March 31, 2020

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ විවාදය යන අවස්ථාවේදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් වේලාවක් ලබාගෙන අවශ්‍ය ප්‍රකාශය කළ හැකි බවත් කථානායකවරයා දැනුම් දුන්නේය.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාවාරයට එක්වීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුප්‍රසිද්ධ පටිගත කරන ලද දුරකථන සංවාද හඬපට විකාශය කිරීමෙන් අන්තර්ජාලයෙන් යූ ටියුබ් නාලිකා මේ වන විට රුපියල් කෝටි 8ක් එනම් රුපියල් ලක්ෂ 800කට වඩා මුදලක් උපයා තිබෙන බව වාර්තා වේ. 

මේ දිනවල යූ ටියුබ් හා මුහුණු පොතේ වඩාත්ම ජනප්‍රිය සහ ඉල්ලුමක් තිබෙන්නේ රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬ පට සඳහාය.

තම දුරකථන හඬපට ලැබූ මෙම සාර්ථකත්වය නිසා රන්ජන් රාමනායක මහතා තමන්ගේම යූ ටියුබ් චැනලයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටියි. මෙම දුරකථන හඬ පට නිසා රාමනායක මහතා මේ වන විට සිටින්නේ බන්ධනාගාරතවය. 

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටින පර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද(17) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මීට සුළු වේලාවකට පෙර මන්ත්‍රීවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බවවාර්තා වේ.

බල්ලෙකුට පිස්සු හැදුනම කරන දේ හිතාගන්නවත් බැරි ය. එහෙව් බල්ලා හපා කෑම ඇරඹූ විට ගෙදර ස්වාමියා පමණක් නොව තම වර්ගයා ද සපා කයි. මේ නිසා එක්කෝ මේ පිස්සු බල්ලා බැඳ තබා බෙහෙත් කළ යුතුය. එසේත් නැත්නම් වෙඩි තබා අවසන් කළ යුතුය. හඬ පටි චක්‍රවර්ති රංජන් රාමනායකගේ වැඩ ගැන ලියන මෙම ලිපිය එසේ ආරම්භ කළ යුතු යැයි සිතුණත් දැන් දැන් එළියට එන හඬ පට දෙස බලද්දී ඔහුගේ වෘත්තිය ජීවිතය වන සිනමාවේ භාෂාවෙන්ම කියනව නම් රන්ජන් වීරයෙක්ද? දුෂ්ඨයෙක්ද? විකටයෙක්ද? යන ප්‍රශ්නය පැන නැගේ.

සිනමාවේ වීරයා සමාජයේ සැබෑ හරය ප්‍රේක්ෂකයාට පෙන්වා දෙමින් සියලු අභියෝග ජය ගනී. ඒ අතින් බලද්දී රන්ජන්ගේ හඬ පටි තුළින් සමාජයේ වැදගත් යැයි ප්‍රසිද්ධ යැයි පුද්ගලයින්ගේ සැබෑ චරිතය හෙළිදරව් කර තිබේ. දුෂ්ටයාගේ චරිතය ගත්විට වීරයාගේ සියලු කටයුතු අඩපණ කිරීම සිරිත වෙයි. ඒ අනුව බලද්දී රන්ජන්ගේ හඬ පට හරහා සමාජයේ වැදගත් මෙන්ම ප්‍රසිද්ධ යැයි සැලකෙන පුද්ගලයන්ගේ සමාජ පැවැත්ම මෙන්න ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ. එය මීට වසර තුන හමාරකට පමණ පෙර කොස්ගම යුද හමුදා අවි ගබඩාව පිපුරුවාටත් වඩා භයානක පිපිරීමකි. එසේ මෙසේ ගණනක් නොව දුරකථන සංවාද හට පට එක් ලක්ෂ විසිඑක්‍ දහසක් රන්ජන් සතුව පවතී. ඒ සියල්ලම එළියට ආවොත් සමාජය උඩි යටිකුරු වනු නිසැකය. විකටයාගේ චරිතය ප්‍රේක්ෂකයා හිනා ගැස්වීමයි. රන්ජන් ගේ හඬ පට හරහා ඒ දේ හරියටම කර ඇත. ඇතැම් බබාලා සමඟ රන්ජන් කර තිබෙන දුරකථන සංවාද අසද්දී ප්‍රේක්ෂකයාගේ ඇගේ ලේ පිරිසිදු වන තරමටම සතුටක් ඇති වේ.

