June 19, 2019

මේ මොහොත් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නැති බවත් එක එක්කෙනාට උවමනා ලෙස එය පැවැත්විය නොැකි බවත් කැබිනට් නොවන ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට උවමනා නම් ඉල්ලා අස්විය හැකි බවත් පවසන ඔහු ‘එක එක්නෙකාට ඔ්න ඒව අපි කරන්නෙ නෑ. අපි ආණ්ඩුව. අපි කරන්නෙ අපට ඕන දේ’ යයිද සදහන් කරයි.

ජනාධිපති මැතිවණයකට ආණ්ඩුව සූදානම් බවද ඔහු වැඩි දුරටත් පැවැසීය.

එම වීඩියෝව පහතින්,

“කවුරුත් කුමන්ත්‍රණය කරන්න ඕන නැහැ එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඕනම වෙලාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි" යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඊයේ (27) රද්දැල්ල නුගමුන්න මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.

"මේ සියලු සංවර්ධන යෝජනා ක්‍රම අපි කරන්නේ අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන්.අපේ මුදල් ඇමතිතුමා මුදල් දීලා තියෙනවා.මේ සංවර්ධන යෝජනා සදහා එන්න තිබුණු ඊළග මුදල් කොටස එන්න තිබුණේ නොවැම්බර් 21 වැනිදා.දේශපාලන කුමන්ත්‍රණය නිසා සමහර අය අගමැතිවරු පත් කරන්න බලය පැහැර ගන්න උත්සාහ කලා බලය පැහැර ගන්න උත්සාහ කළ නිසා මේවා ඔක්කොම ඇණ හිටියා. ගම්වල ඉන්න සමහර උදවියට මේවා තේරෙන්නේ නැහැ.පාරේ වැඩ පටන් ගත්තා වැඩේ කලේ නැහැ කියලා කියනවා.මට මුදල් අනුමත වෙලා තිබුණා රුපියල් ලක්ෂ 930 ක් ඒවා ආපසු ගියා.ඒකට හේතු වුනේ බලයේ රැදී සිටීමේ අවශ්‍යතාවය නිසා එක කණ්ඩායමකුත් තමන්ට තියෙන වංචා දූෂණ නඩු ඉවර කර ගන්න තවත් කණඩායමකුත් එකතු වුනු නිසා කුමණ්ත්‍රණකාරීව අවුරුදු පහකට පත් කර ගත්ත රජය උදුර ගන්න උත්සාහ කළා.මම කියන්නේ ඕනම කෙනෙකුට අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මුහුණ දෙන්න සුදානම්.මේ රද්දැල්ලේ අය දන්නවා අපේ නිමලරත්න මහත්තයලා දන්නවා .මගේ අයියා වසර 17 ක් මේ මැතිවරණ කොට්ඨාශයට වැඩ කළා. රත්නපුර දිස්ත්‍රික්කයටම වැඩ කලා .නමුත් අපි 94 විපක්ෂයට ගියා අවුරුදු 20 ක් විපක්ෂයේ හිටියා. අපිට වැඩිය ඡන්දයකින් බලය අර ගෙන අපිට වැඩිය හොදට කරන්න පුළුවන් නම් අපි සන්තෝෂ වෙනවා මොකද බලය කියන එක සදාකාලීක නැහැ.1994 ඉදලා 2014 වසර 20 ක් තුළ පක්ෂ පාට බලලා තමයි හැම දෙයක්ම කළේ.සමෘද්ධිය දෙන්නත් බැලුවේ මොකක්ද  දේශපාලනය කියලා.සමෘද්ධි නිලධාරීනුත් පක්ෂය පාට බලලා තමයි සහනාධාර ලිවුවේ.එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ජන සවිය පටන් ගන්න කොට ඒවා හෙවුවේ නැහැ.දෙන්න තියෙන කෙනාට දුන්නා.94 න් පස්සේ 95 සමෘද්ධිය කියලා හදලා දුප්පත්කම පවත්වා ගෙන යන්න කටයුතු කළා.සමෘද්ධිය දෙන්න අවශ්‍යතාවය සුදුසුකම් දේශපාලනය නෙවෙයි අපි එය දිය යුතු කෙනාට දෙන්න ඕන.අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ඕනම වෙලාවක කවුරුත් කුමන්ත්‍රණය කරන්න ඕන නැහැ ඕනම අවස්ථාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි.විපක්ෂය දෙන්නෙත් නැති නම් ගෙදර ගිහිල්ලත් ඉන්න ලෑස්තියි .හැබැයි අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා අපිට අපේ රටට හැම සම්පතක්ම තියෙනවා දේශගුණය හොදයි නිදහස් අධ්‍යාපනය තියෙනවා නිදහස් සෞඛ්‍ය තියෙනවා නම් ඇයි තවත් පවුල් ලක්ෂ 14 ක් සහනාධාර මත ජීවත් වෙනවා.ඇයි අපි දුප්පත්කම පවත්වා ගෙන යන්න කටයුතු කරන්නේ.ඇයි මේකට හේතුව.වැරැද්ද තියෙන්නේ කා ගාවද  කියන එක අවබෝධ කර ගන්න ඕන .සමහර අය බලය ලබා ගන්න උත්සාහ කරන්නේ තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් .මට මේ රත්නපුරේ වැදගත් මහත්තයෙක් කිවුවා ඔබතුමියලා වැඩ කරනවා පෙන්වන්නේ නැහැ කියලා ඔව් මම කිවුවා කළු මාධ්‍ය හරහා නම් මේවා පෙන්වන්නේ නැහැ කියලා."

