February 17, 2020

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකළ පුද්ගලයින් ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දැනටමත් ගිවිසුම් ගතවී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදි ඇය මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහත්මිය මෙසේ පැවසීය.

"ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අපේ කඳවුරේ සියලූ දෙනා සියළු ශක්තිය එක මිටකට එකතු කර කැපවෙනවා.  නමුත් අද එජාපයට මොකද වෙලා තියෙන්නේ.  එජාපයට වෙලා තියෙන්නේ එලියට පේන්න හොඳට පවුල් කෑවට ඇතුළෙ තියෙන්නේ විශාල වෛරයක්. ලෝකෙට පේන්න හොඳට ඉන්නවා. නමුත් ඇතුළෙ රනිල් සජිත් ආරවුල දිගටම යනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න අපිට විශේෂිත සැලසුමක් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ පාර්ශවය  සජිත් ප්‍රේමදාස පරාජය කරන්න විශේෂිත සැලසුම් සකස් කරමින් සිටිනවා.  සජිත් ප්‍රේමදාස කියන්නේ රනිල් වික්‍රමසිංහ විරෝධී එජාප පාක්ෂිකයින්ට  පොඩි ආකර්ෂණයක් ඇති කරන පුද්ගලයෙක් වුණත්  එය මැතිවරණ ක්‍රියාවලිය තුළ තීරණාත්මක සාධයක් නොවේ. පාවෙන ඡන්ද කියන කොටසට අද සජිත් ප්‍රේමදාස විහිළු සපයන්නෙක් බවට පත්වෙලා. උසනම් සිකියුරිටි මිටි නම් කම්කරු දේශපාලන න්‍යාය දැන් රටට හරියන්නේ නැහැ.මේ වගේ න්‍යායක් තිඛෙන නායකයෙක් රටේ ජනාධිපති කරන්න බැහැ කියලා මොලේ තියෙන ඕන කෙනෙකුට තේරෙනවා. රටක් ඉදිරියට ගෙනියන්න නම් දර්ශනයක් සැලැස්මක් අවශ්‍ය යි. රට ගොඩනඟන වැඩපිළිවෙළ රටේ ජනතාවට ඉදිරිපත් කරනවා ඇරෙන්න බොරු දේශපාලන පොරොන්දු ලබාදීමෙන් අද මැතිවරණයක් ජයග්‍රහණය කරන්න බැහැ.සජිත් ප්‍රේමදාස දිගටම කියනවා තමන්ගේ පියාගේ කාලයේ වගේ යුගයක් නැවත ඇති කරනවා කියලා.  ආර් ප්‍රේමදාස යුගයේ එජාප බලයේ  ඉන්නකොට හැටදහසක් තරුණ තරුණ තරුණයන්ට එලොව පොල් පෙන්නුවා. මම අහනවා සජිත් පේමදාස වටේ ඉන්න සිවිල් ක්‍රියාකාරීන් ගෙන්ත්‍රීමාවිතාරණ ඝාතනය ,චරිත ලංකාපුර ඝාතනය, සාගරිකා ගෝමස් ඝාතනය, ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය, ගැන දැන් මොකද්ද කියන්නේ කියලා. ආර් ප්‍රේමදාස යුගයක් නැවත ජූනියර් ප්‍රේමදාස විසින් ඇතිකලොත් තරුණ කාලයේ අපි මුහුණ දීපු භීෂණකාරී තත්ත්වයට නැවත රට මුහුණ දෙන්න ඉඩ තිබෙනවා. ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය වෙනවා. මේ රටේ අම්මා වරුන්ගෙන් මම ඉල්ලනවා එවැනි භීෂණයකට ඉඩ තියන්න එපා කියලා. සජිත් ප්‍රේමදාස මේ වෙනකොට එජාප ආණ්ඩුවේ හොරු සියලූ දෙනා එක්ක ගිවිසුම් ගහලා තියෙනවා.  මහබැංකු මංකොල්ලයෙන් වැරදිකරුවන්ට දඬුවම් නොදෙන්නත් ගිවිසුම ගහලා ඉවරයි. රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් සිමෙන්ති කොට්ට දහයකට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටපත් කරමින් හිරිකිත දේශපාලනයක නියැළෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන  සගයෝ එතුමාගේ අධ්‍යාපන මට්ටම ගැන කතා කරපු එක ගැන කණගාටු වෙන්න දෙයක් නැහැ. මේ සිමෙන්ති කොට්ට ඛෙදාහැරීමේ කටයුතු වලින් අපට පෙනී යන්නේ එතුමා දෙවැනි රඟ දැක්වීමක් සිදුකරන බවයි. අද රට ගෝලීයකරණය වූ රටක්. එහෙම තත්ත්වයකදී සජිත් ප්‍රේමදාස හිතනවා සිමෙන්ති කොට්ට  දහයක් දීලා ජනතාවගේ ඡන්දය ලබා ගන්න පුළුවන් පුළුවන් කියලා.  නමුත් බුද්ධිමත් ජනතාවට ඡන්දය භාවිතා කරන්නේ නිවැරදි සැලැස්මක් සහ දැක්මක් තිඛෙන පුද්ගලයාටයි. රට ගොඩනැගීම සඳහා නොවැම්බර් 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට සියලූ කඳවුරු අද ඒකරාශී වෙමින් තිබෙනවා."

