February 26, 2020

කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා විපක්ෂයේ සහයෝගය මේ මොහොතේ ආණ්ඩුවට ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ජා ඇල ප්‍රදේශයේ දි  මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ, රටේ හා ලෝකයේ මේ වන විට ඉතා භයානක රෝගී තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරිය හා ජනාධිතිවරයා පමණක් මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බව පෙනී යන බවත් පැවසු මන්ත්‍රීවරයා, විපක්ෂයක් ලෙස මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබා දීමට සුදානම් බවත් පැවසීය.

රජයේ රෝහල්, ෆාමසි සහ අනෙකුත් ස්ථානවල මුඛ ආවරණ මේ වන විට විශාල මුදලකට හා එහි හිඟතාවයක් දක්නට ලැබෙන බවත් පැවසු මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් රජයක් ලෙස මැදිහත්ව ජනතාවට මුඛ ආවරණ නොමිලේ හෝ ලබා දීමට කටයුතු කරන ලෙස ද කියා සිටියේය.

එමෙන්ම විපක්ෂයක් ලෙස රජයට අවශ්‍ය ශක්තිය ලබා දීමට ද සුදානම් බව ඒ මහතා තවදුරටත් පැවසීය.

ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂ පාට භේදයකින් තොරව නිවැරදි නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීම ජනතාව සතු වගකීමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

ගම්පහ දී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, වත්මන් ආණ්ඩුව 2015 ට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුව පෙරත් එක් එක් විරුද්ධවාදීන්ගේ පක්ෂ දෙකඩ කරලීමට කටයුතු කළ බවයි.

ඉතිහාසය පිළිබඳ කල්පනා කිරීමේ දී ඒ බව පෙනී යන බවත් පැවසු ඒ මහතා, ගෝඨාභය මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ රටට යහපත් දේ ඉදිරිපත් කිරීමට තිබේනම් ඒවාට සහයෝගය ලබා දෙන බවත් කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණයේ දී පක්ෂ, පාට හෝ කුල භේදයකින් තොරව අදාළ ආසනය නියෝජනය කරන පුද්ගලයා හොරෙක් හෝ මංකොල්ලාකාරයෙක් නොවන බවන අයෙක් පත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

එවැනි හරි පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට පත් කර හොඳ පාර්ලිමේන්තුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසත් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

වත්මන් රජය තුළ දැඩි අර්බුදයක් පවතින බව එහි ඇමතිවරුන්ගේ ප‍්‍රකාශවලින්ම පැහැදිලි වන්නේ යැයි එක්සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
 
රාජ්‍ය ඇමතිවරුන් වන විදුර වික‍්‍රමනායක, වාසුදේව නානායක්කාර, විමලවීර දිසානායක යන රාජ්‍ය ඇමතිවරුන් මාධ්‍ය හමු පවත්වමින් තමන්ගේ දුක් ගැනවිලි කියා තිබෙන බව කී මන්ත‍්‍රීවරයා ඇතැමුන් තම ඉල්ලීම් ඉටුනොවුවහොත් ඉල්ලා අස්වන බව පවා කියා තිබෙන බව ද පැවසීය.
 
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියයට සියයක් සර්ව සම්පූර්ණ සාධාරණ එකක් නොවන බව තමන් පිළිගන්නා බව කී මන්ත‍්‍රීවරයා එසේ වුවත් එයින් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය තහවුරු වූ බව   සඳහන් කළේය.
 
පසුගිය රජය දින 100 ආණ්ඩුව තුළ ජනතාවට සහන රැසක් ලබාදුන් බව කී මන්ත‍්‍රීවරයා වත්මන් රජය බලයට පත්වී දින 58ක් ගතව ඇතත් ජනතාවට කිසිවක් ලැබී නැතැයි ද කීවේය.
 
හඬ පට පෙන්වමින් ජනතා ප‍්‍රශ්න අමතක කරවීමට රජය උත්සාහ ගන්නා බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
 
කාවින්ද ජයවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ස්වාධීන අධිකරණය සාධාරණ තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම අධිකරණ තීන්දුවෙන් පසු රාජිත සේනාරත්න මහතා සැඟවී සිටි බවට තමන් විශ්වාස නොකරන බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම රට තුළ ස්වාධීන පොලීසියක් හා ස්වාධීන අධිකරණයක් ඇති කිරීමට රාජිත සේනාරත්න මහතා දැඩි අරගලයක නිරත වු බවත් කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

රටට හානිකරයි, රට දෙකඩ වෙනවා, රට ඇමරිකාවේ කොලනියනක් වන බව පැවසූ එම්. සී සී ගිවිසුම  එක්වරම රටට හිතකර වුයේ කෙසේදැයි විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස  රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (11) පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙසේද කීය.

