October 17, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තවත් සුළු දේශපාලන පක්ෂ විස්සකගේ පමණ සහයෝගය ඉදිරියේ දි ලැබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

අද (15) පෙරවරුවේ  කොළඹ පැවති  මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඇල්පිටිය ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 5000 කට වැඩිය ලබා දෙමින් සියයට 13 ක ප්‍රතිශතයක් වාර්තා කරමින් බලාපොරොත්කු වුණාටත් වඩා හොඳ ප්‍රතිඵලයක් හිමි වු බවද අමරවීර මහතා මෙහිදී පැවසීය.

එයින් ඉතා පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වෙන ජනතාවක් රටපුරා සිටින බව පෙනී යන බවත් පැවසු ඒ මහතා, ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නායකත්වය ලබා දුන් වර්තමාන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සාමාන්‍ය ජනතාව වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි බවද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා බාර දීමෙන් පසුව පළමුව ගියෙත් ඇල්පිටියට බව කියා සිටි මහින්ද අමරවීර මහතා, එක්සත් ජාතික පක්ෂයේ තිබුණු ඡන්ද පදනමිනුත් පහලට ගිය බව පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර ඡන්ද ප්‍රතිශතය සියයට 69 දක්වා ඉහළ ගිය බවත්, එයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේ තීරණාත්මක සාධකය බවට පෙනී යන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

තොණ්ඩමන් මහතාගේ එකතු වීම සමඟ තවත් ඡන්ද එක් ලක්ෂ ගණනක් සන්ධානය සමඟ එකතු වු බවත් පැවසු අමරවීර මහතා, ඉදිරි දිනවල දී තවත් පක්ෂ 20 කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සමඟ බැඳී කටයුතු කර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සහය දැක්වීමට එකඟතාවයට පළ කර ඇතැයි ද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීම සඳහා අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම, ජාතික ප්‍රතිපත්තීන් සකස් කිරීම, රට තුළ එක් නීති පද්ධතියක් සකස් කිරීම ඇතුළු එකඟතාවන් රැසකට එළැඹුනු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

අම්බලන්තොට පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර මුදල් මත විවිධ ජාවරම් කරුවන් පාර්ලිමේතුවට සහ පළාකත් සභ වෙත පැමිණේන මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා එකඟවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා පැවසීය.

එමෙන්ම අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැති රටක සෑම අමාත්‍යංශයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

කැබ්නට් මණ්ඩලය අමාත්‍යධුර  30 කට සීමාකිරීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත් වු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

අද (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

නව මැතිවරණ ක්‍රමය, කැබ්නට් මණ්ඩලය අමාත්‍යධුර  30 කට සීමාකිරීම සහ එක් රටක් තුළ එක් නිතියක් ක්‍රියාත්මක කිරිම යන යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මෙතෙක් සාකච්ඡාවට ගැණුනේ ප්‍රතිපත්තිමය කරුණු වන බවත් පැවසු අමරවීර මහතා, කලින් එකඟතාවයේ තිබුණත් මෙවර නව මැතිවරණ ක්‍රමයක් ගැන ද යෝජනා කළ බව කියා සිටියේය.

ඒ අනුව මනාප ඡන්ද ක්‍රමයෙන් තොර මැතිවරණ ක්‍රමයක් පාර්ලිමේන්තුවේ සිට ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළ බවත් පැවසු ඒ මහතා, කැබිනට් මණ්ඩලය පත් කිරීමේ උපරිමය 30 ක් වන ආකාරයට විද්‍යාත්මක පදනමකින් අමාත්‍යාංශය හා ආයතන වෙන් කිරීම ගැන ද සාකච්ඡා කෙරුණු බවද සඳහන් කළේය.

එමෙන්ම එක් රටක් තුළ එක් නීතියක් ක්‍රියාත්මක කිරීමක් ගැන මෙන්ම ජාතික ප්‍රතිපත්ති සැඳීම ගැනත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කථා බහ කළ බවත් පැවසු අමරවීර මහතා, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ලකුණ පිළිබඳව මතය දැනුම් දීමට තීරණය කළ බවත් අනාගතයේ දී මෙම සාකච්ඡා සුබවාදීව අවසන් කර වමේ අපේක්ෂකයා දිනවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සෘජුව දායකත්වය දැක්වීමට එකතු වන බවත් පැවසීය.

කෙසේ වෙතත් අද සවස ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත් වීමට නියමිත බවද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ශ්‍රීලනිපය විසින් ඉදිරිපත් නොකරන්නේ නම් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීකුමාර වෙල්ගම මහතා ඉදිරිපත් වීමට තීරණය කර තිබීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී අදහස් විමසා සිටියේය.

එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, වෙල්ගම මහතා ඉදිරිපත් කිරීමට කිසිදු තීරණයක් හෝ බලාපොරොත්තුවක් නොමැති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ නැති වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දේශපාලන කටයුතු කරයි යනු තම බලාපොරොත්තුව බවද අමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුව විසින් අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා යමින් රාජ්‍ය සේවය සඳහා පුද්ගලයින් බඳවාගැනීම් කටයුතු සිදු කරමින් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. 

එමෙන්ම ආණ්ඩුව ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් සිටින බව නිදහස් සන්ධාන මහලේකම්වරයා සඳහන් කළේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේය.

පොදුජන පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර සාකච්ජා ගැන සුබවාදීව බලාපොරොත්තු වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් නක අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීන්දු කර ඇත්තේ ජනාධිප මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම බව මහින්ද අමරවීර මහතා  සඳහන් කළේය.

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැනට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට හිමි නොවුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි එ.ජ.නි.ස මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පුවත්පතකට පවසා ඇත.

