September 16, 2019

නිවැරදි වේලාව පැමිණි විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුව රටට හ හෙළි කරතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාපති අපේක්ෂකයා ලෙස වත්මන් අග්‍රාමාත්‍යවරයාම එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුවත් එය ගැටළුවක් නොවන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

නමුත් ජයග්‍රහනය කරා යාමට පක්ෂය තුල අශිර්වාදය සහ මැදපෙළේ සමාජිකයන්ගේද සහය ලැබි ඇති පිලිවේලක් තිබේන බැවින් ඒ හා එකතුව කටයුතු කිරීම ජයග්‍රාහනයට හෙතු විය හැකි බවද මන්ත්‍රීවරයා පවසයි.

පක්ෂකයාගේ අවශ්‍යතාව පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේදි රටට හෙළි කරන ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා පරිත්‍යාගශිලි නායකයෙක් මෙන්ම රටට ආදරය කරන නායකයෙන් වන බැවින් රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි තීන්දුව ඉදිරිපත් කරනු ඇති බවට විශ්වාස කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාව මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන කතාවක් එක්සත් ජාතික පක්ෂය තුළ කිසිසේත් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. 

 මහතා මේ බව පැවසුවේ එජාප මාධ්‍ය හමුවක් අමතමිනි. 

"කවුද කියන්නෙ එතුමා ඉදිරිපත් කරන්නෙ නැහැයි කියලා ? 2020 නියත ජයග්‍රහණය කරන්න පුළුවන්, ශක්තිමත් තැනට ගෙනියන්න පුළුවන්, බුද්ධිමත් වූ අපේ ජ්‍යේෂ්ඨ නායකත්වයට. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක ගොඩනඟන බවට අපට දැඩි විස්වාසයක් තියෙනවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

අඟහරුවාදා පාර්ලිමේන්තු සැසියේ දී එජාප පසුපෙල මන්ත්‍රී චමින්ද විජේසිරි බදුල්ලේ එජාප ප්‍රබලයෙකු පිළිබඳ කරන්නට නියමිත වූ ‘විශේෂ ප්‍රකාශය’ ද සිදුවූයේ නැත. ඒ එජාපයේ ප්‍රබලයින්ගේ ‘දැඩි අවවාද’ මත ය. කෙසේවෙතත්, ‘එම ප්‍රකාශය’ සිදුවිය යුතුව තිබුණේ, ‘හරීන් ප්‍රනාන්දු’ ඇමතිවරයාට එරෙහිව ය.

ඉකුත් සතියේ පාර්ලිමේන්තු සැසියේ ආරම්භක දිනයේ දී පාර්ලිමේන්තු ලොබියේදී හමුවූ එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ චමින්ද විජේසිරි පවසා තිබුණේ මෙසේ ය. ‘‘මේපාර මගේ කට වැහුවත් ‘හරිය’ට හරි ගියා වගේ ම ‘හරිය’ට වරදින වෙලාවකුත් ළඟ එනවා…’’ යනුවෙනි.

කෙසේවෙතත් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ බලය අතට ගෙන සිටින චමින්ද විජේසිරි අවුරුදු කිහිපයක සිට හරීන් ප්‍රනාන්දු බදුල්ලෙන් එළවා දැමීමේ මෙහෙයුමක් දියත්කරමින් සිටින්නේ, හරීන් ඡන්දෙ කලෙට බදුල්ලට බස්සන ‘පැරෂුටයක්’ පමණක් වන බව පවසමිනි. ‘‘එයා ඡන්දෙ කාලයේ මෙහේ බහිනවා. ඡන්ද ටික අරං ගියායින් පස්සෙ ආපහු බදුල්ල ගැන බලන්නේ නෑ." චමින්ද විජේසිරි වැඩිදුරටත් පැවසුවේ ය.

විශේෂයෙන් මීළඟට එන මහ මැතිවරණයේ දී ‘හරීන්ට’ බදුල්ලෙන් ඡන්දය ඉල්ලන්නට ඉඩ නොතබන බවට චමින්ද විජේසිරි ප්‍රදේශයේ පළාත් පාලන නියෝජිතයන් හමුවූ අවස්ථාවක ද පවසා තිබුණි.

(අරුණ)

වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ එළබෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී අනාවරණය කරමින් දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

මෙම තීන්දුව ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ද එකඟත්වය පළ කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

ලබන 18 වැනි දා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මෙකී හෙළිදරව්ව කරන බවත් තම පක්ෂයේ අමාත්‍යවරයකු වුවත් මෙකී ක්‍රියාවට එරෙහිව අකමැත්තෙන් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් විජේසිරි මහතා කියා සිටියේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට ඇප නියම වී තිබේ.

