February 17, 2020

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1500ක් දක්වා වැඩි කරන බවට පොරොන්දු ලබා දුන්නද එය කිසිසේත් ප්‍රායෝගිකව සිදුකළ නොහැකි කටයුත්තක් බවට වත්මන් ආණ්ඩුව විසින්ම පෙන්වා දී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ගම්පොල නගර මධ්‍යයේ ඊයේ පැවති ජාතික ජන බලවේගයේ ජනරැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"පසුගිය මාර්තු මාසේ වතු කම්කරුවෝ දවසකට රුපියල් 1000ක් ඉල්ලලා අරගලයක් කළා. ඒ අරගලයට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ. එතකොට සජිත් කොහෙද හිටියේ? එතකොට සජිත් හිටියෙත් මේ ආණ්ඩුව ඇතුලේ. එතකොට සජිත් කැබිනට් ඇමති. එතකොට මේක දෙමු කියලා යෝජනාවක් කළාද? වතු කම්කරුවෝ හම්බෙන්න ගියාද? දැන් 1500ක් දෙනවලු. 1500 නෙවේ ඉල්ලපු දාහ දුන්න නම් ඉවරනේ. ඡන්දෙ ගන්න පොරොන්දු දිදී යනවා කෙළවරක් නැතුව. සජිත්ට රට හදන්න දෙන්න කියන්න අයිතියක් නෑ. මොකද එක්සත් ජාතික පක්ෂය මේ රට අවුරුදු 36කට වඩා පාලනය කළා."

රටේ බලය මාරුවන ජනාධිපති මැතිවරණයක් අභියස සිට කඩිමුඩියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් වැනි රටට බලපාන ගිවිසුම් ඇමරිකන් සමාගමක් සමඟ අත්සන් තැබීම සුදුසු නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (3) පැවසීය.

ජනතාවත් පාර්ලිමේන්තුවත් දැනුවත් කර නිසි සංවාදයකින් පසුව රටට අහිතකර නොවන්නේ නම් මැතිවරණ වලින් පසුව එය සිදුකළ යුතුව ඇතැයි ද ඔහු පැවසීය.

ටිල්වින් මහතා මේ බව සඳහන් කළේ පැල්වත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වන අතර තවදුරටත් මෙසේ ද පැවසීය.

"අපේ රටේ ඉඩම් පිළිබඳ ගැටලූ නිරවුල් කර එම තොරතුරු සියල්ල පරිගණක ගත කිරිම, ප‍්‍රවාහන පද්ධතිය හා මාර්ග පද්ධතිය නිරවුල් කිරිම මෙහි ප‍්‍රධාන අරමුණු ලෙස දක්වා තිබෙනවා.  ඉඩම් පිළිබඳ තොරතුරු සියල්ල පරිගණක ගත කර විදේශීය සමාගමක් අතට පත් කිරිම බරපතල අනතුරකට මුලක් විය හැකියි. ඒක රටේ ස්වෛරීභාවයටත්, අර්ථිකයටත් විශාල බලපෑමක් සිදුවිය හැකි තත්ත්වයක් ඇති කරනවා. මෙහි ඇති බරපතලම ගැටලූව වන්නේ රටේ ඉඩම් වෙළඳ භාණ්ඩයක් බවට පත්කර  ඕනම විදේශීය සමාගමකට ලංකාවේ ඉඩම් මිලදි ගැනීමට ඉඩ සැලැස්වීමෙන් රටේ ස්වෙරීභාවයට සිදුවන හානියයි."

"අපේ රට දුප්පත් රටක්. ගොවියා දුප්පත්. ඒ නිසා ඉඩම් පිළිබඳ ගැටලූ නිරවුල් වුණාම තමන්ගේ දුප්පත්කමට උත්තර ලෙස ඉඩම විකීමට පෙළඹීම වැඩියි.  අනතුර තිබෙන්නේ ඒ නිසයි. මේක බහුජාතික සමාගම්වලට අපේ ඉඩම් පහසුවෙන් මිලදී ගන්න හදපු ගිවිසුමක් ලෙසයි අපිට පේන්නේ. මෙතෙක් කලක් පැවති ආණ්ඩු විදේශීය සමාගම් හා රටවල් සමඟ අත්සන් කළ ගිවිසුම් වලින් රටට සෙතක් වෙනුවට සිදුවූ අහිතකර බලපෑම් වැඩි නිසා ජනතාව තුළ මෙවැනි ගිවිසුම් සම්බන්ධයෙන් සැක මතුවීම සාධාරණයි. ගිවිසුමෙන් සිදුවන්නේ රටට සෙතක් නම් එය ජනතාවටත් පාර්ලිමේන්තුවටත් වසන් කිරිමේ අවශ්‍යතාවයක් නැහැනේ. ආණ්ඩුව මේක හංගන එක තුළම සැකයක් ඇති කරනවා. ගිවිසුම අත්සන් කිරිමෙන් පසු පාර්ලිමේන්තුවට එය සංවාදයට ගන්න පුළුවන් කියලා ඇමෙරිකානු තානාපති කාර්යාලය කියලා තිබෙනවා. ඒකෙන් කිසිම වෙනසක් කරන්න බැහැ. හොඳම ක‍්‍රියාමාර්ගය නම් ජනතාව දැනුවත් කර පාර්ලිමේන්තුවත් දැනුවත් කර ඇති කරගන්නා සංවාදයකින් පසු රට හිතකර ලෙස ගිවිසුම් අත්සන් කිරිමයි."

