February 17, 2020

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ දයා ගමගේ මන්ත්‍රීවරයා පැවසුවේ, පක්ෂය කුමන තීරණ ගත්තද, අද වන විට රට මුහුණ දී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ආදි ආනන්දීයයෙකු ලෙස තමන් ජනාධිපතිවරයාට සහය දක්වන බවයි.

රට ගොඩනැගීම සඳහා සියළුම ආනන්දීයයන්ට එකතුවන ලෙස ජනපතිවරයා ඇරයුම් කළ බවත් තමන්ද ආනන්දීයයෙකු වශයෙන් ජනාධිපතිවරයා කළ ඇරයුම පිළිගන්නා බවත් මන්ත්‍රීවරයා පැහිදිලි කළේය.

පක්ෂ අතර දේශපාලන තීන්දු තීරණ කුමක් වුවත් රට වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලට සහය දක්වන බවද එතුමා පැවසීය.

එහිදි මාධ්‍යවේදියෙකු මන්ත්‍රීවරයාලෙන් ප්‍රශ්නකරමින් අසා සිටියේ  ආනන්දීයයෙක් වශයෙන් ජනාධිපතිවරයාට සහය දෙනවා නම් පාර්ලිමේන්තුවේ 2/3ක බලට ඉල්ලුවිට එයට සහය දක්වනවාද යනුවෙනි.

එම ප්‍රශ්නයට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ සහය ලබා දීමට කිසිදු ගැටළුවක් නොමැති බවත් ඉදිරි මැතිවරණයෙදි සිය පක්ෂය ජය ගන්නා බවත්ය.

ඒ අනුව රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාට සහය දක්වන බවත් කිසිදු අවස්ථාවකදි ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කිරීමට අවශ්‍ය නොවන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ කටයුතු කළාට වඩා පහසුවෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කටයුතු කළ හැකි බවද මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටින බවත් තවත් පිරිසක් ඉදිරියේදී එක්වීමට නියමිත බවත්, අමාත්‍ය  දයා ගමගේ මහතා පවසයි. 

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළේය. 

එහිදි අමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරණයෙදි සජිත් ප්‍රේමදාස මහතා සියයට 55 ඉක්මවු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවයි.

එහිද ඔහු පැවසුවේ සිය ප්‍රතිවාදියා වන ගෝඨාභය රජපක්ෂ මහතා කිසිදු විටකදි සිය පක්ෂයට අභියෝගයක් නොවන බවයි.

හිටපු ජනාධිපිතිවරයා අපේක්ෂකයා වුයේ නම් යම් අභියෝගයක් තිබුනද වත්මන් අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු බියක් නොමැති බවද අමාත්‍යරයා ප්‍රකාශ කළේය.

තමාට මුදල් අමාත්‍යාංශය භාර දුන්නා නම්  රටේ මූල්‍යමය අර්බුදයක් ඇති නොවන බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශයේ කටයුතු සිදුවන්නේ ඉතාමත්ම අකාර්යක්ෂමව බවට චෝදනා කරන ඒ මහතා තමන්ට මුදල් අමාත්‍යාංශය භාර දෙන්නේ නම් තමන් ආර්ථිකය ගොඩ නඟා පෙන්වන බව ඒ මහතා ප්‍රකාශ කරයි.

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 5000 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක් මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට එක්වෙමින් දයා ගමගේ මහතා මේ බව පැවසීය.

තමන් කිසිදිනක මුදල් නැති බව පවසා වැඩ නොකළ සිටියේ නැති බවත් මුදල් උපයා ගැනීමට ඇති අපහසුතාව හඳුනන නිසා කිසිදු අවස්ථාවක තමන් මුදල් අනවශ්‍ය විදියට වියදම් නොකරන බවත් ඒ මහතා පැවසීය.