අපේ රටේ අධිකරණය මෙන්ම පොලීසිය ද දූෂිත බව රංජන් ප්‍රසිද්ධියේම කියූ දේවල්ය. ඒ කියපු දේවල් නිවැරදි බව ඔප්පු කිරීමට ඔහු සාක්ෂිද දැන් සමාජගත කර හමාරය. දුරකථන සංවාද පටිගත කිරීම හරහා ඇතැමුන් බිය ගන්වා ඔවුන් ලවා තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ අවශ්‍යතාවයක් රන්ජන්ට තිබුණු බව ඇතැමෙකුගේ අදහසයි. ඒත් ඒ සඳහා දුරකථන ඇමතුම් එක්ලක්ෂ විසිඑක් දහසක් අවශ්‍ය වන්නේ නැත. අනෙක් අතට එහෙම කරපු අවස්ථාවක් ද අසන්නට නොමැත. ඒ නිසා මෙම කාර්යය රංජන් තමන්ගේ මානසික තෘප්තිය උදෙසා කළ එක්තරා ආකාරය වැඩ පිළිවෙළක් එනම් පිස්සු වැඩ පිළිවෙලක් බව කියන අයද සිටී. ඒ අදහස සමග නම් එකඟ විය හැක.

දුරකථන හඬ පටිගත කිරීම රංජන් එය තමන්ගේ ආතල් එක උදෙසා කළ ද එය මෙහෙම පත්තු වේ යැයි සිතුවේ නැත. ඔහු සිතා සිටියේ කාලයත් සමඟ මේ හඬ පට ද අභාවයට යනු ඇත කියාය. කෙසේ වෙතත් රන්ජන්ගේ මෙම ක්‍රියාව හරහා සමාජයට මේ රටේ ඡන්දදායකයාට දෙන පණිවිඩය ඉතා පැහැදිලිය. ඒ සුදුස්සා සුදුසු තැන තැබිය යුතු බවය. නුසුදුස්සා සුදුසු තැන නොතැබිය යුතු බවය.

රන්ජන් දේශපාලනයට ඒමට සිටි කෙනෙක් නොවේ. 2005 ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ දාහතක කල්ලියක් මහින්ද රාජපක්ෂ ගලවා ගැනීමෙන් පසු තක්කු මුක්කු වී සිටි රනිල් වික්‍රමසිංහ ගොඩ ඒමට නොයෙක් දේ කළේය. ඉන් එකක් වූයේ පළාත් සභා මැතිවරණයේදී ප්‍රධාන ඇමැති අපේක්ෂකයා ලෙස එතෙක් දේශපාලනය නොකළ එහෙත් රටේ ප්‍රසිද්ධ චරිත ඉදිරිපත් කිරීමය. ඒ අනුව එකවර 2008 දී පැවැත්වූ උතුරුමැද හා සබරගමුව පළාත් සභා මැතිවරණ සඳහා රනිල් ගන් ෂොට් මෙන්ම වන්ෂොට් ද හදුන්වා දෙන ලදි. ගන් ෂොට් වූයේ උතුරු මැදට ඉදිරිපත්වූ කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා ය. වන් ෂොට් වූයේ ඒ අවධිය වන විට අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු වූ රන්ජන් රාමනායකය. පළාත් සභා දෙකෙන්ම එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලැබූවද ගන් ෂොට් මෙන්ම වන් ෂොට් ද මනාප ලක්ෂ ඉක්මවීය. දෛවයේ සරදම කෙසේදයත් නොදන්න දේශපාලනයට පැමිණි මේ දෙදෙනාටම මුහුණ දීමට සිදුවූයේ ඛේදවාචකයන්ට ය. මේ රටට බොහෝ වැඩකොටසක් කිරීමට හැකියාව තිබූ මේජර් ජෙනරාල් ජානක පෙරේරා 2008 ඔක්තෝබරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරිණි. හරියටම දශකයක් ඉක්මවා යද්දී රන්ජන් ද තමන්ගේ චරිතය මෙන්ම විශ්වාසනීයභාවය ද ඝාතනය කරගෙන හමාරය. රන්ජන් අත්අඩංගුවට පත්වීමත් සමඟම එක්සත් ජාතික පක්ෂය ඔහුගේ සාමාජිකත්වය අත්හිටුවන ලදී. සහෝදර මන්ත්‍රීවරයෙකු වන හේෂා විතානගේ කියන්නේ රන්ජන් කියන කරන දේවල් ගැන පක්ෂයට දැන් වගකීමක් නැති බවය. එහෙත් රන්ජන් හඬ පට පටිගත කිරීමේ වැඩ කරන ලද්දේ ආණ්ඩුවේ සිටිද්දී බව හේශා විතානගේට දැන් අමතක වී ගොස් ය. රනිල් වික්‍රමසිංහ දෙන ලණු කෑ විට දිරවා ගන්න වෙන්නේ ඔන්න ඔය ආකාරයට.

