June 19, 2019

විපක්ෂ නායකවරයා සහ තවත් අමාත්‍යාංශ කිහිපයකට වාහන මිලදී ගැනීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු රුපියල් මිලියන පනස් හය දහස් පන්සිය හතලිස් පහක පරිපුරක ඇස්තමේන්තුව ඉල්ලා අස් කර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ එම පරිපුරක ඇස්තමේන්තුවේ දෝෂ හේතුවෙන් එය ඉල්ලා අස් කර ගන්නා බව ය.

එහි පවතින දෝෂ නිවරුදි කර, යළි එම පරිපුරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ හැකියාව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

කළුතර පයාගල  ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයා තතවමත් ප්‍රකාශ කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වයට ආරාධනාවක් පැමිණ  නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

මේ අතර මන්ත්‍රීවරයා වැඩදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ තමා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් බවත් හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බවත්ය.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළේය.

ඊයේ (15) පෙරවරුවේ කාල්ටන් නිවස වෙත පැමිණි ප්‍රදේශවාසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණි.

අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යයට අදහස් පළ කළේය.

"ළඟදීම පැවැත්වෙන් ජනාධිපතිවරණය. ඊලඟට පාර්ලිමේන්තු ඡන්දයකින් තමයි පාර්ලිමේන්තු මැතිවරණයක් ගන්න වෙන්නේ. 3න් දෙකක ඡන්දයකින් මිසක් වෙන ක්‍රමයක් නෑ පාර්ලිමේන්තු මැතිවරණයක් ගන්න. අපි ඕනම මැතිවරණයකට සූදානම්"

කැබිනට් මණ්ඩලය පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වීම පිළිබඳව පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේද පැවසීය.

" 19වන සංශෝධනය තුළ ඇති වුණු ප්‍රශ්නෙනේ මේ. කල්පනා කරන්නේ නැතුව අපිට පහරදීම සඳහා ඉදිරිපත් කෙරුණු 19 තුළ ඇතිවෙලා තියෙන දරුණුම තත්ත්වය මේක. අද දෙදෙනා අතර ගැටුමක් තියෙනවා. ඒ ගැටුම දිගින් දිගටම ගිහින් තමයි මේ තත්ත්වය ඇති වුණේ. මේ දෙන්නාගේ රණ්ඩුව ජනතාවට බර පටවන්න බෑ. රට විනාශ කරන්න දෙන්න බෑ. ඒ නිසා මේ අය එකතු වෙන්න ඕනෙ.  ජනතාව වෙනුවෙන් එජාපයෙනුත් ජනාධිපතිවරයාගෙනුත් ඉල්ලා සිටිනවා රැස්වෙන්න කියලා."

ජනාධිපතිවරණයේදී මා මහින්ද රාජපක්‍ෂ මහතාට උදව් කරද්දී සහරාන් හෂීම් මෛත‍්‍රිපාල සිරිසේන මහතාට උදව් කළා යැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ඊයේ (13) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් පැවසුවේය. 
 
සහරාන් හෂීම් තමන්ට එරෙහිව කටයුතු කළ බව කී හිස්බුල්ලා මහතා 2015 මහ මැතිවරණයේදී තමන්ට සහාය දීමට එකඟ වූ සහරාන් පසුව ඔහුගේ ඡන්ද දෙදහසත් රැගෙන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට සහාය දුන් බව ද හිස්බුල්ලා මහතා පැවසුවේය.
 
හිස්බුල්ලා මහතා මෙසේ පවසද්දී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ද කාරක සභාවේ සාමාජිකයන් අතර හිඳගෙන සිටියේය.
 
මහමැතිවරණයේ නාම යෝජනා දුන් පසුව සහරාන්ගේ කාර්යාලයට සෑම පක්‍ෂයකම අපේක්‍ෂකයන් කැඳවා ගිවිසුම් අත්සන් කළ බව ද කී හිස්බුල්ලා මහතා ඡන්ද අවශ්‍ය නිසා තමන් ද ඔහු සමඟ ගිවිසුම් අත්සන් කළ බව කීය.
 
රැස්වීම්වලදී සිංදු දැමීම තහනම් කරමින් සහරාන් දැමූ කොන්දේසිය කඩ කළ නිසා සහරාන් සතුව තිබූ ඡන්ද දෙදහසත් රැගෙන ඔහු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට සහාය ලබා දුන් බව ද හිස්බුල්ලා මහතා කීවේය.
 
සහරාන්ගේ මරණයෙන් වඩාත් සතුටට පත්වන පුද්ගලයා තමන් බව ද මීළඟ මැතිවරණයේදී සහරාන් නොමැති නිසා තමන්ට ජයග‍්‍රහණය කළ හැකි බව ද හෙතෙම කීවේය.