බලයේ සිටි පාර්ශ්ව නැවත බලයට පැමිණීම සඳහා මැතිවරණයකට ඉදිරිපත් වන්නේනම් ඉන් හැඟවෙන්නේ ඔවුන් අසාර්ථක බව යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ලේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමිනි.

පළමු වතාවට පක්ෂයේ නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පක්ෂයේ සෙසු පිරිස විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවද ඔහු පවසයි.

පක්ෂ පක්ෂ අතර විනා වර්තමානයේ රනිල්, සජිත්, කරු යනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුලම ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට අර්බුදයක් මතු වි ඇති බවද ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා පැවසුවේ තම පාලනය යටතේ එට සංවර්ධන කළේ නම් නැවතත් එට රට සංවර්ධනය කිරීමට චන්දයක් පවත්වන්නේ කුමකට යනුවෙනි.

මෙලෙස ඇතැම් පක්ෂ ජනාධිපතිවරණයට එක්වන්නේ හුදෙක් ජනාධිපතිවරයා වීම විනා රටට සේවයක් නොකිරීමට බවද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

රාජපක්ෂ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළ හැක්කේ තමන් ප්‍රමුඛ ජාතික ජන බලවේගයට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
 
ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ‍මෙහිදී පැවසීය.

රාජපක‍ෂ දේශපාලනයට එරෙහිව තිඛෙන එකම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයත් එයින් ඉදිරිපත් වන අපේක‍ෂකයා ප්‍රමුඛ කඳවුරත් පමණක් බවත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයින් යෝජනා කිරීම හෝ නැවත 2015ට යෑම මේ මොහොතේ යථාර්ථය නොවෙන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

දේශපාලනයෙන් තොර අපේක‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි මේ වන විට රටේ සංවාදයක් ඇතිව තිබෙන බවද කියා සිටි ටිල්වින් සිල්වා මහතා, රටේ විවිධ පුද්ගලයින්ට පීඩාකාරී අත්දැකීම් තිබුණු පමණින් උපාධියක් තිබුණු පමණින් රටක් වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා, 

“ජනතාවට තෝර ගන්න තිඛෙන්නේ රට හදන කඳවුර හෝ රට විනාශ කරපු කඳවුරයි. කඳවුරු 3ක් හෝ අපේක‍ෂකයන් කිහිප දෙනෙක් දැන් නැහැ. රට දෙකට ඛෙදිලා ඉවරයි. පැරණි ක්‍රමයට රජවරු වැඳ පුදාගෙන වැඩවසම් ක්‍රමයක් සහිත ඉතා දුෂ්කර පාලනයක් යටතේ යටත් වැසියන් ලෙස දුක් විඳින කඳවුරද එසේ නැත්නම් රට හදන, කඳවුරද කියලා ජනතාවට තෝරා ගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. සමහරු කියනවා, සියලූ දෙනා ඡන්දයට එන්නේ පෙරමුණු හදාගෙන කියලා. මහින්ද රාජපක‍ෂලා පෙරමුණක් හදාගත්තා කියනවා. රනිල් වික්‍රමසිංහලාට පෙරමුණ හදගන්න බැරිව අසාර්ථක වෙලා තිඛෙනවා. අපි නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. සුපුරුදු පරිදි රාජපක‍ෂ කඳවුර තමන්ට එරෙහිව හිටපු විවිධ පිරිස් තමන්ගේ ගොඩට දාගන්න කටයුතු කරමින් තිඛෙනවා. ඊට පෙර ජනාධිපතිවරණවලදී රාජපක‍ෂලාට එරෙහිව හිටපු සරත් මනමේන්ද්‍ර පවා තමන්ගේ ගොඩට දාගන්න කටයුතු කරමින් තිබෙනවා. ඊළාම් රාජ්‍යයක් ගැන කතාකරපු වර්ධරාජා පෙරුමාල්ලාගේ සහාය ගන්න තරම් රාජපක‍ෂලා බංකොලොත් වෙලා. නමුත් අපි සමඟ ඉන්නේ දේශපාලනය පිළිබඳ හොඳ කියවීමක් තිබෙන, දර්ශනයක් සහිත, දැක්මක් සහිත ජනතාවක් නියෝජනය කරන පිරිසක්. ඒ වගේම අපේ ජනතා මධ්‍යස්ථානයට අටවා ගන්නා සංවිධාන නැහැ. එහි මංගල රැළිය තමයි 18වැනිදා ගෝල්ෆේස් පිටියේදී පවත්වන්නේ. එය අපේ රටේ දේශපාලනයේ අලූත් හැරවුම් ලක‍ෂයක් වෙනවා. අපේ රටට අලූත් ගමනක් නිර්මාණය කරන දිනයක් වෙනවා. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා රට රකින, රට හදන බලවේගය සමඟ අත්වැල් බැඳගන්න කියලා. ප්‍රගතිශීලී කතා කියමින් ජනතාව මුලා කරන ප්‍රකාශවලට ගොඳුරු වෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.  “   