‘‘එම්. සී සී ගිවිසුම  රටට හානිකරයි, රට දෙකඩ වෙනවා, රට ඇමරිකාවේ කොලනියනක් වෙනවා කියලා ශ‍්‍රී ලංකා පොදුජන විපක්ෂය බෙරිහන් දුන්නා.  ඔවුන් පුන පුනා කිව්වේ ඔවුන් රටට එරෙහි කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. එවැනි ගිවිසුම් තියෙනවා නම්  ඒවත් අහෝසි කරනවා කිව්වා.

නමුත් හාස්‍යයට කරුණ තමයි එම්. සී සී ගිවිසුම  කියන්නේ යක්ෂයෙක් කොටියෙක් නෙමෙයි මේකෙන් රටට වෙන හානියක් නැහැ කියලා ඒ දේශපාලඥයන්ම මේ වනවිට නැවත වතාවක්  මේ රටේ ජනතාවට කියනවා.

අපි විමල් වීරවංශලාට, ගම්මන්පිලලාට කියනවා එක පාරටම එම්. සී සී ගිවිසුම  හොඳ වුණේ ඇයි කියලා රටට පැහැදිලි කරන්න කියලා.  ලංකාව සිතියමක ඇදලා රට බෙදනවා, වැටවල් ගහනවා, වීසා ගන්න  ඕන කියලා කියපු අය දැන් මේ ගිවිසුම හොඳයි කියන්නේ කියලා දැන් රටට මේ අය පැහැදිලි කළ යුතුයි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙතෙක් ශ්‍රී ලාංකික  පුරවැසිභාවය නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

මිගමුවේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසිභාවය නොමැතිව මැතිවරණයට ඉදිරිපත් වීම වැරදි යන්න පැහැදිලිව පැවසු බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, එදා අදත් එක සේ ඔහුට පුරවැසිභාවය නොමැති බව පවසන බවත් සඳහන් කර සිටියේය.

මේ රටේ පුරවැසිභාවයක් නොමැතිව ජනාධිපතිවරණයට නොව පාර්ලිමේන්තු මැතිවරණයකටවත් ඉදිරිපත් විය නොහැකි බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතා කථා කරන ද්විත්ව පුරවැසිභාවය තිබී වැඩක් නොමැති බවත් පැවසීය.

අනන්‍යතාවය පමණක් ශ්‍රී ලාංකීක වී වැඩක් නොමැති බවත් ජාතික හැඳුණුම්පත තිබිය යුතු බවත් පවසන ජයවර්ධන මහතා, පාස්පෝර්ට් එකක් තිබිය යුතු බවත් “දෙක දෙක තිබිලා වැඩක් නෑ.. එක එක තිබිය යුතුයි“ යනුවෙන් ද කියා සිිටියේය.

එනිසා ජනතාව මෝඩයට ඇන්දීම සුදුසු නොමැති බවත් පවසන ඒ මහතා, රටේ මැතිවරණයක් පෙනි පෙනී පුරවැසිභාවය ඇතැයි බොරු කීම හොඳ නැති බවත් පැවසීය.

ඉදිරි දින කිහිපය තුළදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරිමට එක්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

මිගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ  පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබා දුන්නේ කිසිදු කොන්දේසියකින් තොරව බවත් එවන් මතයක් ඇති කර ජනතාව බිය වැද්දීමට ඇතැමුන් උත්සාහ කරන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එසේම එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට කැමති සියලු දෙනාට පක්ෂය සමඟ එකතු වන ලෙසත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂයේ අරමුණ වන්නේ එක්සත් ජාතික පාක්ෂිකයා ජයග්‍රහණය කරවීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති සාකච්ඡා පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ ඔවුන් දෙපල ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් බිහි කිරීම පිළිබඳව ඔවුන් සාකච්ඡා සිදු කළ බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එක්ව තරගයට මුහුණ දෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ සාමුහික තීරණයක් මත ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඊයේ (24) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා 2020 ජනාධිපති අපේක්ෂකයා බවට විශාල කතිකාවතක් නිර්මාණය වී ඇති බවයි.

එයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ, පක්ෂයේ එක් එක් මතයන් ඇති වුවත් පක්ෂයක් ලෙස ගනු ලබන්නේ සාමුහික තීරණයක් බවයි.

