March 31, 2020

මහජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක කිහිපයක ඉදිරි මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව අදාල දිස්ත්‍රික්කවල ජනතාව බහුලව ගැවසෙන රැස්වීම් හෙටින් පසුව සති දෙකක කාලයක් නවතා දැමීමට කටයුතු කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

මේ අතර රට තුළ පවතින අයහපත්  වාතාවරණය සැලකිල්ලට ගෙන තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද සිට අත්හිටුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (14) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

තමන්ගේ මැතිවරණ ජයග්‍රහණයට වඩා රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තම රජය වඩා සැලකිලිමත් වන බවත් එම නිසා මෙම තීරණය ගත් බවත් ඔවුහු පැවසූහ.

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන වැරදි තොරතුරු මෙන්ම ඒ සඳහා අනවශ්‍ය ලෙස භීතියට පත්වීමට දැනට එය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර තවදුරටත් සංකීර්ණ කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  මහතා පවසයි.

එසේම මහජනතාව තුළ භීතියක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති අනවශ්‍ය ප්‍රචාරයන්ට ලංකාව ගොදුරු නොවිය යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

අදට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සියලු දෙනාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව බලධාරීන්ගේ ප්‍රමුඛතාව බවයි.

“ශ්‍රී ලංකාවේ බලධාරීන් සියලු දෙනාගේ සෞඛ්‍යය හා ආරක්ෂාව එහි ප්‍රමුඛතාවය ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වැරදි තොරතුරු සහ අනවශ්‍ය ලෙස භීතියට පත්වීම දැනට ක්‍රියාත්මක කර ඇති පියවර සංකීර්ණ කරනවා.  මහජනතාව භීතිකාවක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති කොරෝනා වෛරස් අනවශ්‍ය ප්‍රචාරයට ශ්‍රී ලංකාව ගොදුරු නොවිය යුතුයි.”

එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස පාර්ශ්වය සහ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය යනුවෙන් දෙකට බෙදී ගැටුම් ඇතිකරගන්නා අතරේ දෙපිළම හිත හදාගන්නේ ආණ්ඩුවට බැනවැදීමෙන් බවත් ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් විසඳාගන්නවා විනා ආණ්ඩුව ඊට පළි නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

"සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ පිලයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙ පිලයි කියලා දෙකට බෙදිලා දෙන්නා ගහගන්නකොට දෙන්නම හිත හදාගන්නෙ අපට බැණලා. ඉතිං අපි මොනවා කරන්නද ? තමන්ගෙ පක්ෂෙ ප්‍රශ්නෙ තමන් බේරගන්න. මේ අපිව ගාවගන්න එපා ඒකට. අපි ඒකට සම්බන්ධත් නෑ, අපට අදාළත් නෑ. අපි අපේ වැඩටික කරගෙන යනවා ජනතාවට පොරොන්දු වෙච්ච පරිදි. එක්සත් ජාතික පක්ෂය සුපුරුදු පරිදි දෙන්නා බැනගන්නවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය. 

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත් මහතාට ශ්‍රී ලංකාවට පැමිණීම වීසා ලබාදීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් නාමල් මහතා සදහන් කර ඇත්තේ රජනි කාන්ත්ගේ පැමිණීමට බාධා කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

රජිනි කාන්ත් මහතාගේ රසිකයන් විශාල ප්‍රමාණයක් මෙරට සිටින බවත් තමා මෙන්ම තමාගේ පියාද ඔහුගේ සිනමා රසිකයන් බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහුට මෙරටට පැමිණීමට අවශ්‍ය නම්, ඒ සඳහා රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් හෝ කිසිදු බාධාවක් නොමැති බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩයෙන් අවධාරණය කරයි.

පූජනීය ස්ථානවල සහ වෙරළ තීරයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය ක්‍රමයෙන් තහනම් කිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා රජය සළකා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී පාදස්ථානය සමය ආරම්භ වී දින කිහිපයක් ඉක්ම  යෑමත් සමග එහි උඩමළුවේ දමාගොස් ඇතියි පැවැසෙන් ප්ලාස්ටික් හා පොලිතීන් පිළිබඳ ඡායාරූප කිහිපයක් තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හුවමාරු කර ගනිමින් මන්ත්‍රීවරයා මේ බව පවසයි.

පොලිතීන් හා ප්ලාස්ටික් වෙනුවට භාවිතා කළ හැකි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නව ආදේශක නිශ්පාදනය කිරීම මෙයට විසඳුමක් බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා එය මුලපිරීමක් ද විය හැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

පසුගිය අවුරුදු හතරාහාමාර තුල යහපාලන ආණ්ඩුවට ක්‍රියාකාලාපයට එරෙහිව විශාල කැපවීම් කළ පිරිසක් සිටිය බවත් ඒම පිරිස වගකීම් දැරිය හැකි මෙන්ම වගකීම් දැරිය යුතු පිරිසක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (27) පැවති නව රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්.      