"අපේ රටේ ඇතැම් පිරිස්වලට සක්විති රජ මානසික්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. අපේ රටේ සමහරු තවමත් වැඩවසම් ක්‍රමයකට කැමතියි. රජවරුන්ට වන්දනා මාන කරපු, යටත් වැසියන් සේ හැසිරෙන්න සමහරු කැමැතියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තොරොම්බල් කරන අයම එවැනි තත්වයකට පත්වීම කණගාටුදායකයි.තමන්ට ඒකාධිපතියෙක් අවශ්‍ය යැයි ඔවුන් අපේක‍ෂා කරනවා. මේ අදහස් නූතන, ශිෂ්ටසම්පන්න සමාජයකට ගැලපෙන්නේ නැහැ. අපි එවැනි වැඩවසම් ලක්ෂණ ප්‍රතිකේෂ්ප කරන, නූතන පරපුර නියෝජනය කරන බලවේගයක්. ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන අපේක‍ෂකයා දේශපාලන පරිණතභාවයක් තිබෙන, අනෙක් කඳවුරෙනේ ඉදිරිපත් කරන අපේක‍ෂකයාට තරගයක් දිය හැකි සියලූ සුදුසුකම් සම්පූර්ණ කරපු අපේක‍ෂකයෙක්. ජනතාවට කැත නැතුව බය නැතුව තමන්ගේ ඡන්දය ලබාදෙන්න පුළුවන්, ඡන්දය ලබාදීමෙන් පසුව ඒ පිළිබඳව පසුතැවීමක් ඇති නොවෙන ජනතාවගෙන් ලබාගත් ඡන්දයට වගකියන අපේක‍ෂකයෙක් ජාතික ජන බලවේගයෙන් 18වැනිදා හඳුන්වා දෙනවා. “

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ කතාබහ කරන පාර්ශ්ව සිදු කරන්නේ රටේ පවතින ගැටලු වලට විසඳුම් ඉදිරිපත් කිරීම නොව අපේක්ෂකයින් තෝරාපත් කර ගැනීමට කටයුතු කිරීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ගිරාඳුරුකෝට්ටේ අලුයටවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

රටේ පවතින ගැටළු විසදීම සඳහා ඇති ඉදිරි ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවට අපේක්ෂකයා ඉදිරිපත් කරන දිනය ප්‍රකාශ කිරීම පිළිබඳව තරගයක යෙදී සිටින බවට ඒ මහතා චෝදනා එල්ල කර සිටියි.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි බවටත් ඒ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරීම සුදුසු බවටත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් අතර මතයක් පවතින් බවත් ඒ මහතා කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන බව පවසන සජිත් ප්‍රේමදාස මහතාට හෝ පොදුජන පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් කරන බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතාටවත් අරුම පුදුම දෙයක් නොමැති බවත් ජනතාව රවටා මුහුණු මාරු කිරීම පමණක් සිදුවන බවත් ටිල්වින් සිල්වා මහතා කියා සිටියි.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහාය නොදැක්වීම ගැටළු සහගත බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

අනුරාධපුරයේදී පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳව අදහස් පල කළේය.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය බාර දීමෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ඒ සඳහා විරුද්ධත්වය පල කර සිටින බවත් එය ප්‍රශ්නකාරී දෙයක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

සිදුවු මනුෂ්‍ය ඝාතනයන්ට වග කිව යුත්තේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා පමණක් නොවන බැවින් ඔහු ඇතුළු සමස්ථ ආණ්ඩුවම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේය.
 

මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රජය තවමත් අසමත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කොළඹදී සංවිධාන කර තිබූ රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ තව පාර්ෂවය තවමත් විශ්වාස කරන්නේ මහජන ආරක්ෂාට පළමු තැන දිය යුතු බවයි.

මහජන ආරක්ෂාව යනු මහජනතාවට බියෙන් සැකෙන් තොරව එදිනෙදා කටයුතුවල යෙදිමට තිබේ අයිතිය බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

21 වන ප්‍රහාර සම්බන්ධයෙන් ඇත්ත තොරතුරු ලබා ගන්න ජනතාවට අවස්ථාව උදා කරපු පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අකර්මණ්‍ය කිරීමට ජනාධිපතිවරයා උත්සහ ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඊයේ (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“පාලකයෝ තමන්ට වෙඩි නොවදින වාහන මිලට අරගෙන පාර්ලිමේන්තුවේ සී.සී.ටීවී කැමරා හයි කරගෙන තමන්ගේ ආරක‍ෂාව හදාගන්නවා.  නමුත් ජනතාවගේ ආරක‍ෂාව අයාලේ යනවා. තේරීම් කාරක සභාවේදී නිලධාරීන්ගේ සාක‍ෂිවලින් පස්සෙත් ජනාධිපතිවරයා කරමින් තිඛෙන්නේ කුමක්ද? තමන්ගේ අඩුපාඩු හදා ගන්නවා වෙනුවට ජනාධිපතිවරයා 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත තොරතුරු ලබාගන්න ජනතාවට අවස්ථාව උදා කරපු පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අකර්මණ්‍ය කරන්න උත්සාහ කරනවා. මහින්ද රාජපක‍ෂ කණ්ඩායමත් එයට උදව් කරමින් ඉන්නවා. අපි ජනාධිපතිවරයාගෙන් අහනවා, ජනතාවට ඇත්ත තොරතුරු ලබා ගැනීමට අයිතියක් නැද්ද කියලා. “

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මෛත්‍රීපාල ජනාධිපතිවරයා ප්‍රශ්නවලට මුහුණ දෙනවා වෙනුවට කරන්නේ ප්‍රශ්නවලින් පලා යාමයි. ඔහු උත්සාහ කරන්නේ ඇත්ත ප්‍රශ්න යට ගහන්නයි. මේ වෙලාවේ රටේ මහජන ආරක‍ෂාව, ජාතික ආරක‍ෂාව, රටේ ආර්ථීකයේ කඩා වැටීම ජනාධිපතිවරයාට අදාල නැහැ. ඒ වෙනුවට ඔහු වඩුමඩු තහනම් කරන්න කතා කරනවා. එක වෙලාවක කුඩු මර්දනය කිරීමේ සටනේ ප්‍රමුඛයා වෙන්න උත්සාහ කළා. තව වෙලාවක මරණ දඬුවම ගැන කතාකළා. ජනාධිපතිවරයා කරමින් සිටින්නේ මාසයකට එක විහිළුවක් කරන එකයි. ඔහුගේ ජනාධිපති ධුර කාලය තව මාස කිහිපයකින් අවසන් වෙනවා. ඔහුට නැවතත් අපේ රටේ ජනාධිපතිවරයා වෙන්න කිසිදු හැකියාවක් නැහැ. ඉන්න ටිකේ ජනතාවට විහිළුවක් කරලා ඉන්නයි ඔහුගේ කල්පනාව. මෛත්‍රීපාල ජනාධිපතිවරයා නිතරම උත්සාහ කළේ තමන්ගේ වගකීම නිලධාරීන් වෙත පැවරීමටයි. තේරීම් කාරක සභාව අහෝසි කරන්න උත්සාහ කරන්නෙත් ඒ නිසයි. ජනාධිපතිවරයා අගමැතිවරයා එක්ක ගැටුම්. කථානායකවරයා එක්ක ගැටුම්, පාර්ලිමේන්තුව එක්ක ගැටුම්. ඒ වගේම රටේ ජනතාව එක්ක ගැටුමක් තියෙනවා. මේ ජනාධිපතිවරයාට කිසිවෙක් එක්ක වැඩ කරන්න බැහැ. 

