April 06, 2020

කුමන සන්ධානයකින් මහමැතිවරණයට ඉදිරිපත් වුවද එක්සත් ජාතික පක්ෂය සිය ආණ්ඩුවට අභියෝගයක් නොවන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය රජය සමයේ එක්සත් ජාතික පක්ෂයේ අසාර්ථකත්වය හොඳින් පෙනී ගිය බවත් එනිසාම එක්සත් ජාතික පක්ෂය සමඟ කඳවුරු බඳින සියල්ලගේම පාලනයන් අසාර්ථක බව භාවිතයෙන් ඔප්පු වී ඇති බවත් ඒ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය පිළිබඳ කතා කිරීමම ඵලක් නැති ක්‍රියාවක් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

රජය සෝෆා ගිවිසුම අත්සන් කිරීමට තීරණයක් ගෙන නැතැයි ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක හා ආයෝජන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (12) පැවසීය.

මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට පෙර ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිව හිමිවිය යුතු බවත් එවැනි අනුමැතියකින් තොරව වත්මන් රජය කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවද ඔහු කීය.

කොළඹ, මල්පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

සොෆා ගිවිසුම පමණක් නොව රටට අහිතකර කිසිදු ගිවිසුමකට රජය අත්සන් නොකරන බවද හෙතෙම කීය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මහබැංකු වෝහාරික වාර්තාවෙන් මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අනාවරණ කරගත නොහැකි බවයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, බැඳුම්කරයට පිටිපන කොමිසම යනුවෙන් සිරිකොත සිටිය නිතීඥයින්ගේ එකතුවක් සකස් කර ගත් බවයි.

එයින් රටේ ජනතාව මුලා කිරීමට උත්සහ කළ බවත් පැවසු ඒ මහතා, පසුව කෝප් කමිටුව තුළින් ද ජනතාව නොමඟ යැවීමට කටයුතු කළ බවත් කියා සිටියේය.

රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එවැනි අනෙකුත් ආයතන තුළින් මේ සිදු කර ඇති අපරාධ සෝදිසි කළ යුතු බව තම යෝජනා කරන බවද රඹුක්වැල්ල මහතා පවසයි.

වෝහාරික විගණන වාර්තාව සිදු කරනු ලබන්නේ ද හොරකම් සිදු කළ අයගෙන් බව පවසන අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු ආයතන තුළින් එය විසඳා ගත යුතු බවද ඒ මහතා කියා සිටියේය.

යහපාලන රජය 19 වන සංශෝධනය ඇස්බැන්දුමක් කළ බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව 19 වන සංශෝධනය හරහා ජනතාවට සහතික කළේ නීතියේ ආධිපත්‍ය සහ විනය ගරුක සමාජයක් වුවත් මේ වන විට එය ව්‍යාජ පෙන්වීමක් බව ඔප්පු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පමනක් මේ සියල්ලටම චෝදනා කළ නොහැකි බවත් එයට යහපාලන ආණ්ඩුව වගකිව යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කළ දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ “දුෂණය”  වරද සිදුකළැයි චෝදනා ලැබූ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා සම්බන්ධ අල්ලස් නඩුවෙන් ඔවුන් නිදහස් කිරිමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද  (20)  නියම කළාය.

අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන් දෙදෙනාට නඩු පවරා ඇති බවට විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් පිළිගනිමින් මහාධිකරණය දුන් නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් ඔවුන් දෙදෙනා නිදහස් කිරිමට මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

වර්ෂ 2010ක් වූ නොවැම්බර් 22 දින සිට ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යවරයා වශයෙන් සේවයේ යෙදී සිටි පළමු චූදිත, තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තුව වූ රුපියල් 44,000/-ක සීමාව ඉක්මවමින් 2012 මාර්තු මස 15 වැනිදා සිට අපේ‍්‍රල් 14 වැනිදා දක්වා කාලයේ භාවිතා කළ දුරකතන බිල වූ රුපියල් 230, 984. 45/-ක මුදලක් රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කර කුමන්ත‍්‍රණය කර අල්ලස් පනතේ දුෂණය වරද සිදුකළැයි චෝදනා තුනක් යටතේ එක් නඩුවක් අල්ලස් කොමිසම අධිකරණයට ගොනු කර ඇත.