ආග්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අලූ‍ත් නාටකයක් පෙන්වීමට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්සය විසින් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නමින් අලූත් පෙරමුණකින් ඇවිත් ජනතාවට සේවය කරන්න දැන් සූදානම් වන බවයි.

ගියවර ජනාධිපතිවරණයේදී මේවැණි බයිලා කියම්න හංසයා අරගෙන ආ බවත් පක්ෂවල නම් වෙනස් කළාට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට ජනතාව රවටීමට නොහැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහදන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසීය.

“පරණ සිංහල කියමනක් තියෙනවා ඔලූ‍වෙ අමාරුවට කොට්ටෙ මාරු කරලා වැඩක් නැහැ කියලා. ඒ වගේම කැලේ මාරු කළාට පුල්ලි මාරු වෙන්නේ නැහැ. රට විනාශ කරපු, ජාතික ආරක්ෂාව නැති කරපු, ආර්ථිකය විනාශ කරපු රූකඩ පාලකයෝ නම වෙනස් කරගෙන ආයෙත් එන්න හදන්නෙ.  තව ඉංග‍්‍රීසි ඉංග‍්‍රීසි කියමනක් තියෙනවා අලුත් බෝතලයකට පරණ විස්කි දානවා වගේ කියලා. මේ ලෑස්තිවෙන්නේත් අලූ‍ත් බෝතලයකට පරණ අරක්කු ටිකම පුරවන්නයි. මොන විදියට නම වෙනස් කරගෙන ආවත් රූකඩ වැඩබැරි පාලකයන්ට රට භාර දෙන ජනතාව සූදානම් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු දැන් කියනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු ඔවුන්ගේ සන්ධානය සමඟ එකතු වෙන කතාවක් කියනවා. ඒ අතරේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු කියනවා අපිට වැදගත් වෙන්නේ පුද්ගලයන් නෙවෙයි ප‍්‍රතිපත්තිය කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන මාවත අපි විවෘත මනසින් දකිනවා.  ඔවුන් තම පෞද්ගලික න්‍යාය පත‍්‍රයන් ඉටුකරගන්න මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලණුවක් දීලා මේ ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අපට හොඳින්ම පැහැදිලියි. මේ අතර රවි කරුණානායක ඇමතිවරයාගේ අමාත්‍යංශය වෙනත් ස්ථානයකට ගෙනයන්න මිලියන 360 හතරක් ඉල්ලලා කැබිනට් පත‍්‍රිකාවක් යොමු කරලා."

"විදුලිබල අමාත්‍යාංශය අපිත් හිටියා. අපි කවදාවත් ලෙකෝ අරමුදල්වලට අත තිබ්බේ නැහැ. මේ අය ලෙකෝ මුදලටත් අත තියනවා. ඒ මුදල්වලින් ඇමතිවරු රට සවාරි යනවා.  ඒ උනාට  අපි ආරම්භ කරපු විදුලිබල ව්‍යාපෘති ටිකවත් අවසන් කර ගත්තේ නැහැ. චක‍්‍රලේඛ නිකුත් කරලා පුනරාවර්තන වියදම අඩුකරන්න කියනවා.  එහෙම කියන ගමන් ඇයි මේ විදිහට ලෙකෝ මුදල්වලට හදිස්සියේ අත තියන්නේ කියන එක අපිට සැකයි. ආණ්ඩු වෙනස් වෙන්න තියෙන්නේ තව මාස කීපයයි. ඉතින් මොකටද මෙතරම් හදිසියෙ අමාත්‍යාංශය වෙනස් කරන්නේ. අද අපේ හතුරා දුර්වලයි. ඒ නිසා මැතිවරණ තියන්නේ නෑ. විවිධ රූකඩ අපේක්ෂකයින් ඉදිරිපත් කරලා ජනාධිපතිවරණයේදී යම් විදිහකින් අපේ ජයග‍්‍රහණ ඡන්ද ප‍්‍රමාණය බෙදීමකට ලක් කරන්න ඔවුන් උත්සාහ කරනවා. රටේ ඉදිරි ජනාධිපතිවරයා පත් කරගැනීමේදී වගකීමකින් කටයුතු කරන්න කියලා අපි ජනතාව දැනුවත් කරනවා. රටට ආදරේ කරන, රට ගොඩනඟන ගොඩනඟන ජනාධිපතිවරයා බිහිවන එක වළක්වන්න ඇතැම් පිරිස් විවිධ උපක‍්‍රම යොදනවා. ඒ පිළිබඳව ජනතාව  අවබෝධයෙන් සිටිය යුතුයි. අද රටේ කොහේ ගියත් පොදු ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. ඒකාබද්ධ විපක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ අභ්‍යන්තරයේ විවිධාකාරයෙන් සාකච්ඡා පවත්වනවා.  එම සාකච්ඡාවල තීරණ විදිහට තමයි අපේ න්‍යාය පත‍්‍රය අපි සකස් කර ගන්නේ. අපි දැන් ලංකාව පුරා කාන්තා සම්මේලන පවත්වමින් යනවා.  හොඳ දේශපාලන  විඥානයක් තිබෙන දහස් ගණන් ජනතාව අද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීම වළක්වන්න කාටවත් බැහැ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා සියලූ‍ බලවේග ඒකරාශී වෙමින් සිටිනවා.“

