April 06, 2020

පොලීසිය මාරු වීම් කරන්නේ තමා නොව පොලිස් කොමිසමෙන් බැවින් අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා මාරු කිරීමට තමාගේ සම්බන්ධයක් නැති බව ඇමැති එස්.එම්.චන්ද්‍රසේන සඳහන් කරයි. 

දිස්ත්‍රික්කයේ නොසිට කොළඹ හා සිංගප්පුරුවේ සිට දේශපාලනය කළ අය මාධ්‍ය අල්ලාගෙන තමන්ට එරෙහිව මෙවැනි බොරු ප්‍රචාර යවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ කිසිවකින් ඉදිරි මහ මැතිවරණයේදී තමාගේ මනාප අඩු නොවන බවද ඔහු පෙන්වා දෙයි. 

අනුරාධපුර දිස්ත්‍රික් ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බදුල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කිරීමට ඇමති එස්.එම්.චන්ද්‍රසේන මහතා කටයුතු කර තිබේ.

ඒ වෙදමුල්ල මහතා අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරි ලෙස පත් වී මාස දෙකක් වැනි ඉතා කෙටි කලක් තුළ මහා පරිමාන කුඩු ව්‍යාපාරිකයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම ඊට හේතු වී තිබේ. 

වෙදමුල්ල මහතාගේ උපදෙස් මත මහා පරිමාන ව්‍යාපාරිකයින් 18කට එරෙහිව නඩු පවරා තිබේ.

තමන් විල්පත්තු ජාතික වනෝද්‍යනයෙන් එක් බිම් අඟලක් හෝ කිසිඳු සංවර්ධන කටයුත්තකට ලබාදී නොමැති බව පරිසර අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ එම චෝදනාව ඔප්පුකළහොත් තමන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා කොමාරිකා ව්‍යාපෘතියක් සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙළි පෙහෙලි කිරීමට ඉඩ ලබා දී ඇතැයි පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර පැතිර ගියේය.

ඒ අනුව අමාත්‍යවරයා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අනුරාධපුර රාජාංගණය ප්‍රදේශයේ කෝමාරිකා වගා කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් සිදු කරන බවත් එය පසුගිය රජයෙන් ආරම්භ කළ එකක් බවත්ය.

ව්‍යාපෘතිය සිදුකරන ආයෝජකයා තමන්ට නිරීක්ෂණ චාරිකාවකට ආරධනා කළ බවත් එය අනුරාධපුරයට ගැලපෙන ව්‍යාපෘතියක් බවත් ඒ මහතා පැවසීය.

තමන් එම ආයෝජකයාට ගොවිජනයා සමබන්ධකර දීමට පොරොන්දු වු බවත් ඒ මහතා පැවසීය.

එය ඩොලර් මිලයන 370ක ව්‍යාපෘතියක් බවත් අමෙරිකාවේ ව්‍යාපාර කරන තරුණයෙක් විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තමන් ඔහුට උදව් කළ හැකි බව පැවසු බවත් කිසිදු විටෙක විල්පත්තුවේ එක බිම් අඟලක් හෝ තමන් නොදුන් බවත් ඒ මහතා කියා සිටියේය.

තම පක්ෂයේම ඇතැම් පුද්ගලයින් විසින් මෙම බොරු ප්‍රචාර තමන්ට මඩ ගැසීමට සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම අදාළ ව්‍යාපෘතියට ගොවීන් 86 දෙනෙකු සිය කැමැත්තෙන් ඒ සඳහා අවසර ලබා දී ඇති බවත් එස් එම් චන්ද්‍රෙස්න මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රශ්න තිබෙන බව පරිසර හා වනජීවී අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය හෑල්ලුවට, උසුළු විසුලුවට මෙන්ම විවේචනයට ද ලක් කළ බව චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කරයි. 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණු නායකයා වන තමන් ඉදිරි මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන්නේ පසුගිය අවුරුදු 05 පුරාවට දුක්විදි දේශපාලඥයින්ට බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එසේ නාම යෝජනා ලබා දීමෙන් පසු ඉතිරි වන දෙයක් තිබේ නම් එය අන් පක්ෂ නියෝජනය කරන අයට ලබා දීම පිළිබඳව සලකා බලන බවද චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

කිසිදු සමගියක් හෝ විනයක් නොමැතිව ක්‍රියා කිරීම හේතුවෙන් වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය දැඩි පසුබෑමකට ලක්ව ඇති බව පරිසර , වනජීවී සම්පත් සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, අද වන විට එක්සත් ජාතික පක්ෂයේ සජිත් හා රනිල් ගැටුම බරපතළ තත්ත්වයකට පත්ව ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ නායකවරයාට නාමයෝජනා අත්සන් කිරීමට අවස්ථාවක් හිමි නොවෙනු ඇතැයි සැකයක් පවතින බවත් පැවසු අමාත්‍යවරයා, මේ වන විට ජාතික ලැයිස්තුවෙන් ඒ නිසාවෙන් ඉල්ලීමට සුදානමක් පවතින බවත් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය රැක ගත් නිසාවෙන් ජ්‍යෙෂ්ඨයින් කීපදෙනෙක් ඔහු සමඟ අදටත් ඉතිරිව ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, සජිත් ප්‍රේමදාස මහතාට ජනපති හා අගමැති වීමට පුදුම හදිසියක් ඇති බවත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට දෙවි පිහිට යැයි පවසා සිටි අමාත්‍යවරයා, විනයක් හා සමගිය නැතිව කිසිදු එක්සත්භාවයක් නොමැති පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත්ව ඇතැයි ද පැවසීය.