එසේම, ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතාට එරෙහිව පවරා තිබූ අනෙක් නඩු 13ට අදාළව අල්ලස් කොමිසම චෝදනා ගොනු කර තිබුණේ වර්ෂ 2010 වර්ෂයේදී රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවේ සභාපතිවරයාව සේවයේ යෙදි සිට ඇති එම චූදිත, රාජ්‍ය ආයතනවල යහපාලනය පිළිබඳ  මාර්ගෝපදේශ සංග‍්‍රහයට පටහැනි ලෙස භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ නියෝග නොසලකා හරිමින් ‘ද සවරින්’ හෝටලයේ නවාතැන් ගෙන රාජ්‍ය මුද්‍රණ නිතිගත සංස්ථාවේ මූල්‍ය කළමණාකරුට රුපියල් හත් කෝටි තිස් හතර ලක්ෂ තුන්දහස් හාරසියයක මුදලක් ගෙවීමට පෙළඹවීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් වරද සිදුකර ඇතැයි සඳහන් කරමින් නඩු පවරා තිබිණි.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී  විත්තිකරුවන්ගේ නීතිඥවරුන් විසින් මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට මුලික විරෝධතාවයක් මතු කළ අතර මහේස්ත‍්‍රාත්වරයා විසින් එය මඟහැරිම හේතූවෙන් ඊට එරෙහිව මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එය පිළිගත් මහාධිකරණය විත්තිකරුවන් නිදහස් කිරීමට නියම කළේය.

මහාධිකරණයේ එම නියෝගය කියවා දුන් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය විත්තිකරුවන් දෙදෙනා නිදහස් කළ අතර කෙසේ වෙතත් නිසි ආකාරයට යළි නඩු පැවරීමට පැමිණිල්ලට බාධාවක් නොමැති බවද අවධාරණය කළාය.

අන්තවාදීන්ට යටනොවී මෙරට නීතිපද්ධතිය සකස්කිරීම සඳහා ශක්තිමත් පාලනයක් ගොඩනැගිය යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේබව ප්‍රකාශ කළේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ මේ වන විට එක්සත් ජාතික පක්ෂය දේශපාලනික වශයෙන් අනාථ වී ඇති බවයි.

ජනතාව පිළිකුල් සහගත ලෙස ඔවුන්ව ප්‍රතික්ෂේප කර ඇති බවත් එය තවත් වැඩි කිරීමට අවශ්‍ය කටයුතු ඔවුන් විසින් මේ දිනවල සිදුකරමින් පවතින බවත් කියා සිටි රඹුක්වැල්ල මහතා, මැතිවරණයේ දී කිසිදු සැකයකින් තොරව තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

විශේෂයෙන් එජාපය පක්ෂයක් වශයෙන් ඉතා අසාර්ථක පාලනයක් මෙන්ම යහපාලනය තුළ ගනු ලැබු පළිගැනීම් මේ වන විට හෙළි වෙමින් පවතින බවත් ඒ මහතා පැවසිය.

රටේ ජනතාව ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේ රටේ සිදුවු විනාශය නිවැරදි කළ හැකි බලයක් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය තමාට ඇති බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන්නේ නම් එය ජනතාව සමඟ සාකච්ඡාකර සිදුකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යම් සංශෝධනයන් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“රටේ ඉදිරිගමනට යම් දේවල් අවශ්‍ය බවත් අවශ්‍ය ප්‍රමාණය කොපමනද කියන එක තීරණය කළ නොහැකි බවත් එය දීර්ඝ වශයෙන් සාකච්ඡා කල යුතු බවයි.“

නූතනත්වය සමඟින් රටේ සංස්කෘතිය ද රැකගනිමින් රට ඉදිරියට ගෙන යා යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ තාක්ෂණය සමඟ ඉදිරියට යන විට සංස්කෘතිය පසුගාමීත්වයට පත් වන බවත් එනිසා තාක්ෂණය හා නූතනත්වය වැළඳගන්නා අතරතුර සංස්කෘතික අනන්‍යතාවත් රැකගත යුතු බවත්ය.