නමුත් ව්‍යවස්ථාවට අනුකුලව එම පිරිසෙන් තොරාගැනීමක් සිදු කරමින් ජේෂ්ඨ සහ නවක අමාත්‍යවරින් තොරා ගනිමින් තනතුරු ලබා දුන් බවද ඒ මහතා පවසයි.

ඒ අනුව අලුත් මුහුණුවරක් ඉදිරියේදි රට තුල දැක ගත හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

එහිදි මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් කිසිඳු අමාත්‍යදූරටක් බලාපොරොත්තු නොවු බවයි.

පක්ෂය තුල තමන්ට ලැබුණු කර්යභාරයන් තිබේන බවත් ඒ අනුව ඉදිරියේදි කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව එළඹේන පාර්ලිමේන්තු මැතිවරණයේදි ස්ථාවර එටක් බිහි කිරීම සඳහා කටයුතු කරන බවද ඒ මහතා පවසයි.

මතිවරණය ජයග්‍රාහනය කිරීමට මෙන්ම ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට එළමේන කාලය තුල කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

එහිද මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා පැවසුවේ පසුගිය ආණ්ඩු සේ මවාපෑම් සිදු නොකර කර නිවැරදීව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රීපුද්ගල විනිෂ්චය මණ්ඩල සහ මුල්‍ය අපරාධ පරීක්ෂ කොට්ඨාශ වැනි ආයතන අවශ්‍ය නොවන බවත් ඒ සඳහා පවතින නීතිය සැහෙන බවත් ඔහු පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ වත්මන් ආණ්ඩුව කිසිදු විටකදි දේශපාලන පලිගැනීම් සිදු නොකරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදලි විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පෙබරවාරි මස 10 වනදා දක්වා විදේශගත වීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී තිබේ.

නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට විදේශ සංචාරයක යෙදීමට අවශ්‍ය වී තිබෙන බවයි.

ඒ සඳහා දැනට අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා එහෙත් ඒ පිළිබඳව  අධිකරණය දැනුවත් කිරිම සඳහා මෙම මෝසම ගොනු කළ බව දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ලබන පෙබරවාරි මස 10 වනදා දක්වා නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබාදුන් අතර එදින නඩු විභාගයට ගන්නා බව නියම කළේය.

නූතන ක්‍රමවේදයන් උපයෝගි කර ගනිමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. 

ඔහු පවසන්නේ ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මනා පලපුරුද්දක් පවතින බවයි. 

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ආණ්ඩුව විසින් යහපාලනය යන වචනය මේ රටේ ජනතාවට එපා කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මොරටුව ප්‍රදේශයේ පොදුජන පක්ෂ කාර්යාලක් විවෘත කිරීමේ උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අතර ගම්වල සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගේ සහය සියයට පොදුජන පෙරමණට හිමිවන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේ අලුත් නායකයෙක් සමඟ රටේ ජනතාව අලුත් ගමනක් යන්නට සූදානමින් සිටින බවයි.

මේ අතර පක්ෂයේ දේශපාලන නායකයින්ට හූ කියන සම්බන්ධයෙන් මාධ්‍ය වෙදියෙකු විසින් ඉදිරිපක් කළ ප්‍රශනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“එක්සත් ජාතික පක්ෂයේ අය අපේ වේදිකාවල වෙන දේවල් හොන්න කලින්. අන්තර්ජාලයෙන් මාධ්‍යවෙදියෙක් ලෙස හැසිරෙන තරුණයෙක් ආව ඒ තරුණයාට ගැහුවා. ඇයි ගැහුවේ? කවුද ගැහුවේ කියලා ඉස්රවෙලා හොයන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට හූ තිබ්බා. වෙනකාටත් නෙමෙයි. එක්සත් ජාතික පක්සයේ නායකයාට. ඒ ගැන හොයන්න. මේ එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නේ අල්ලපු ගෙදර වෙන දේවල් හොයන්නේ. ඒකනේ සජිත් මහත්තයාත් කිය්නනේ රෑට රෑට ගෙවල්වලට රිංගනවා කියලා. රෑට ගෙවල්වලට රිංගන එක එක්සත් ජාතික පක්ෂයට පුරුද්දකට ගිහින් තියෙන්න.“

දෙමළ ජාතික සන්ධානයේ සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට සැලසුම් කර ඇති බව මේ වන විට පවතින වාර්තා වලින් පෙන්වා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් පවසන්නේ පසුගිය වසර පහ තුළ ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් කර නොමැති තත්ත්වයක ඔවුන් මෙම තීරණය ගන්නේ නම් ඒ ගැනීම පසුපස මුදල්මය දිරිගැන්වීමක් තිබිය හැකි බවයි.

Page 1 of 3