April 06, 2020

ඉදිරි මැතිවරණයෙන් පසුව රාජපක්ෂවරු පරාජයට පත් කර සජිත් ප්‍රේමදාස මහතා අගමැති පුටුවට ගෙන ඒම සදහා සියලුම බලවේග එකතු කරගෙන පුළුල් සන්ධානයක් නිර්මාණය කර ඇති බවත් එයට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාදීමේ අරමුණින් කටයුතු කරන අය බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, මේ අවස්ථාවේදී අවධානය යොමු කළ යුතු වන්නේ රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක් ලැබීම වැලැක්වීමට නොව එක්සත් ජාතික පක්ෂය ඇතුළු සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවාගැනීම බවත් ඔහු සදහන් කළේය.

ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ ගම් මට්ටමේ නියෝජිතයින්ගේ වැඩමුළුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද කීවේය.

"මේ වෙලාවේ පක්ෂයේ අර්බුදයක් නැහැ. සියලු දෙනාම එකතු වෙලා එක ලකුණකින් තරග කිරිමට තීරණය කර තිබෙනවා. එක ලකුණකින් තරග කරලා ජයග්‍රහණය කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. අර ලකුණම ඔ්න, මේ ලකුණම ඔ්න, අර ලේකම් ම ඔ්න, අර නායකයාම ඔ්න කියලා සමහරු කියන්නේ ඇයි? රාජපක්ෂලාට විරුද්ධව ‌සටන් කරනවාට අකමැති අය තමයි මේ වගේ කතා කියන්නේ. රාජපක්ෂවරුන්ට විරුද්ධව කටයුතු කරනවා නම් අපි හැමෝම එකට එකතු වෙන්න ඔ්න. අපි හදන සන්ධානය කඩා කප්පල් කරන්න කවුරු හරි උත්සාහ ගන්නවා නම් ඒ අයගේ අවශ්‍යතාවය වෙන්නේ රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක බලයක් අරගෙන දීමයි. එහෙම නැතිනම් තුනෙන් දෙක පස්සේ හරි එල්ලලා දෙන්න තමයි මේ අය හදන්නේ. අපි සියලු බලමුළු එකතු කරලා සන්ධානය හදන්නේ රාජපක්ෂවරු පරාජයට පත් කිරීමටයි. කවරුන් හෝ මේ සන්ධානයට විරුද්ධ වෙනවා නම් ඒ අය උත්සාහ ගන්නේ නැවත වරක් රාජපක්ෂවරුන්ට බලය ලබාදීමයි."

"මේ සන්ධානයට කවුරුන් හෝ චෝදනා කරනවා නම්, සජිත් ප්‍රේමදාස මහාතගේ නායකත්වයට, රංජිත් මද්දුමබණ්ඩාර මහත්තයාගේ මහ ලේකම්ධූරයට අභියෝග කරමින් අපි අරගෙන යන ගමනට බාධා කරනවා නම් ඒ අය රාජපක්ෂවරුන්ගේ පඩි ලයිස්තුවේ, රාජපක්ෂවරු නැවත වරක් බලයට ගෙන ඒමේ ගනුදෙනුවේ ඉන්න ඩීල් කාරයෝ කියලා අපි බය නැතිව කියනවා. මේක දේශපාලනය දන්න ඔබලාට අලුතින් කියා දිය යුතු නැහැ. මේක තමයි ඇත්ත කතාව. රනිල් වික්‍රමසිංහත් අපිට අවශ්‍යයි. සජිත් ප්‍රේමදාසත් අපිට අවශ්‍යයි. මේ නිසා තමයි හැමෝම එකතු කරගෙන පුළුල් සන්ධානයක් නිර්මාණය කළේ. අපිට අවශ්‍ය ජයග්‍රහණය කිරීමටයි. අපිට අවශ්‍ය මහින්ද රාජපක්ෂ නැවත වරක් අගමැති වීම වැලැක්වීමට තමයි අවශ්‍ය.  සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති කිරීමට තමයි අපිට අවශ්‍ය. ඒකට අපි එකතු වෙමු. ශක්තිමත් වෙමු. අපි මේ ගමන ඉදිරියට යමු. ඒ සන්ධානය ලබන සතියේ සදුදා දිනයේදී එළිදකිනවා. රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකක් ලැබෙන්නේ නැහැ. ඒක හොදටම විශ්වාසයි. අපි මේ වෙලාවේ අවධානය යොමු කරන්න ඕනේ රාජපක්ෂවරුන්ට තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීම වැලක්වීමට නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති පුටුවේ වාඩි කරවීමට."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය (එස්.ජේ.බී) යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන බවත්, මෙම සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස අලියා ලකුණ ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

