහතින්,

සී. අයි. ඩී. ය කරන පරීක්‍ෂණවලට බාධාවක්‌ වන නිසා එජාප කමිටුව හමුවේ හෙළි කළේ කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ නම් පමණක්‌ යෑයි රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා  මාධ්‍යයට ප්‍රකාශ කළේය.
 
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බවට රන්ජන් රාමනායක මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය විසින් පත්කරනු ලැබූ කමිටුව හමුවේ පෙනී සිටීමෙන් පසුව ඒ මහතා මාධ්‍යයට මේ බව කීවේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන්ගේ නම් සහිතව තොරතුරු මම සී. අයි. ඩී. යට ලියාපදිංචි තැපෑලෙන් යෑව්වා. ඒ පිළිබඳ මගෙන් කට උත්තරයක්‌ ගන්න කියලත් මම කියා සිටියා. මම අද මේ කමිටුව හමුවට ආවේ පෞද්ගලික රෝහලකට ගිහින් මගේ මුත්‍ර සාම්පලයක්‌ ලබාදීලා. මගේ රුධිරයේ කොකේන් නැති බව මා පළමුව තහවුරු කළ යුතුයි. මා අනෙක්‌ මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලා සිටිනවා මුත්‍ර පරීක්‍ෂණයකට පෙනී ඉන්න කියලා.කොකේන් පාවිච්චි කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්‌තුව දැනුත් මා ළඟ තියෙනවා. මන්ත්‍රීවරුන් පිරිසක්‌ම මගේ නඩු අහන එක සාධාරණ නෑ. මේ සටනින් මා පරාජය වෙන්න පුළුවන්. ඒත් රටේ අහිංසක දරු පරපුරට සිදුවන හානිය ගැන හිතලා මේ සටන දිගටම කරගෙන යනවා."

රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායම පිළිබඳව වගකීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය භාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසුදු කිරීම සඳහා ඇති විසඳුම හිටපු  ශ්‍රී ලංකා ටෙස්ට් නායක රොෂාන් මහානාම යටතේ පත්කරන ක්‍රිකට් අතුරපාලක කමිටුවක් වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය එයට ඉඩ නොඳුන් බවත් ඔහු පවසයි.

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24කගේ නම් තමන් සතුව තිබුණත් එය ප්‍රසිද්ධ කළ විට තමන්ට එරෙහිව තවත් නඩු ගණනාවක් වැටෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

සිය ට්විටර් ගිණුම හරහා මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරමින් ඔහු ඉහත අදහස් දැක්වා තිබේ.

“මහජනතාවට අවශ්‍ය වී තිබෙනවා මේ නම් මම විසින් හෙළිකරනවාට. පොලීසිය කියන්නේ ඔවුන්ට මේ ගැන පරීක්ෂණය කළ හැක්කේ මේ චෝදනා ලැබූවන්ට ඒ අවස්ථාවේදී කළ පරීක්ෂණයකදී හෝ එසේ නොමැති නම් මත්ද්‍රව්‍ය භාවිත කර වැරැද්දක් කළ විට කියලයි. මට දැනටමත් උසාවියේ නඩු 24ක් තිබෙනවා. මේ නඩු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා දූෂිතයන් විසින් ඉහළ ගෙවීම් ලබාගන්නා නීතිඥයින් හරහා පැනවූ නඩුයි. මම නම් හෙළිකළොත් මට තවත් නඩු ගොනුවේවි. මට කරදර වීමට පවුලක් නෑ. මම බයත් නෑ. මම හිතන්නේ මගේ ඉතිරි කාලයත් උසාවි තුළ ගත කරනවද කියලයි."

"ඒ වගේම ජනපතිධුරය දරණ කාලයේදී මීගමුවේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වැටලූ විට ඔහු බැලීමට ගිය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ මත්ද්‍රව්‍යවලට විරෝධීව කටයුතු කරන ආකාරය දකින්නට ලැබීමත් සතුටුයි. මම සදහන් කරන මන්ත්‍රීවරන්ගෙන් 90%ක්ම ඉන්නේ ඔහු සමීපයේයි. මීගමුවේ කුඩු නායකයාද සමගින්. මට මේ නම් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවි හෙළි කළ හැකවුණත්. නමුත් මම වීරවංශ හා  රාජපක්ෂ මෙන් පාර්ලිමේන්තු වරප්‍රසාදවල මුවාවී විනිසුරන් විවේචනය කිරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කළ ආකාරයට ලැජජාසහිතව මම කටයුතු කරන්නේ නෑ. මම යමක් කියන්නේ නම් එය කියන්නේ එළියෙයි.”

කොකේන් භාවිත කරන ඇමතිවරුන් වත්මන් ආණ්ඩුවේ ද සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පසුගිය දිනක පැවසිය.

ඒ සම්බන්ධයෙන් නීතිඥ උදය ගම්මන්පිළ මහතාගෙන් මාධ්‍යවේදීන් මෙසේ ප්‍රශ්න කර තිබේ.

"කොකේන් භාවිත කරන ඇමැතිවරුන් වගේම මධුෂ්ට සම්බන්ධ ඇමැතිවරුත් සිටින බවට රන්ජන් ඇමතිතුමා පවසනවා. ඒ ප‍්‍රකාශය ඔබට පිළිගන්න පුළුවන්ද?"

එයට ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"පාර්ලිමේන්තුව තුළ නම් කවුරුවත් කොකේන් භාවිත කරනවා අපි දැකලා නෑ. මේ ඇමැතිවරු කොකේන් භාවිත කරන තැන්වල රන්ජන් ඇමැතිතුමාත් සිටින්න ඇති. නැතිනම් ඉතාම විශ්වාසයෙන් එතුමා මේක කියන්නේ කොහොමද? අපරාධයක් පිළිබඳ තොරතුරු සැඟවීම දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා ඇමැතිවරු කොකේන් භාවිත කරන බව තමන් දන්නවා නම් වහාම ඒ තොරතුරු පොලිසියට ලබා දෙන්න කියලා අපි රන්ජන් ඇමැතිතුමාට කියනවා. මධුෂ් සමග සම්බන්ධතා පැවැත්වූ ඇමැතිවරුන් පිළිබඳ දන්නවා නම් මාධ්‍ය හමු පවත්වමින් වහසි බස් දොඩමින් ඉන්නේ නැතුව ඒ තොරතුරුත් වහාම පොලිසියට ලබා දිය යුතුයි."

ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ් ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඩුබායි සිටින ඔහුගේ නියෝජතයෙකු මාර්ගයෙන් තොරතුරු හෙලි කලේය.

මාධ්‍යවේදීන් ඉදිරියේදී ඔහු ඩුබායි සිටි පුද්ගලයාට දුකතන ඇමතුමක් ගෙන සැකකරුවන්ගේ තොරතුරු විමසීය.

එම වීඩියෝව පහතින්,

මාකඳුරේ මධුෂ් සමඟ 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමක් ඊයේ දිනයේදී සිදුවිය.

මේ සම්බන්ධයෙන් සමාජයේ විශාල කතා බහක් ඇති වූ අතර සමාජ ජාලා ඔස්සේ විවිධ පාර්ශ්වයන් වෙත ඇඟිලි දික් කරනු ලැබීය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තම ෆේස්බුක් පිටුවේ පල කර තිබුණේ මෙවන් අදහසකි,

එයට ඉරාජ් තම ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ සැර කතාවකි, 

කුඩුකාරයාගේ නාලිකාවේ X Mas Party වලට ගිහිල්ලා බීලා නටන එකත් වැරදී එහෙනම් ?
Ranjan Ramanayake 

Page 7 of 8