වර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරන බවට චෝදනාවක් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එසේම මේ වන විට සිදුව සෑම දෙයක්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා සම්බන්ධ බවත් ඔහු සඳහන් කළේය.

අද (11දා) විජේරාම ඔහුගේ නිල නිවසේදී පැවැති දේශනයකදී ඔහු මේ බව සඳහන් කළේය.

“මේ මොහොතේ සිදුවෙමින් පවතින හැම දෙයක්ම තව මාස කිහිපයකින් පවත්වන්න නියමිත  ජනාධිපතිවරණයත් එක්ක කිට්ටුවෙන් බැඳිලා තියෙන බව අපි හැමෝම තේරුම් ගන්න ඕන. වර්තමාන ආණ්ඩුවට ඕන කරන්නෙ 2015 ට කළින් නොයෙක් උප්පරවැට්ටි යොදලා තමන් වටේට සංවිධානය කරගත් මුස්ලිම් ඡන්ද පදනම ඊළඟ ජනාධිපතිවරණයටත් ඒ විදියටම පවත්වගන්න. දැන් බැඳුම්කර වංචාව ගැන මුකුත් කතා නෑ, රටේ ණය අර්බුධය ගැන කතා නෑ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තාමත් තුවාල කරුවන් ඉස්පිරිතාල වල ඉන්නවා, ඒගොල්ලනුත් අමතකයි. අන්තවාදීන් ගැන මුකුත් කතාවක් නෑ. සෝදිසි කිරීමුත් නැවතිලා, ආයුධ හමුබවෙන්නෙත් නෑ."

"අත්අඩංගුවට ගත්ත ත්‍රස්තවාදී සැකකරුවන් ගැන ගන්න පියවර ගැනත් මුකුත් කතාවක් නෑ. ඇතිවූ මේ උණුසුමත් එක්ක ආණ්ඩුව රටේ දේපොල විකුණන්නත් උත්සාහ කරනවා. එක ගලෙන් කුරුල්ලෝ සීයක් විතර මරලා.අද ඉන්න මුස්ලිම් දේශපාලන නායකයෝ මුස්ලිම් ඡන්ද මත විතරක් රඳා පවතින නිසා ඒගොල්ලොන්ට ඒ ප්‍රජාව තුළ ඉන්න අන්තවාදීනුත් අවශ්‍යයි.  පසුගිය වකවානුව පුරාම මුස්ලිම් අන්තවාදය මේ රට තුළ වර්ධනය වුණේ ඒකට විරුද්ධ වෙන්න දේශපාලන නායකත්වයට බැරි වුණ, බිය වුන නිසයි. මුස්ලිම් දේශපාලනඥයෝ සිංහලෙන් සංහිඳියාව ගැන කතා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා.”

සිය ධුරවලින් ඉල්ලා අස් වු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇත.

රිෂාඩ් බදියුර්දීන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පසුගිය ජූනි 03 දින තීරණය කර තිබුණි.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික , රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නවදෙනෙක් ඊට ඇතුළත් විය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව පළවී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම යෝජනාව ඊයේ (04) පැවැති කැබිනට් රැස්වීමේදී ද ඉදිරිපත් නොවූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

විපක්ෂ නායකවරයාට වෙඩි නොවදින මෝටර් රථ තුනක් දැනටමත් දී තිබෙන බව ජනාධිපතිවරයාද එහිදී ප්‍රකාශ කර තිබිණි.

මේ අතර එම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ද ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව කැබිනට් සංදේශය සාකච්ඡාවට ගැනීම පසුවට කල්තැබුණු නමුත් අද දිනයේ එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව වාර්තා විය.

විශේෂ පක්ෂ නායක රැස්විමක් අද (04) පස්වරුවේ පැවැත්විමට නියමිතව තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 03.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂනායක රැස්වීම පැවැත්විමට නියමිතයි.

ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව තිබේ.

මේ අතර අද පෙරවරු 11.00ට විපක්ෂයේ මන්ත්‍රී  කණ්ඩායම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

බොහෝදුරට අද දිනයේ විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාශභංග යෝජනාව කඩිනමික් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිමට දින නියම කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කළේ රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි ගෙන ආ විශ්වාසභංග යෝජනාව මේ වන විට විවාදයට ගැනිමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

කෙසේවෙතත් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් නොකරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් හමුවීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, පවතින වාතාවරණය තුළ රටේ බොහෝ දෙනෙකු ආර්ථික වශයෙන් අසරණව සිටින බවයි.