සියලුම පක්ෂවල එකඟතාවයෙන් රාජපක්ෂවරු පරාජය කිරීම සඳහා සමගි ජන බලවේගය නායකත්වය ලබාදෙන බවත්, ආණ්ඩුව සමග ඩීල් නොමැති සියලු දෙනාටම මේ සමඟ එක්විය හැකි බවත් මන්ත්‍රීවරයා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

"එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ආශිර්වාදයෙන් අලුත් දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමටත්, එම සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමටත් තීරණය කර තිබෙනවා. ඒ වගේම මෙම සන්ධානයේ මහ ලේකම්වරයා විදියට රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නමත් කෘත්‍යාධීකාරී මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව අපි සමගි ජන බලවේගය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කරනවා. මේ සමගි ජන බලවේගය සම්බන්ධයෙන් නොයෙක් මතවාද පළ කර තිබෙනවා. මෙහි ලාංඡනය සම්බන්ධයෙන් විවිධ අදහස් විවිධ අය දක්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කල් තරග කළ අලියා ලකුණින් තරග කිරීමට අපි කැමැතියි. සමගි ජන බලවේගය සඳහා අලියා ලකුණ ලබාදෙන්න කියලා අපි ඉල්ලීම් කර තිබෙනවා. සමගි ජන බලවේගය පක්ෂය මීට පෙර අපේ ජාතික පෙරමුණ නමින් තිබුණේ. අපේ ජාතික පෙරමුණේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයාත්, රාජිත සේනාරත්න මහත්තයා මහ ලේකම්වරයා විදියටත් නම් කරලා පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචියට අවශ්‍ය කටයුතු කරලා තිබුණා.  මේ පක්ෂය තමයි අලුත් සන්ධානය හදන්න ගත්තේ. මේ පක්ෂයේ ඉංග්‍රීසි අක්ෂරවලින් කියවෙන දේ එක්සත් ජාතික පක්ෂයට සමාන බව කියලා නීතීඥයෙක් මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් යවා තිබෙනවා.  නමුත් ඒ නීතීඥයා යවපු කාරණයේ කිසිදු සත්‍යතාවයක් නැහැ. එස්.ජේ.බී. යන නමින් තමයි අපි කටයුතු කරන්නේ. සියලු දෙනාගේම සහයෝගයෙන්, සියලු පක්ෂවල එකගතාවයෙන්, රාජපක්ෂවරු ගෙදර යවන්න, පීඩාවට පත් වෙලා සිටින ජනතාව ආරක්ෂා කරගැනීමට, පාක්ෂිකයින් ආරක්ෂා කරගැනීමට, ආණ්ඩුව සමග ඩීල් නැතිව කටයුතු කිරීමට අපි සමගි ජන බලවේගය ශක්තිමත්ව ඉදිරියට රැගෙන යනවා." 

ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම් බවත් කිසිම අවස්ථාවක ඔහු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඔහු වැරැද්දක් කර ඇතිනම් ඔහුට විරුද්ධව කටයුතු කිරීමට විපක්ෂය අවශ්‍ය නැති බවත් පාර්ලිමේන්තුව දේශපාලන ගේම්වලට යොදා ගත යුතු නැති බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“කතෝලික ජනතාව විතරක් නෙමෙයි සමස්ත ශ්‍රී ලාංකිකයින් විදියට අපේ ජනතාව තමයි නැතිවුනේ. මේ මිය ගිය ජීවිත සම්බන්ධයෙන්, තුවාල වූ අය සම්න්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහම වගකියන්න ඕන. මේ ඇතිවූ සිදුවිමේදී, දෙසීය ගණනක් ජීවිත නැතිවෙලා, තුවාල වෙලා,ආබාධිත වෙලා ඉන්න අය සම්බන්ධයෙන් ඇති වගකීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද? මේ වගේ සිදුවීමක් වෙන බව දැනගෙන ඉදලා, මේ පිළිබද ආරක්ෂක අංශවලට තොරතුරු ලබා නොදුන්න අය කවුද කියලා මේ පාර්ලිමේන්තුවෙන් හොයලා, මේ ත්‍රස්තවාදය ආරම්භ කිරීමට උදව් කරපු අය කවුරුන්ද කියලා බලලා ඔවුන්ට දඩුවම් ලබාදෙන්න ඕන. ඒක පැත්තකට දාලා ප්‍රශ්ණයෙන් පළා යන්න හදන්නේ.අපි කියන්නේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ නම්, අඩුම තරමේ වාහනයක් දීලා, කාමරයක් දීලා, දුරකතන ඇමතුමක් දීලා තියෙනවා නම් අපිත් රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව කටයුතු කරනවා. ඔහු වැරදි කරලා තියෙනවා නම් දඩුවම් ලබාදීමට විපක්ෂයක් අවශ්‍ය නෑ. අපි වැරදි කරලා තියෙනවා නම් අවශ්‍ය  පියවර අපි ගන්නවා."

"මේ සම්බන්ධයෙන් වැරදි කරලා තියෙනවාද කියන එක ගැන තීරණය කරන්න තියෙන තැන පාර්ලිමේන්තුව නෙමෙයි. මේ පිළිබද පොලීසිය, හමුදාව හරහා මේ පිළිබද නිවරදි පරීක්ෂණයක් කරලා වැරදි කරලා තියෙනවා නම් ඔහු ගෙදර යවන්න නෙමෙයි හිරේ යවන්නත් අපි සූදානම්. එතුමා වැරදි කරලා තියෙනවානම් හිරේ යවන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ. පාර්ලිමේන්තුව තමන්ගේ දේශපාලන ගේම් වලට තැනක් කරගන්න එපා. මැරුණ මිනිස්සු තමන්ගේ දේශපාලන ගේම් එකක් කරගන්න එපා. දැන් ඉදිරිපත් වෙලා තිබෙන විශ්වාසභංග යෝජනාව දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා උදය ගම්මන්පිල මහත්තයා කියලා තිබුණා. මේ මැරුණු අහිංසක ජීවිත උඩින් ගිහින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාදඩ වැඩ කරන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊයේ (27) පැවසීය.

කුවේට්හි සුරක්ෂා නිවාසයේ සිටින ශ්‍රමික කාන්තාවන් 34 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ටිකට්පත් සූදානම් කර තිබියදී රාජපක්ෂ මන්ත්‍රීවරයා සේනානි නම් කාන්තාවකට මුදල් එකතු කරන ලෙස දන්වා ට්විටර් පණිවිඩයක් යවා තිබෙන බව බවද නානායක්කාර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රමිකයන් නොමග යවා සිය අරමුණු ඉටුකර ගැනීමේ  පහත් දේශපාලනයක නිතර වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි  මහතා සඳහන් කළේ මෙම සේනානි නම් කාන්තාව මීට පෙර මුදල් විශුද්ධිකරණ යටතේ චෝදනාවට ලක්වූ තැනැත්තියක් බවයි.