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය කිසිවිටෙකත් එකඟ නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහර කාන්තා බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය කිසිසේත්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත අපේක්ෂකයා ලෙස පත්වනවාට කැමැත්තක් නොමැති බව ඇය පවසයි.

කුමන අපේක්ෂකයා පැමිණිය ද තම පොදු ජන පෙරමුණට එය අභියෝගයක් නොවන බවත් කෙසේ වෙතත් ඊළඟ ජනාධිපතිවරණයේ දී එජාපය කෑලිවලට කැඩෙන බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපි කිසිදු අවස්ථාවක හදිසි විදුලිය මිලදී ගැනීම් නොකළ බවත් රටේ විදුලි හිඟය ගැනත්, හදිසි විදුලි මිලදි ගැනීම් නිසා පාරිභෝගිකයාටත්, රටටත් වුණු  හානිය ගැන සලකා බලා අඩු මිලට විදුලිය නිපදවීමේ බලාගාර නිර්මාණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය

මන්ත්‍රීතුමිය මෙම අදහස් පළ කළේ ඊයේ (30) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පැවති පක්ෂ රැස්විමට එක්වෙමිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීතුමිය,

"මෙගාවොට් 40කින් යුක්ත උමාඔය ජල විදුලි බලාගාරය අපි දෙන අවස්ථාවේ 80%ක් වැඩ අවසන්. මෙගාවොට් 25 කින් යුක්ත රෝඞ්ලන්ඞ් බලාගාරය අපි 40%ක් වැඩ අවසන් කරලා තිබුණා. මෙගාවොට් 35කින් යුක්ත මොරගහකන්ද ජල විදුලි බලාගාරයෙන් 70%ක් වැඩ අවසන් කරලා තිබුණා. මෙගාවොට් 25කින් යුක්ත මොරගොල්ල විදුලි බලාගාරයෙන් 25%ක් වැඩ අවසන් කරලා තිබුනේ. අපේ යුගයේ මෙවැනි විදුලි බලාගාර රැසක් ඇරඹුවත් ගෙවුනු වසර කිහිපයේ මේ රජය කිසිදු විදුලි බලාගාරයක් හැදුවේ නැහැ. ඒ කාලයේ හදපු විදුලි බලාගාර කිසිවක් විදුලි බල පද්ධතියට එකතු කරන්න පියවර ගත්තෙත් නැහැ. ඉන්දියානු රජයත් එක්ක මෙගාවොට් 500 ගල් අගුරු බලාගාරයක් සාම්පූර්වල හදන්න සුදානම් කළා."

"ඒ සඳහා ශ්‍රී ලංකා රජයත් ඉන්දියානු රජයත් එක්ව සමාගමක් හදලා සාම්පූර්වල ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීමත් කළා. ඒකකයක් රුපියල් 9ට ජාතික විදුලි බල පද්ධතියට එක් කරන්නයි සූදානම තිබුණේ.  2017 වර්ෂයේ මේ බලාගාරය අපේ පද්ධතියට එක් කරන්නයි සූදානම තිබුණේ. ටෙන්ඩර් කැඳවලා බලාගාරය පටන් ගන්න විතරයි තිබුණේ. මේ ආණ්ඩුවට ඕන වුනේ මඩි තර කර ගැනීමට පුද්ගලික විදුලි බලාගාර ගේන්නයි. යුද්ධය ඉවර වෙන වෙලාවේ සම්පේෂණ පද්ධති බිඳ වැටිලා තිබුණා. අපේ සේවකයෝ ඉතා ඉක්මනින් ඒ සියල්ල යථා තත්ත්වයට පත්  කරලා ආණ්ඩුව භාර දෙන විට උතුරට 100%ක් විදුලිය දුන්නා. උතුරේ ජනතාව තමන්ගේ ජිවිකාව අරඹන තෙක් රජයයි විදුලි බිල ගෙව්වේ. විදුලි බල ක්ෂේත්‍රයේ අප ගෙන ගිය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන ගියා නම් කවදාවත් විදුලි හිඟයක් රටේ ඇති වෙන්නේ නැහැ. මේ අකාර්යක්ෂම, රට ගැන නොහිතන වැඩ බැරි වගකීම් විරහිත පාලකයින් අඩු මිලට විදුලිය දෙන්න අවශ්‍ය පියවර නොගත් බව මන්ත්‍රීතුමිය වැඩිදුරටත් පැවසීය.