රජය මේ පිළිබඳව අවධානය යොමු කර ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටීම සඳහා විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයා හමුවන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

පටු දේශපාලන වුවමනාවන් ඉටු කරන්නට බුද්ධි අංශ ඔත්තුකරුවන්ගේ ලැයිස්තු ඉල්ලීම සම්පූර්ණයෙන් වැරැදි බවද දේශපාලන වුවමනාවන් ඉටු කිරීමට යෑමේදී සිදුවන්නේ රටෙහි ජාතික ආරක්ෂාවේ ගැටළු ඇති වන බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 
 
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ ඊයේ (30) පස්වරුවේ තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය. 
 
“ඔත්තු සොයන්න නම් සංවිධාන ඇතුළට ඇතුළු වෙන්න ඕනෑ. ඒක ඕනෑම රජයක්, පොලිසියත් කරන දෙයක්. මේ සංවිධානය හැදෙනකොටම කණ්ඩායම් ඇතුළු කරලා තිබුණා අපේ බුද්ධි අංශවලින්. ඒ අයට ලබාගන්න තොරතුරකට ඔත්තුකරුවාට මාසෙකට මුදලක් ගෙවන්න සිදුවුණා. ඒක අල්ලගෙන අද ඒ ලැයිස්තු ඉල්ලනවා. චෝදනා ඉදිරිපත් කරලා මේ අයගේ පටු දේශපාලන වුවමනාව ඉටු කරන්න, මඩ ගහන්න ඕනෑකමට මේ අය ඒවා හෙළිදරව් කරන්න ප්‍රශ්න කරමින් ඉන්නවා. මෙය සම්පූර්ණයෙන් වැරැදියි. ඔත්තු සේවයක් හෝ යම් රහස්‍ය භාවයක් තිබෙන යම් දේවල් පිළිබදව කතා කරන්න ඕනෑ මුළු රටත් එක්ක නෙවෙයි. වගකීමෙන් යුක්තව ඒ පරීක්ෂණ කරන්න ඕනෑ. ආවට ගියාට මඩ ගහන්න, කාටහරි ඉලක්ක කරගෙන දේශපාලන වුවමනාව ඉටු කරන්න ගිහිල්ලා මේ රටේ ජාතික ආරක්ෂාවටයි ගැටළු ඇතිවෙන්නේ. එය දැන් කෙරීගෙන යනවා. මේ දේවල් ගැන රට තුළ අවධානය යොමු විය යුතුයි."
 
"බෝම්බ පිපිරෙන්න කලින් රටේ තිබුණු තත්ත්වයත් බෝම්බය පිපිරුණාට පසුව තිබෙන තත්ත්වයත් ‍ශෝචනීයයි. මේ පිළිබදව තොරතුරු ආණ්ඩුවට කලින් ලැබිලා. අපිට දැනගන්න තිබෙන්නේ හතරවැනිදා ලැබුණා කියලායි. එදා සාක්ෂිවලින් කියවෙනවා ලැබුණේ නව වැනිදා කියලායි. එහෙම නව වැනිදා ලැබිලාත් දවස් දොළහක් විතර කිසිම දෙයක් සාකච්ඡා කර නොමැති බව සාක්ෂිවලින් ඔප්පු වෙමින් පවතිනවා. හාර හාර අවුස්සනවා සංවිධානයකට සල්ලි දුන්නද? ඒ සංවිධානයේ ඇතුළේ සමහර අයට සල්ලි ගෙවුවද? කියලා. ඒ නිලධාරියා කියනවා ඔව්, එහෙම දේවල් සිදුවෙනවා. හැබැයි මම කැමැති නැහැ එවැනි දේවල් ප්‍රසිද්ධියේ කතා කරන්න. පෞද්ගලිකව කතා කළොත් හොඳයි මේ වගේ දේවල් කියලා කිව්වා. 
මොකක්ද මේ කරන්න හදන්නේ. මිලේනියම් සිටි ප්‍රශ්නය ආපු වෙලාවේ නම් හෙළිදරව් කළායින් පසුව එල්ටීටීඊ ඇවිත් එකින් එක ඒ අයව මරලා දැම්මා. ඒ සංවිධානයේ හිටපු අපේ ක්‍රියාකාරී හමුදාවේ ගණනාවක් මරලා දැම්මා. එක්කෙනෙක් යන්තම් පණ බේරගත්තා ලංකාවෙන් පිටට ගිහිල්ලා. මේ කාලය ඉතාමත් පරිස්සම් විය යුතුව තිබෙනවා. අද අපිට කියනවා දැන් ඔක්කොම හරි, 99%ක්ම හරි කියලා. හැබැයි 1%ක් තිබෙනවා. අපිට ඔය 1% ගැන තමයි ප්‍රශ්නය තිබෙන්නේ“ යැයිද ඒ මහතා පැවසීය.
Page 1 of 7