හදවත ලකුණ ඉල්ලුවත් පසුගිය කාලයේ හදවතක් නොමැති ආකාරයෙන් වැඩ කටයුතු කළ බවත් පැවසු ඒ මහතා, හංසයාගේ තටු මේ වන විට තෙතුන් වතාවක් කැඩී ගොස් ඇතැයි ද කියා සිටියේය.

අලියාගේ සලකුණ දෙපාර්ශවයම ඉල්ලා සිටින නමුත් හොඬවැල එක්කෙනෙකුට හා වල්ගය තවත් අයෙකුට ලබා දිමට සිදුව ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, තමාට සිතෙන පරිදි මොවුන්ට හොඳම ලකුණ වන්නේ “ගෙම්බා“ ලකුණ යැයි ද පැවසීය.

දේශපාලඥයින්ගේ නියෝග නොතකා පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි ගම්පහ දිස්ත්‍රික් සහකාර වන සංරක්ෂක නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඇය ආරක්ෂා කරන බවත් පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මීගමුවේ කඩොලාන පරිසරයක් ක්‍රීඩා පිටියක් සඳහා ලබා ගැනීමට තැත් කරන්නට ඇත්තේ වන ආඥාපනත පිළිබඳව නොදැන විය යුතු යැයි ද එකී පනත ඉතා ශක්තිමත් බැවින් එම පනත යටතේ පාලනය වන එකදු බිම් අඟලක් වත් පාර්ලිමේන්තු අනුමැතිය නැතිව ලබා ගැනීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

වන සංරක්ෂක නිලධාරිනිය කළ දේ හරි බවත් එහි දී සිදුවූ දේ පිළිබඳව කණගාටුව පළ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල්  දරුවන්ට පරිසර නීති කියා දිය යුතුයැයි ද එසේ නොකිරීම නිසා බොහෝදෙනා නීතිය නොදන්නේ යැයි ද පැවසූ අමාත්‍යවරයා සනත් නිශාන්ත මහතා ද නීතිය නොදන්නවා ඇතැයි කියා සිටියේය.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ ඉඩම් අමාත්‍යංශයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගත්තද සහල් මිලෙහි කිසිඳු වැඩීමක් සිදු නොවන බව පරිසර,වනජීවි සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසයි.

අනුරාධපුරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ගම් තුළට පැමිණෙන කූඨ වෙළෙඳුන්ට කිසිවිටෙකත් වී ලබා නොදෙන්නැයි තමා ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

තමන් අමාරුවෙන් නෙළා ගත් අස්වැන්න හදිසියෙන් ලබා නොදෙන බවත් පැවසු අමාත්‍යවරයා, රජය එයට සාධාරණ මිලක් ලබා දෙන බවත් පැවසීය.

ඇතැමුන් හාල් මිල ඉහළ යනු ඇතැයි පවසන බවත් එසේ සිදුවන්නේ නැතැයි ද පැවසු අමාත්‍යරවරයා, රුපියල් 85 කට අඩුය හාල් මිල පවත්වා ගැනීමට රජය කටයුතු කරන බවත් කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය වු බවත් පැවසු ඒ මහතා, පරාජය වු පක්ෂයක් ලෙස ඔවුන් නැවතත් පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට උත්සහ ගන්නේ නම් එය ඉතා මෝඩ කටයුත්තක් බවත් පැවසීය.

පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සිදු කළ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් කිසිදු ජන කොටසකට සෙතක් සැලසී නොමැති බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන බවට කියමින් එක්සත් ජාතික පක්ෂය විසින් බොරුවක් කළ බව අමාත්‍යවරයා පැවසීය.

එක්සත් ජතික පක්ෂය ප්‍රමුඛ පසුගිය ආණ්ඩුව මෙරට සිටින සියලු ජාතීන් මුලා කරමින් කාලය ගත කරමින් සිටි බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවසීය.

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට පත්වීම කිසිඳු ආකාරයක දේශපාලන පළිගැනීමක් නොවන බව පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

රිටිගල ප්‍රදේශයේදි මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

අදාළ සිදුවීමට හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සම්බන්ධ බවට ඔප්පු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අතර පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේදී දේශපාලන පළිගැනීම්  සිදුකළ බව මාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවසීය.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් තිබු ගල්, වැලි හා පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ගැනීමේ නිතිය ඉවත් කිරීමෙන් වැඩිම ප්‍රතිලාභය හිමි ව තිබෙන්නේ එම විෂයභාරව සිටින පරිසර අමාත්‍යවරයා වන එස්.එම්. චන්ද්‍රසේන මහතාට බවට තොරතුරු අනාවරණය වේ.

ඒ චන්ද්‍රසේන මහතා වැලි හා ගල් ව්‍යාපාරය මහා පරිමාණයෙන් කරන ව්‍යාපාරිකයෙකු නිසාය. 

Page 1 of 3