සමෘද්ධිය ලබාදෙන ලෙස තවත් අයැදුම්පත් ලක්‍ෂ හතරක් පමණ ලැබී ඇති බවත් එම පිරිසෙන් ඇත්තටම සමෘද්ධිය හිමි විය යුතු ලක්‍ෂ තුනහමාරකට තව මාසයක් ඉක්ම යෑමට පෙර සමෘද්ධිය ලබා දෙන බවත් ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේය.

දිස්ති‍්‍රක්ක 15 ක සමෘද්ධි පාලක මණ්ඩල සභාපතිවරුන් සහ සමෘද්ධිලාභීන් පිරිසක් හමුවේ පසුගියදා සුහුරුපාය අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයෙදි  පැවැති රැුස්වීමක් අමතමින් ඇමැතිවරයා ඒ බව කීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

“ජනතාව දිළිඳු බවින් මුදා ගැනීමට හැකි නම් රට ඉබේම සංවර්ධනය වෙනවා. කවුරුවත් රට සංවර්ධනය කිරීමට අමුතුවෙන් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ව්‍යාපාර 43 ක් මම ආරම්භ කර තිබෙනවා.  ඉන් 50000 කට පමණ රැකියා ලබා දී තිබෙනවා. ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බෝග පැළ කෝටි දහයක් ජනතාවට ලබාදී තිබෙනවා.  වැඩිහිටියෝ ලක්‍ෂ 26 කට ද, ආබාධිත ජනතාව ලක්‍ෂ 20 කට ද අපේ අමාත්‍යාංශය යටතේ සේවය සපයා දිය යුතුයි. වැන්දඹු කාන්තාවන් ලක්‍ෂ හයහමාරක් ද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගැනීමට ද සමාජ සේවා දෙපාර්තමේන්තුවට ලොකු වගකීමක් තිබෙනවා. අමාත්‍යාංශවල නිලධාරීන් ගොඩක් හිටියත් වැඩ කරන පිරිස සීමිතයි. සමෘද්ධිලාභීන්ට ගිය ආණ්ඩුවෙන් කෝටි 130 ක් ලබා දුන්නත් අපි ඒ මුදල කෝටි 500 දක්වා වැඩි කළා. සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් ඔවුන් ලබා දුන් කෝටි 130 ක් අපි කෝටි 180 ක් දක්වා වැඩි කළා.  සමෘද්ධිය නිකම් දුන්නු පලියට අපට මිනිසුන් සවිබල ගන්වන්න පුළුවන්කමක් නැහැ. ව්‍යාපෘති 50000 ක් අපි ඒ සඳහා සැලසුම් කර තිබෙනවා. ඉන් ව්‍යාපෘති 20000 ක් මේ වසරේ කි‍්‍රයාත්මක කරනවා. ඔබේ සහාය ඒ සඳහා අවශ්‍යයි. පක්‍ෂ, පාට භේදයක් අපට නැහැ. ගමේ තිබෙන සම්පත්වලින් ප‍්‍රයෝජනයක් ගනිමු."

රී ලංකාවට වැඩිම ආදායමක් උපයා දෙන්නේ ඇඟළුම් කර්මාන්තය බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ඔවුන්ගේ රැකියාවේ අභිමානය නැති කළ බවත් අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසීය.

ඊයේ (07) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“අපේ රටේ ආර්ථිකයේ වැඩිම මුදලක් ලබාගත්තේ ඇඟලුම් තුළින්. සුද්දියන්ට යට ඇඳුම් මහනවා කියලා අහිංසක දැරියන්ගේ රැකියාවේ අභිමානය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව නැති කළා. නයිට් රේස් පදින්න නාමල් බේබිලට ඩොලර් වලින් ගෙවන්න ඕන. ඔය ඩොලර්ටික හම්බකරලා දුන්නේ ඇඟලුම් කර්මාන්තශාලාවල ඉන්න දරු දැරිවියෝ”

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන්ගේ කිසිම හිඟයක්  නැති බවත් අපේක්ෂකයන් දස දෙනෙකු පමණ  පක්ෂයට සිටින බවත් අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

මහනුවර සිරිමල්වත්ත, ප්‍රදේශයේ  පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වන නාමයන් අනුව සුදුසු අපේක්ෂකයා ඒ අවස්ථාවේදී නම් කරන බවද දයා ගමගේ මහතා පැවැසිය.