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ සිය නීතිඥවරුන් සමඟ මන්ත්‍රීරයා සහ ආරක්ෂක නිලධාරියා අධිකරණයට ඉදිරිපත් වු බවය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් සහ රුපියල් දස දහසක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එමෙන්ම සෑම ඉරිදා දිනකම සැකකරුවන්ට බණ්ඩාරවෙල පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාට පහරදුන් බවට චෝදනා එල්ලව ඇති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සිදු වන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ රථයේ යතුර ද පැහැරගෙන පසුව ලබාදී ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

මෙම සිද්ධිය ඇති වුයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ වාහන එකිනෙක පසු කිරීමේදී ඇතිවූ බහින්බස් විමක් දුරදිග යාමෙනි.

සිද්ධියෙන් පසු දෙපාර්ශ්වයේම රියදුරන් රෝහල් ගත වූ අතර ඉන් මන්ත්‍රීවරයාගේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාට පහරදුන් බවට චෝදනා එල්ලව ඇති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිටිනා තැනක් නොදන්නා බව බණ්ඩාරවෙල පොලිසිය සදහන් කරයි.

පොලිසිය පැවසුවේ මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා ද ප්‍රදේශය හැරගොස් ඇති බවය.

සිද්ධිය සිදු වන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ රථයේ යතුර ද පැහැරගෙන පසුව ලබාදී ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

පසුගියදා මෙම සිද්ධිය ඇතිවුයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ වාහන එකිනෙක පසු කිරීමේදී ඇතිවූ බහින්බස් විමක්ය.

සිද්ධියෙන් පසු දෙපාර්ශ්වයේම රියදුරන් රෝහල් ගත වූ අතර ඉන් මන්ත්‍රීවරයාගේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර කියවීමට

පොලිස් නිලධාරියාට පහරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්දව අත්අඩංගුවට ගන්න කථානායකගෙන් අවසර

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීමට කථානායකවරයාගේ අවසරය හිමි වී ඇත.

එමෙන්ම මන්ත්‍රීවරයාගේ ඇමති ආරක්ෂක අංශ පොලිස් නිලධාරියා ද අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඊයේ (11) දිනයේදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලීසියට අධිකරණයට දැනුම් දී ඇත.

මන්ත්‍රීවරයාට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය මගින් කථානායකවරයා ද දැනුවත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරු ඊයේ (11) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ පහරදීමෙන් තුවාල ලැබුයේ බණ්ඩාරවෙල පොලීසියට අනුයුක්ත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයෙකි. පහර කෑමෙන් තුවාල ලද කොස්තාපල්වරයා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාට පහරදුන් බවට චෝදනා එල්ලව ඇති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රදේශය හැරගොස් ඇති බව අප වාර්තාකරු පවසයි.

ඔහු සදහන් කලේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා ද ප්‍රදේශය හැරගොස් ඇති බව පොලිසිය පැවසූ බවයි.

සිද්ධිය සිදු වන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ රථයේ යතුර ද පැහැරගෙන පසුව ලබාදී ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

සිද්ධිය පිළිබද සම්පුර්ණ විස්තරය කියවන්න
බදුල්ලේ එජාප මන්ත්‍රී පොලිස් කොස්තාපල්ට පහරදීලා

කෙසේ වෙතත් දියතලාව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මන්ත්‍රීවරයාගේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කතානායකවරයාටද දැනුම් දී තිබේ.

සිය වාහනය නවත්වා පදිකයින්ට පාර මාරු වීමට ඉඩ සැලැස්වූ බණ්ඩාරවෙල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස්  නිලධාරියෙකුට  පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බැන වැදීමේ සිද්ධියක්ද මිට හය මසකට පෙර වාර්තා වුනි.

 

 


බණ්ඩාරවෙල - විරාජ් ප්‍රනාන්දු
 

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකුට පහරදී ඇති බව වාර්තාවේ.

පහරකෑමකට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා රෝහල් ගත කර තිබේ.

මන්ත්‍රීවරයාගේ වාහනය ඉස්සර කිරීමට යෑමේදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා බණ්ඩාරවෙල පොලිසියේ දූෂණ මර්දන ඒකකයට අනියුක්තව රාජකාරි කරන බවද පොලිසිය සඳහන් කරයි.