අන්තවාදයෙන් තොර රජයක් නිර්මාණය කිරීමට ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශවයන්ට හැකියාව ලැබුණු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඉදිරි දේශපාලනය වෙනුවෙන් දෙවන පෙළ සූදානම් කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

දුප්පත්කම තුරන් කිරීමට වැඩසටහනක් ගෙන එන බවට වේදිකාවේ පැවසු බව කියා සිටි ඒ මහතා, ලක්ෂයක සේවා බලකායක් නිර්මාණය කරන බවත් පැවසීය.

විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට වැඩි අවස්ථාවක් හිමිවන බවත් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් අයට ද යම් රැකියා අවස්ථාවක් හිමිවන අතර අනෙක් අයට සමෘද්ධි පවුල්වලට මුල්තැන ලබා දෙමින් රැකියා ලබා දෙන බවත් රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

පාප්ප බාල්දිය අරන් ඡන්දෙ කාලේ පෝස්ටර් ගහපු අයට සුදුසුකම් බලලා වැඩ ලබා නොදුන් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඔවුන් වෙනුවෙන් රැකියා ලබා දීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව තමාට ගෙන ඒමට හැකි වීම ගැන තමා සතුටු වන බවද පැවසු කෙහෙළිය රඹුක්වැල්ල මහතා, යැපුම් ආර්ථිකයක් සාදන තෙක් මෙම පුරවැසියන් දේශපාලඥයින්ගේ අතකොළු බවට පත්වෙන බවත් කියා සිටියේය.

“උඹලට හෙණ ගහපන් මට ප්‍රශ්නයක් නෑ“ යන සංකල්පය තම රජය අද දවසේ වෙනස් කර ඇතැයි ද පැවසු ඒ මහතා, රජය බලයට පත්ව පැය 72 ක් යෑමට මත්තෙන් ප්‍රතිඅපනයනය තහනම් කළ බවත් පැවසීය.

අන්තවාදීන්ගේ ඡන්ද ලක්ෂයකට හමාරකට ආත්මය පවා දුන් දේශපාලනයක් මේ රටේ සිදුවු බවත්, අන්තවාදීන් පැත්තකට ඇද දමා සිංහල රජයක් සෑදීම ගැන තමා ආඩම්බර වෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

තමන්ට ලබාදී ඇති අමාත්‍යංශයේ පහසුකම් ප්‍රමාණවත් නොවන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රකාශ කිරීම නිසා එම අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා වන ප්‍රසන්න රණතුංග මහතා තමන්ට ලබාදී තිබූ අමාත්‍ය කාර්යාලය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලබාදී පහසුකම් ප්‍රමාණවත් නැතැයි පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කාර්යාලයේ සිට තම රාජකාරි අද විසිවැනි දා සිට ආරම්භ කර තිබේ.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 27 වැනි මහලේ ප්‍රසන්න රණතුංග මහතාට හිමිව තිබූ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට හිමිව තිබුණේ එහි විසිපස් වැනි මහලේ පිහිටි කාර්යාලයයි.

කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට තම අමාත්‍යාංශ කාර්යාලයේ පහසුකම් පිළිබඳව දුක කියා තිබෙන බව කන වැකුණු ප්‍රසන්න රණතුංග මහතා මෙම පියවර ගෙන තිබේ.

කැබිනට් ඇමැති ධුර ලබා දීමේදී මහනුවරට හිමිවන ඇමැති ධුරය තමාට ලබා නොදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබා දුනහොත් තමා වහ බොන බවට තර්ජනය කලේද කෙහෙළිය රඹුක්වැල්ල මහතාය.

මේ නිසා දෙදෙනාටම රාජ්‍ය ඇමැති ධුර පමණක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කළේය.

Page 1 of 3