April 02, 2020

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් කොළඹින් තරග කර ජයග්‍රහණය කර පෙන්වන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වමින් ඒ මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කය තුළ නායකත්වය දැරූ බවයි.

රණසිංහ ප්‍රේමදාස මහතාට බිම් මට්ටමේ සිට විශාල වැඩක් කර කොළඹ දිස්ත්‍රික්කය තුළ නමක් දිනා ගෙන ඇතැයි ද පැවසු ඒ මහතා‍, සජිත් ප්‍රේමදාස මහතා විශාල පරාජයක් හම්බන්තොටින් ලබලා කොළඹින් ඉදිරිපත් විමේ දී ජනතාව ඒ ගැන සැළකිලිමත් වනු ඇතැයි ද පැවසීය.

එනිසා සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයේ දී කොළඹට පැමිණියහොත් එතුමා දැවැන්ත පරාජයකට පත් වෙන බවත් පැවසු සුමතිපාල මහතා, එවැනි දෙයක් කළ හැකි නම් තමන් බොහෝම කැමති යනුවෙන් ද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී තවත් කොටස් කිපයකට බෙදී යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

මහනුවර පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා මේ බව පැවසීය.

“වික්ෂය පරාජය බලාපොරොත්තු වෙනවා. අපි දිනලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ තාම නායකයා කවුද කියලා දන්නේ නෑ. අගමැති අපේක්ෂකයා දන්නේ නෑ. සමහර අය හඬපට එක්ක හිරවෙලා ඒවට විනය ක්‍රියාමර්ග ඇවිල්ලා“

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට ගත් තීරණය තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ වැටීමට ඉඩනොදෙන බව තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොරටුව නව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගෙන පෝෂණය කර ගෙන ඉදිරියට යා යුතු බවයි.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු ආදරය බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැටෙන්නට ඉඩනොදී ආරක්ෂා කර ගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවද, රාජ්‍ය අමාත්‍යවැයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඒ.එච්. එම්. ෆවුසි මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කර ඒ පුරප්පාඩුව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පත්වීමට උත්සාහ දරන්නේය යනුවෙන් එල්ල වන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි. 

ඒ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"ඇත්තටම පට්ටපල් බොරුවක්. හිටපු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු එන්න ඕනෙ නම් අපේ ඕනෙ කෙනෙක්ට ඉල්ලා අස්වෙලා ජාතික ලැයිස්තුවෙන් එතුමාට එන්න පුළුවන්. නමුත් එතුමා තීන්දු කළා මේ මාස කිහිපය එතුමා තමන්ගේ පෞද්ගලික කටයුතුවලට, පවුලේ අයට වෙලාව යෙදෙව්වෙත් නෑ, ඒනිසා පොඩ්ඩක් ඉඳලා මහමැතිවරණය එනකොට කල්පනා කරනවා කියලා මොකද්ද කරන්නෙ කියන එක. "

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වංචා, දූෂණ සිදුකළ බවට තමාට විරුද්ධව ලංකාවේ හෝ ජාත්‍යන්තරව කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනාවක් එල්ල වී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශය දේශපාලන තීන්දු අනුව ක්‍රීඩාවලට මැදිහත් වී තිබෙන බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා,