"අපේ පක්ෂය තුළ ඉදිරි වසර පනහට සියයට වැඩ පිළිවෙළක් තියෙනවා.එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා 1989 සබරගමුව විශ්ව විද්‍යාලය හදන කොට රත්නපුර නව නගරයේ ඉඩමක් වෙන් කළා එම විශ්ව විද්‍යාලයට අවශ්‍ය වෛද්‍ය පීඨයට වෙන් කළා .අවුරුදු 30 ක් ගියා කාටවත් ඒක කරන්න බැරි වුණා .උවමනාවක් තිබුනේත් නැහැ.අපිට පුළුවන් වුණා. රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කරලා වෛද්‍ය පීඨය පටන් ගත්තා.2005 සිට 2015 දක්වා මේ රටේ තිබුනේ බෝඩ් සංස්කෘතියක් .වැඩේ වුණත් නැතත් බෝඩ් එක ගහනවා.අපි ඒ ක්‍රමය වෙනස් කරලා තියෙනවා.මේ හැම දේකටම යොදවන්නේ රටේ මිනිස්සු බදු මුදල් ගෙවන සල්ලි. පුළුවන් හැම ආකාරයටම අපි සංවර්ධනය කරනවා.අවාසානාවන්ත විදිහට කුමන්ත්‍රණයේ ප්‍රතිඵල විදිහට සංවර්ධන කටයුතු වලට ආව සල්ලි ආපහු ගියා.ප්‍රාදේශීය සභා ඡන්දය වෙලාවේ අපි කිවුවා ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න පුළුවන් අයට ඡන්දය දෙන්න කියලා .නැහැ වෙනත් අයට දුන්නා අද එයාලට සංවර්ධනය කරන්න බැහැ. පළාත් සභාවේ කටයුතු වුණත් ඉදිරියට ගෙන යන්න මේ සංවර්ධන වැඩ කරන්න පළාත් සභා අපිට තියෙන්න ඕන.කවුරු මොනවා කිවුවත් 2020 වෙනකල් අපි යනවා.1994 න් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ට රක්ෂාවක් දුන්නේ නැහැ.රජයක් ලෙස රටේ ඇති කරපු නිදහස අධිකරණයේ ස්වාධීනත්වය අධිකරණය රජ්ජුරුවන්ට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න තිබුණ විදිහ.පොලිස් දෙපාර්තමේන්තුව මහ රජාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තිබුණ යුගය අපි අවසන් කරලා තියෙනවා.මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට විශාල කාර්ය භාරයක් තියෙනවා.එතුමා යටතේ අද පොලිස් දෙපාර්තමේන්තුව තියෙනවා.අපක්ෂපාතීව සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක සොයා බැලීම එතුමාගේ වගකීමක්. අපි යහපාලනය ඇති කරන්න ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂයේ  අය වෙනුවෙන් නෙවෙයි.රට වෙනුවෙන් .මට සමහර අය කියනවා පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දය වෙලාවේ හොද හොද දේවල් දැක්කා කියලා.ඊටත් වඩා හොද දේවල් දැක්කා ඔක්තෝම්බර් 26 වෙනිදා අපි හොදට දැක්කා සමහර අය වෙනස් වුනු විදිහ. අපි පත් කළ ජනාධිපතිතුමා වෙනස් වෙන කොට අනිත් අය වෙනස් වෙන එක පුදුම දෙයක් නෙමෙයි.පසුගිය දා සිදු වුනු කුමන්ත්‍රණය නිසා අවුරුදු තුනක් ගොඩ නගපු දේවල් ආපස්සට ගියා."යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

රටේ නීතියට හැමදාමත් ගරු කරන එක්සත් ජාතික පක්ෂය කිසි  දිනෙක රහසිගවතව ව්‍යවස්ථාවක් ගෙන නොඑන බවත් ව්‍යවස්ථාක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ  නම්  සියලු පාර්ශව සමඟ  සාකච්ඡා කර  සියලු දෙනාගේ එකඟතාවය  මත පමණක් ගෙන එන බවත් තැපැල් හා මුස්ලිම් ආගමික  කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා කීය.

අමාත්‍යවරයා එසේ සඳහන් කළේ, මහනුවර අංකුඹුර නගරයේදී 405 වන සතොස ශාඛාව අද 26 වනදා විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"ව්‍යවස්ථාවක් පිළිබඳව කිසිදු සැලසුමක්වත් නොමැතිවතිබියදී ඇතැම් පිරිස් ව්‍යවස්ථවක් ගෙන එන බව පවසමින් ජනතාව නොමඟ යවමින් සිටින බවත්   රටේ නීතියට  නිරන්තරයෙන් ගරු කරන එක්සත් ජාතික පක්ෂය කිසි දිනෙක හොර රහසේ ව්‍යවස්ථාවක් ගෙන නොඑන බවත් එසේ ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් සියලු පාර්ශව  සමඟ සාකච්ඡා කර  සියලු දෙනාගේ එකඟතවය මත පමණක් ගෙන එනවා."

 (මොහොමඩ් ආසික්)  

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස්වුණි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ(24) රැස් වූ අතර  එහි හිටපු නිලධාරී මණ්ඩලයම නව නිලධාරී මඩුල්ල ලෙස නැවතත් තේරී පත්ව තිබේ.

එහිදී ඉදිරි වර්ෂය සඳහා ද එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.

ඊයේ රැස් වු එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කිරිම්  කිහිපයක් සිදු කල බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කලේ, මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට පියවර ගන්නා බවයි.

එහෙත් පළාත් සභා මැතිවරණය කඩිනමින් නොපැවැත්වෙන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනැගුවද ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු  බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වනවාට මහින්ද රාජපක්ෂ මහතා විරෝධය පළකර නොමැති බවත් ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සටහනක් දිය හැකි එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් වන බවත්, දෙකට තුනට බෙදී වෙන්වී කටයුතු කළහොත් ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාට ඒ තුළින් වාසි අත්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.