රන්න්ජන්ට එරෙහිව මුලින්ම ප්‍රහාරයක් එල්ල කළේ ඇමති විමල් වීරවංශ සහ රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේය. ඒත් දැන් මේ දෙපළම නිහඬය. ඒ විමල්ගේ බිරිඳ ශෂී වීරවංශ තමාගේ දුක කියන තමන්ගේ කැමැත්ත කියන හඩ පටයකුත් රන්ජන් ගාව තිබීමය. එය දැන් සමාජගතවී තිබේ. ඊළඟට මහින්දානන්ද ගැන ඔහුගේ සොහොයුරා කියන කතාවක් ද ඉදිරියේදී ඒමට නියමිතය. මහින්දානන්ද දැන් කියන්නේ මේ හඬ පට එළියට ඒම නැවැත්විය යුතු බවය.

මේ වන විට දේශපාලනයේ නියැලී සිටින අයගෙන් අති බහුතරයක් සිටින්නේ තක්කු මුක්කු වූ තත්ත්වයකය. ඊළඟට එළියට එන්නේ තමන්ගෙ එකක්ද යන බියෙන් ඔවුන් මේ දිනවල කල් මරති. ඉන් එළිදරව් වන කරුණු පිළිබඳ මේ දේශපාලනඥයන්ට බියක් නැත. ඒ තමන්ට විලිලැජ්ජාවක් නැති බව ඔවුන් දන්නා නිසාය. ඒත් අවුල තියෙන්නෙ මේ එළිදරව් වන කරුණු මත ගෙදර බිරිඳ හෝ ස්වාමියා සමග ගෙදර සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම ය. දැනටමත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය එහෙම තත්වයට මුහුණ දී සිටී. ඒ අතින් බලද්දී තනිකඩ රන්ජන් සැබෑම පොරකි.

(මංජුල බටුගෙදර)

හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා  සතුව තිබූ  ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක්  පත්කර ඇති බව  පොලිස් මූලස්ථාන ආරංචි  මාර්ග කියයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතාගේ  අධීක්ෂණය හා උපදෙස් මත   මෙම විශේෂ පොලිස් කණ්ඩායම් පත්කර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.

බස්නාහිර පළාත තුළ ඇති පොලිස් ස්ථාන වලින් හා විශේෂ ඒකක වලට අයත් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන්  මේ කණ්ඩායම් සඳහා පත්කර ඇති බවත්  එක් කණ්ඩායමකට සහකාර පොලිස් අධිකාරීවරයකු , ස්ථානාධිපතිවරයකු   ඇතුලු සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක්  පත්කර ඇති බව එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.

රජයේ රස පරීක්ෂකවරයා   වෙත යොමුකර ඇති මෙම හඬපට වල පිටපත්  පොලිසිය වෙත ලැබුණු පසු  ඒවා මෙම  විශේෂ පොලිස් කණ්ඩායම වෙන් වෙන් වශයෙන්  විශ්ලේෂණය කරන බවද  එම උසස්  නිලධාරියා කියා සිටියේය.

මේ සඳහා පරිගණක ඇතුලු යටිතල පහසුකම් ලබා  දී ඇති  බවත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය මේ සඳහා ලබා ගන්නා බවද  පොලිසිය කියයි.

මෙම හඬපට විශ්ලේෂණය  කර  රන්ජන් රාමනායක මහතා අධිකරණයට , අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවට,  හා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ  පරීක්ෂණවලට සිදුකර ඇති  බලපෑම්  සම්බන්ධයෙන්  අපරාධ නඩු විවිධාන සංග්‍රයට අනුකූලව වෙන් වෙන් වශයෙන් අධිකරණය  වෙත කරුණු වාර්තා කර  ඔහුට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කරන බවද  එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද (15) පස්වරු 1.00 ට පමණ ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් රැගෙන ගියේය.

ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අද දහවල් වනතෙක් පසුවූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් මෙන්ම විවිධ පාර්ශ්ව සමඟ කළ ආන්දෝලනාත්මක සංවාද ඇතුළත් හඬපට පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත්විය.

එවැනි පසුබිමක අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට  අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස  නීතිපතිවරයා ඊයේ පස්වරුවේ ලබා දුන් උපදෙස් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළේය.

එම කරුණු සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ අතර පසුව අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරයාව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ලැබීය.

අධිකරණ කටයුතුවලට මැදිහත් වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකට දැනුම්දුන් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න ප්‍රකාශ කළහ.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව විභාග වූ සිල් රෙදි නඩුවේදී ද හිටපු ඇමැති රන්ජන් රාමනායක අධිකරණයට බලපෑම් කළ බව හඬපටයකින් තහවුරු වී තිබේ.