“අපේ ක්‍රීඩකයන් තරගයක් පාවා දුන්නු බවට කිසිම වාර්තාවක් අයි.සී.සී. එකේ නැහැ. තරග පාවාදෙනවා කියලා ලංකාවේ කාර්යාලයක් දාන්න කීමෙන් රට දූෂිතයි කියන එක ලෝකයට කියන්න සිදුවුණා. කිසිම තැනක ක්‍රීඩකයෙක් හොරකම් කරලා, නැත්නම් තරගයක් පාවාදුන්නා කියලා අපි විශ්වාස කරන්නෙ නෑ. ක්‍රිකට් පාලක මණ්ඩලය දැන් පවත්වාගෙන යන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්. දේශපාලන තීරණ මත නිලධාරීන් ඉවත් කර තිබෙනවා. ඡන්දයෙන් තෝරා පත් කරගත් අයට ටික කාලයක් දීලා බලන් හිටියොත් ක්‍රියාත්මක වේවි. අවුරුදු 2 ½ක කාලයක සිට මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ කරන්න ගියේ නෑ. 2018 මැයි මාසයේ ඉවත් වුණා. ගිය වර නිලවරණයට ඉදිරිපත් වුණේ නෑ. මම දේශපාලනයේ යෙදී සිටින අයෙක් නිසයි ඉවත් වුණේ. මම ඡන්දයේදී සහාය දුන් අය දිනුවා. ඡන්දෙන් ප්‍රතික්ෂේප වූ අයට හිතේ අමාරුවක් ඇති. අතීතයේ සිදු වූ සියලු දේවල් කල්පනා කරකර අපට වර්තමානයේ වැඩ කරන්න බෑ. අලුත් දක්ෂයන්ට අවස්ථාව දෙන්න ඕනේ. පාර්ලිමේන්තුව පාවිච්චි කරමින් චරිත ඝාතන කරන්න දෙන්න බෑ. පාර්ලිමේන්තුවේ මුවාවෙන් ලිපිගොනු ඉදිරිපත් කර තිබුණොත් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. මොන නීති රෙගුලාසි ගෙනාවත්, ක්‍රීඩාව දේශපාලනීකරණය වීමෙන් ක්‍රීඩාව බේරගන්න බෑ. අපි පරිපාලනයට ආවට පස්සෙයි දේශපාලනයට ආවේ. කිසිම පරීක්ෂණයක වංචාවක් ගැන මට චෝදනා නැහැ. ලංකාවේ හෝ ජාත්‍යන්තර වංචාවකට මගේ නම ගෑවිලා නැහැ"

2015 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ජනාධිපතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ හේතුව පිළිබඳව සොයා බලා ඉදිරි දේශපාලන ගමන යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

දෙහිවල ගල්කිස්ස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කලේය.

එහිදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ අපේ සංස්කෘතිය, අපේ කම ගරු නොකරන අග්‍රාමාත්‍යවරයෙක් සමඟ කටයුතු කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට කටයුතු කිරීමට සිදුවු බවයි.

"රටම අකමැති එකම අගමැති රනිල් වික්‍රමසිංහ" මහතා බවත් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

එසේම එක්සත් ජාතික පක්ෂය තුළින්ම අග්‍රාමාත්‍යවරයා රටේ පළමු පුරවැසියා බවට පත් කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කිරීම සතුටට කරුණක් බවත් රටම ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බවත් තිලංග සුමතිපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම කටයුතු කරන්නේ එක්සත් ජාතික පෙරමුණට විරුද්ධව බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයාට හානියක් වන කිසිඳු තීරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට කිසිදු අවස්ථාවක වරමක් දී නොමැති බවත් ඒ සඳහා තුනෙන් දෙකක බලයක් ගැනීමට කිසිසේත් ඉඩක් නොදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙය දේශපාලනික වශයෙන් පිරිසක් සිර කිරීමට අග්‍රාමාත්‍යවරයා ගත් දේශපාලන උත්සාහයක් බවත් තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය උල්ලංඝණය කළ මහජන නියෝජිතයන් පිළිබඳ ගනු ලබන පියවර කඩිනම් කිරීමට එම පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණය කර තිබේ.

පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී එම පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්විය.

මෙහිදී අදහස් දක්වමින් දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා කියා සිටියේ, පක්ෂයේ විනය කඩ කල මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කඩිනමින් ගැනීමට සාකච්ඡා කළ බවයි.

මේ අතර මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා කියා සිටියේ ගෝඨාභය රාපක්ෂ මහතා කිසිදු පක්ෂයකට බැඳී නැති එක ගැන සතුටු වන බවත්, ජනාධිපති අපෙක්ෂකයා සමඟ එකඟතාවයකට යැමේ දී එය හොඳ ප්‍රවණතාවයක් බවත්ය.

ඊළඟ ජනාධිපතිවරණයේ දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට බලාරොත්තු වන බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සමඟ නැවත ජාතික ආණ්ඩු සෑදීමේ කිසිදු සූදානමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා යම් සාකච්ජාවක් පැවැත්වෙන බවට පළවන පුවත් අසත්‍ය බවයි සුමතිපාල මහතා කියාසිටියේය.

පසුගිය ඔක්තෝම්බර් 26 වැනිදායින් පසු එක්සත් ජාතික පක්ෂය සමඟ නැවත ආණ්ඩු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

Page 1 of 2