"21 ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරපු තේරීම් කාරක සභාවෙන් රටට වුණු අනතුර මොකක්ද? ඒ ගැන කතා කරන කණ්ඩායමට අපි කියනවා පුළුවන් නම් සිදු වුණු අනතුර පිළිබඳව කරුණු සහිතව ඔප්පු කරන්න කියලා. මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරන්න පාර්ලිමේන්තුවේ සියලූම පක‍්ෂ කැමති වුණා. මහින්ද  රාජපක‍ෂලාත් කැමති වුණා. නමුත් මෙම තේරීම් කාරක සභාවට මහින්ද රාජපක‍්ෂලා නොගියේ ජාතික ආරක‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා නොවෙයි. රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා පිළිබඳව එහිදී සාකච්ඡා කරයි කියල. නමුත් දැන් මහින්ද රාජපක‍ෂලාගේ කණ්ඩායම නැතිව තේරීම් කාරක සභාවේ වැඩ ටිකක් කෙරීගෙන යනවා. ඒක ඔවුනට අවාසි සහගතයි. ඒ නිසා ජාතික ආරක‍ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් අරගෙන තිඛෙනවා. තේරීම් කාරක සභාවේදී සභාපතිවරයා කියනවා, නිලධාරීන්ට ජාතික ආරක‍ෂාවට බලපෑමක් තිඛෙන ඕනෑම දෙයක් හෙළි නොකර ඉන්න අවස්ථාව ඔවුන්ට තිඛෙනවා කියලා. ඒ නිසා මෙම තේරීම් කාරක සභාව රටේ ජාතික ආරක‍ෂාවට හෝ බුද්ධි අංශවලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය වෙලා තිඛෙන්නේ මාධ්‍යවලින් තේරීම් කාරක සභාවේ ඉතා කුඩා කොටස් පමණක් ප්‍රචාරය කිරීමයි. සභාපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ මාධ්‍ය වාර්තා කරනවා නම් මෙම ගැටලූව මතු වෙන්නේ නැහැ.“ 

සැබෑ ආණ්ඩු විරෝධයක් ඇත්නම්, ඕනෑම පාර්ශවයකට ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංගයට සහාය පල කළ හැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මින්නේරිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

"ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේනකොට ඊට දවස් දෙකකට කලින් මහින්ද වටා ඉන්න කල්ලියක් කලබල වෙලා රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. නමුත් අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිව යුත්තේ බදියුදීන් පමණද? නෑ අගමැතිත් වගකියන්න ඕනෙ. ජනාධිපති වගකියන්න ඕනෙ. ඇමති මණ්ඩලය වගකියන්න ඕනෙ. මහින්ද වටා ඉන්න කල්ලිය බැලුවේ ඒ අය බේරලා රිෂාඩ් බදියුදීන්ට විතරක් විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්න. අපි ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවහම අපි ගෙනාවේ රිෂාඩ්ව බේරන්න කිවුවා. ඒකට වෙන වෙන තර්ක ගෙනාවා. අපි කියනවා මේ ආණ්ඩුව ගෙදර යන්න ඕනෙ දැන්. රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය නිසා මුස්ලිම් ඇමතිවරු ඔක්කොම ඉල්ලා අස්වුණා.

"දැන් ඉතුරු වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගෙනාපු ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය. රිෂාඩ් ඉල්ලා අස් වුණාම ආණ්ඩුව සම්පුර්ණයෙන් නිදොස් වුණා. දැන් තියෙනවා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය. ඇත්තටම ආණ්ඩුවට විරුද්ධයි කියලා කවුරුහරි හිතනවානම් දැන් කරන්න තියෙන්නේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට ඡන්දෙ දීලා ආණ්ඩුව පරද්දන එක. ආණ්ඩුවට විරුද්ධනම් අවස්ථාව තියෙනවා ආණ්ඩුව පෙරලන්න. බොරු කයිවාරු වැඩක් නෑ" ඒ මහතා ප්‍රකාශ කළේය.

දෙමටගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ සාමාජිකයෙකු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

2015 වසරේ මහමැතිවරණයේ ජාතික ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත්ව තිබූ බවත්, පක්ෂයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලබන්නේ මැතිවරණයකදී තරග නොකරන විවිධ වෘත්තීකයින්ට විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් ලබාදීමට බවද පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

21 වන දින සිදුවූ සංවේදී සිදුවීම යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීම පටු දේශපාලන උවමනාවක් සඳහා සිදුකරන දෙයක් බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

 

Page 1 of 2