එය එක්සත් ජාතික පෙරමුණේ ජාතික යොවුන් පෙරමුණ වශයෙන් මාධ්‍යයට පවසා සිටිම අපහසු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

නමුත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම ගන්නා වු තීන්දුව ජයග්‍රහණය කිරීම සඳහා යොවුන් පෙරමුණට කටයුතු කළ හැකි බවද කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

ජාතික යොවුන් පෙරමුණේ විධායක කමිටු රැස්වීමේ දී මීළඟ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ගැන ඉතා උනන්දුවෙන් කටයුතු කරන බව ද කියා සිටි මන්ත්‍රීවරයා,  තරුණයින්ගේ ජවය හා හැඟීම් පාරට ඇවිත් කියන්න පුළුවන් තත්ත්වයට අද වන විට ආණ්ඩුව වාතාවරණය සකස් කර ඇතැයි ද කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නව ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් වෙනත් කිසිදු යුගයක නොවූ ප‍්‍රබෝධයක් අද ගම් තුළ ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.
 
ගම්පෙරළිය වැනි වැඩසටහන් මගින් අද රටේ සෑම කොණක්ම ශීඝ්‍ර දියුණුවකට ලක්ව ඇති බව පැවසූ  මන්ත‍්‍රීවරයා පාට පක්ෂ භේදයකින් තොරව මෙම වැඩසටහන් සිදුකරන බවත් සඳහන් කළේය.
 
කොළඹ අරලියගහ මන්දිරයේදී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙසේද කීය.
 
 ‘‘අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපේ රජය මේ රටේ දැවැන්ත සංවර්ධන විප්ලවයක් කරගෙන යනවා. මේ වැඩපිළිවෙළ  අපි කරන්නේ ගම සංවර්ධනය කිරීමේ චේතනාවෙන්. ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා හැම ආසනයකටම මිලිය300ක් ලබාදෙන්න. ගම සංවර්ධනය කරලා රට සංවර්ධනය කරන  වැඩපිළිවෙළක් එදා මෙදා තුර කිසිදු ආණ්ඩුවකින් ක‍්‍රියාත්මක කරලා නැහැ. අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ට සමෘද්ධිය ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ පාක්ෂිකයන්ට පමණයි මේ අවුරුද්ද තුළ සමෘද්ධිය ලැබුණේ. අපි ඒ පිරිසගෙත් සමෘද්ධිය කප්පාදු නොකර එය හිමිවිය යුතු තවත් පවුල් ලක්ෂ හයකට ඒ සහනය ලබා දුන්නා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් 18 සහ  19 වැනි සංශෝධන ගැන කතා කරනවා.  අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතා 19වැනි සංශෝධනයට වෛර කරන්නේ ඇයි කියලා. 18 අහෝසි කිරීම නිසා ජනාධිපති අපේක්ෂකයෙක්වත් හොයා ගන්න බැරුව අද ඔවුන් බංකොලොත් වෙලා. අද පොහොට්ටුව දන්නවා 19 නිසා තමයි අද මේ රටේ  ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ අය 19 ගැන වෛරයෙන් පසුවෙනවා."

"ප‍්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ව්‍යවස්ථාවට විරුද්ධ මෛත‍්‍රීපාල  සිරිසේන මහතාට හිතූ පැතූ දේ 19න්  කරන්න බැරිවූ නිසයි. ගෑනියෙක් පිරිමියෙක් කරනවා ඇරෙන්න අනිත්  සියලු දේ කරන්න පුළුවන් වන ව්‍යවස්ථාව අපි වෙනස් කළා. මෛත‍්‍රීපාල සිරිසේන  මහතා ජනවාරි 08වෙනිදාට පෙර පුනපුනා වේදිකාවේ කිව්වා මම යළිත්  ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ නැහැ කියලා. දැන් ජනාධිපතිතුමා එයාගේම කණ්ඩායමක් දාලා කියවනවා අපේ අපේක්ෂකයා මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියලා. එතුමා නැවත ජනාධිපති වුණත් එතුමාට මේ තියෙන බලයවත් නැති වෙනවා කියලා එතුමා දන්න නිසා තමයි දැන් මේ 19ට විරුද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ  පෞද්ගලික  ඕනෑ එපාකම් නිසා ජනතාවගේ පරමාධිපත්‍යයත්  එක්කයි හිටපු ජනාධිපතිවරයාත්  වර්තමාන ජනාධිපතිවරයාත් කටයුතු කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ අපේ  රජය ජනතාවගේ අවශ්‍යතාවයන්, උන්නතිය වෙනුවෙන් කැපවී ක‍්‍ර‍්‍රියාකරද්දී  තමන් ශක්තිමත්ව බලය රඳවා ගන්නේ කොහාමද කියන එක ගැන විතරක් අද ඒ අය කතා කරනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවසීය.

Page 1 of 2