අදාළ හඬපටය හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක මහත්මිය හා රන්ජන් රාමනායක මහතා අතර සිදුවන කතාබහකට අදාළ වන්නකි.

මේ බව ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කැඳවුම්කරු විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මාධ්‍යයට අනාවරණය කරනු ලැබීය.

සිල් රෙදි සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පැවැති නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය එම සිද්ධිය පොදු දේපළ පනත යටතට අදාළ නොවන බවට තීරණය කළ බවද එම මාධ්‍ය හමුවේදී විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න කීය. ඉන් පසුව කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරු කර යවා කුලියාපිටියේ සිට මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය කොළඹට කැඳවා අදාළ නඩුවේදී ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් වරදකරුවන් බවට තීන්දු කළ බවද පැවැසීය.

මේ අතර රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ රන්ජන් රාමනායක අතර පැවැති තවත් දුරකථන සංවාදයකට අදාළ හඬපටයකදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වන අවස්ථාවේ යුද හමුදා කර්නල් දයා රත්නායක නමැත්තකුද අතුරුදන්ව ඇතැයි ශානි අබේසේකර හෙළිකර තිබේ.

මේ සම්බන්ධයෙන් පෙරේදා (11) පැවැති මාධ්‍ය හමුවකදී විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා සඳහන් කළේ අදාළ අතුරුදන්වීම් දෙකටම සෘජුවම වගකිව යුත්තේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක බවය.

අතුරුදන්වූයේ යැයි ශානි අබේසේකර හෙළිකරන ලද කර්නල් දයා රත්නායක යනු පාඨලී චම්පික හිටපු ඇමැතිවරයා සමඟ සමීපව සිටි පුද්ගලයකු යැයිද ඔහු අනාවරණය කළේය. විමර්ශන නිලධාරියකු ලෙස මෙම තොරතුරු දැන සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂකවරයාව සිටි ශානි අබේසේකර එය සඟවාගෙන සිටීම බරපතළ වරදක් බවද සඳහන් කළ අජිත් ප‍්‍රසන්න ඒ බව මෙම සිද්ධියද රංජන් රාමනායක හා ශානි අබේසේකර මහතා අතර සිදුවූ සංවාදයකට අදාළ හඬපටයකින් හෙළිවූ බව අනාවරණය කළේය.

ඉහත සිද්ධීන් දෙකට අදාළ හඬපට විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

පාර්ලිමේන්තුමන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද ඇතුලත් හඩපට සම්බන්ධයෙන් අද (13) දිනයේ සිට විමර්ශන කටයුතු ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. 

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබී සොයාගත් දුරකතන සංවාද ඇතුලත් සී.ඩී. තැටි හා පරිඝණක ඇතුළු උපකරණ රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත්කර වාර්තාවක් ලබා ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් කොළඹ අපරාධ කොට්ඨාසයට පසුගිය 9 වනදා නියෝග කළේය. 

ඒ අනුව අදාල හඩපට ඇතුලත් සී.ඩී. තැටි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. 

මීට අමතරව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මාදිවෙල නිවසේතිබී සොයාගත් බලපත්‍රය කල්ඉකුත්වූ ගිනිඅවිය ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ අදාල හඩපට සහ ගිනිඅවිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කළේය.

එම හඩපටවල අඩංගු සංවාද කුමක්ද යන්නත්, එම හඩපටවල අනුපිටපත් හා ඒ සදහා භාවිත කල පරිඝණකවල දත්ත පිළිබඳව නිශ්චිතව අධිකරණයට කරුණු වාර්තාකිරිම අදාල විමර්ශනය මගින් සිදු කිරීමට නියමිතව තිබේ. 

එජාප මන්ත‍්‍රී රන්ජන් රාමනායක සම්බන්ධ තවත් හඬ පටයක් අද දිනයේ මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

සිංහලේ සංවිධානයේ ජාතික සන්විදායක ප්‍රදීප් සන්ජීව මහතා විසින් හෙලි කරන ලද හඬ පටයෙන් හිටපු අල්ලස් හා දූශන විමර්ශන කොමිසම් සභාවේ දිල්රුක්ශි වික්‍රමසිංහ හා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර ඇති වූ සංවාදයක් හෙලි විය.

මීට පෙර වික‍්‍රමසිංහ මහත්මිය විසින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සමග සිදු කරන ලද සාකච්ජාවක හඬ පටයක්ද ඔහු විසින් ප‍්‍රසිද්ධ කරනු ලැබීය.

Page 2 of 8