ගෝඨාභය රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කවුරුන් හෝ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එය එක්සත් ජාතික පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තමා රුපියල් මිලියන 2800ක් ආයෝජනය කරමින් දියුණු කළ සෙවණගල සීනි කර්මාන්ත ශාලාව 2011 වසරේදී රජයට පවරා ගත්තේ කැලෑ නීතියෙන් යැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සුභසාධන ඇමති දයා ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

එහි තිබූ ණය බර හැර සියල්ල එදා රජයට පවරා ගැණුනු බව කී ඇමතිවරයා තමාට අවශ්‍ය එම කර්මාන්තශාලාව යළි ලබාගැනීම නොව ලැබිය යුතු නියමිත වන්දිය ලබාගැනීම බවද සඳහන් කළේය.

තමා එක්සත් ජාතික පක්ෂය හා දේශපාලනය කිරීම තම ව්‍යාපාරය අහිමිවීමට හේතු වූ බවද හෙතෙම කීවේය.

සෙවණගල කර්මාන්තශාලාව ලාභ ලබන බව කීවත් එය පසුගිය වසරේ මිලියන 46ක පාඩුවක් ලබා ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

ඉදිරියේ පැවැත්වෙන ජනපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ නම් තමන් ඒ සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිරිකොත ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් පැවැසීය.

“දිනන අශ්වයෙක් දාන්න ඕන. සජිත් ප්‍රේමදාස මහතාත් හොඳයි. දයා ගමගේ මහතා කිව්වා කවුරුවත් ඉදිරිපත් වනේනේ නැත්නම් එතුමා ඉල්ලනම් කියලා. ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා. නවීන් දිසානායක මහත්තයා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා ඉන්නවා. හැට හුට හමාරක් ඉන්නවා. දයා ගමගේ මහත්තයත් කිව්වේ වෙන පක්ෂයෙන් කෙනෙක් දාන්නේ නැතිව එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් දාන්න කියලා.”

එකිනෙකාට චෝදනා කිරීම නවතා සියලුදෙනා එක්ව රටේ ආර්ථිකය ගොඩනැංවිය යුතු බව සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

රත්නපුර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළේය.

අමාත්‍ය දයා ගමගේ "එදා සරත් ෆොන්සේකා මහතා රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරනවා කිවුවහම මහින්ද රාජපක්ෂ කිවුවා "මට බොරු කියන්න බෑ. මම රුපියල් 2000කින් වැඩි කරන්නම්" කියලා. එතුමා ජනාධිපති වුණාට පස්සේ ඒ රුපියල් 2000වත් වැඩි කළේ නෑ. හැබැයි අපි පඩි වැඩි කළා.

අපේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, නිදහස් සෞඛ්‍ය වෙනුවෙන්, පාරවල් නඩත්තු කරන්න අලුතින් සංවර්ධනය කරන්න මේ හැමදේටම අපි ණය ගන්න ඕනෙ. දැන් අපි මහින්දලාට බැනලා වැඩක් නෑ අපි ඔක්කොම මේ වගකීම අතට ගන්න ඕනෙ. අපි රටේ නිෂ්පාදනය වැඩි නොකළොත් මේ ණය උගුලෙන් ගැලවෙන්න විදිහක් නෑ."

තවත් පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ලබාදීමේ වැඩසටහන යටතේ පවත්වන උත්සව හා ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කර ඇති වියදම් සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරුදීම ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා හිතාමතා මගහරින බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය.
 
මේ වෙනුවෙන් අමාත්‍යාංශය රුපියල් කෝටි 24 කට අධික මහජන මුදල් වැය කර ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

තමා මේ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දීම ඇමැතිවරයා මඟ හැර ඇතැයි හෙතෙම සදහන් කළේය.

Page 1 of 2