සාලින්ද දිසානායක මහතා මිය ගිය පසු ඒ බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරිවරයාට දැනුම් දෙන අවස්ථාව වන විට ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා අස් වී සිටීම ඔහු ඊට හේතුව හැටියට දැක්වීය.

එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා ඉතුත් අගෝස්තු 5 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ අභාවයෙන් මාසයක කාලයක් ඉක්ම ගොස් ඇතත් අදාළ පුරප්පාඩුව පිරවීමට තවමත් හැකි වී නැත.

සාලින්ද දිසානායක මහතාගෙන් පසුව කුරුණෑගල එ.ජ.සි.නි.ස ලැයිස්තුවේ ඊළඟට වැඩි ඡන්ද ලබාගෙන සිටියේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන ශාන්ත බණ්ඩාර මහතාය. ශාන්ත බණ්ඩාර මහතා සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා මිය යනවිට පත්කළ මන්ත්‍රීවරයකු වශයෙන් පත්ව සිටි හෙයින් ඒ පුරප්පාඩුවට සුදුසුකම් ලැබුවේ ශාන්ත බණ්ඩාරගෙන් පසුව ඊළඟට වැඩිම ඡන්ද ලබාගෙන සිටි වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී.බී හේරත් මහතාය. 

ශාන්ත බණ්ඩාර මහතා ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වීමට අවශ්‍ය බව කියමින් අගෝස්තු 07 වැනිදා පත්කළ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

 

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කිරීමේ තීරණයකට තවමත් එළඹී නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. 

නුවරඑළිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළ යෝජනාවලට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් එකඟතාවය ලැබුණු බවයි.

පක්ෂය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට ඇති බවත් ඉදිරියේ දී එම සාකච්ඡා පැවැත්වීමටත් එකඟතාවක් ඇති වු බව ද අමරවීර මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පල කිරීමේ තීරණයක් තවමත් ගෙන නොමැති අතර පක්ෂයක් ලෙස ඉදිරියේ දී තීන්දු ගන්නා බවත් පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන එම කටයුතු සිදු කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

සාකච්ඡා සාර්ථක වුවහොත් පක්ෂ දෙකෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් නැති අතර එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් සහාය පල කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් තිදෙනෙක් ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එම පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න සහ නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර යන අයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 68 වන සංවත්සර සැමරුම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද ආරාධනා පත‍්‍රයක් යොමු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

කොළඹ, සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 3 වැනිදා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිත පක්‍ෂ සංවත්සරය සඳහා සන්ධානය සමඟ කටයුතු කරන සියලූ දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් වෙත ද ආරාධනා පත‍්‍ර යොමු කරන බව මහලේකම්වරයා සඳහන් කළේය.

එසේ නොමැතිව කිසිම පුද්ගලයකුගේ නමට ආරාධනා යොමු කරන්නේ නැතැයි කී අමරවීර මහතා එම පක්‍ෂ විසින් නම් කරන නියෝජිතයින් සංවත්සර සැමරුම සඳහා සහභාගී වනු ඇතැයි ද කියා සිටියේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (28) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

පක්‍ෂ සංවත්සරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හෝ ශ්‍රීලනිපයේ සිට වර්තමානයේදී පොදුජන පෙරමුණට හා එක්ව සිටින මන්ත‍්‍රීවරුන්ට ආරාධනා කර තිබෙනවාද? යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියා ප‍්‍රශ්න කළේය.

පක්‍ෂයේ අයට මෙයට සහභාගී වීමට ආරාධනා අවශ්‍ය නැති බවත්, පක්‍ෂය වෙනුවෙන් ඔවුන්ට සහභාගී විය හැකි බවත් අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සකස් කරන සන්ධානය පිළිබඳව අද පැවැති සාකච්ඡා සාර්ථක වූ බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අදාළ  සාකච්ඡාවේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳව පක්ෂ නායකයින් දැනුවත් කිරිමට කටයුතු කරන බවත්, මීට අමතරව ඉදිරියේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදුවන බවද පවසා සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා ඊයේ (22) පැවසීය.
 
ඔහු මේ බව පැවසූයේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
 
ඉතාමත් ඉක්මනින් දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබුණද ඔහු එම පක්ෂයේ සාමාජිකයෙක් නොවන නිසා ඔහු සමග වෙනම සාකච්ඡා කළ යුතුව ඇතැයිද අමරවිර මහතා එහිදි පැවසීය.
 
තම පක්ෂයේ අරමුණ පුද්ගලයෙක් දිනවිම නොව රටට පොදු ප‍්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී එය ක‍්‍රියාවට නැගීම බවද ඔහු පැවසීය.එම ප‍්‍රතිපත්ති මාලාව මේ වන විට සකස් කර ඇති බවද ඔහු පැවසීය. 
 
ඇමති මණ්ඩලය තිහකට සීමා කිරීම,  මනාප ක‍්‍රමයක් නැති පක්ෂ තුළ එකිනෙකා මරාගන්නා තත්ත්වයක් ඇති නොකරණ, කුඩු කාරයින්ට හා ජාවාරම්කාරයින්ට ඉදිරිපත් වීමට ඉඩක් නොලැබෙන නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරිම, ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම, අත්‍යවශ්‍ය ආහාර හා අනෙකුත් කාර්මික නිෂ්පාදන මෙරටදීම නිෂ්පාදනය කිරිමට ක‍්‍රමවේදයක් සැකසීම, විදේශ ණයෙන් ක‍්‍රමානුකුළව මිදෙන ආර්ථික ක‍්‍රියාවලියක් ඇති කිරිම, මෙම ප‍්‍රතිපත්ති මාලාවට ඇතුළත් වන බවද අමරවීර මහතා පැවසීය.

Page 1 of 3


DLB Desktop