September 17, 2019

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉන්ධන මිල සූත්‍රයට අනුව සුපිරි ඩීසල් ලීටරයක් ද රුපියල් 2 කින් අඩුකර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල 136 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 161 කි.

සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් වේ.

ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කළ ද ඔටෝ ඩීසල්හි මිල කිසිදු සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 02 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 04 කින්ද වැඩිකර තිබේ. 

සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 03 කින් වැඩිකර තිබේ. 

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00 කින් වැඩිකර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 කි.
නමුත් මිල සුත්‍රය යටතේ මිල සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4 න් 3 කම මිල මෙවර සංශෝධනය කර නොමැත.
මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ දිනවල ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ ප්‍රවණතාවයක් පෙනෙන්නට ඇති බවයි.
එම මෙම තත්ත්වය දිගින් දිගටම පැවැතිය හොත් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඉන්ධන මිල සූත්‍රය යටතේ මෙම මාසය තුළ පවතින ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍යාංශය පවසා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳපොලේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ ගිය ද උත්සව සමයේ ජනතාවට සහන සැලසීම සඳහා පවතින මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවය.

ජාත්‍යන්තර වෙළදපොලේ පසුගිය මාසයේ අමෙරිකානු ඩොලර් 67ක්ව පැවැති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 74ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මුදල් අමාත්‍යාංශය පවසා සිටියි.

එහෙත් උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉන්ධන මිල ඉහළ නොදැමීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය මාර්තු මස 10 වනදා ඉන්ධන මිලෙහි සංශෝධන සිදු කළ ද ජනතාවට සහන සැලසීමේ අරමුණින්  ජාත්‍යන්තර  වෙළඳපොලේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමුණේ ඉතා සුළු වශයෙන් බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බවට මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් විමට අනුව මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සදහා මුදල් අමාත්‍යාංශය විසින් මිල සූත්‍රයක් හදුන්වාදෙනු ලැබුවේය.

එම මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීම සිදු වේ.

ඒ අනුව මේ මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය අද (10) දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණ ද ලෝක වෙළඳපොලෙහි ඉන්ධන මිල වෙනස් වී නොමැති බැවින් මේ මාසය සදහා ඉන්ධන මිලද සංශෝධනයක් සිදු නොවනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේදී ඉන්ධන මිල සංශෝධනය වූ අතර එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ද ඉහළ දමනු ලැබුවේය.

ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද (11) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මිල කමිටුව රැස්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම ඉන්ධන මිල සූත්‍රය මඟින් සිදුයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය  වීමට නියමිතයි.

කෙසේවෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ පසුගිය පෙබරිවාරි 01 වැනිදා සිට ලෝක වෙළදපළේ තෙල් මිල මේ වන විට අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි.

අවසන් වරට පසුගිය පෙබරිවාරි මස 11 වනදා රැස් වු ඉන්ධන මිල කමිටුව විසින් එදින මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවේය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 6කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රු 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු 08 කින් ද ඉහළ දමා තිබුණි.

අද (12) සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව නවතම මිල ගණන් අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 129ක් සහ ඔක්ටේන් (95) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 152ක් වේ.

ඔාටෝ ඩිසල් ලීටරයක නවතම මිල රුපියල් 103ක් වන අතර සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 126ක් ලෙස ඉහළ ගොස් තිබේ.

 

ඉන්ධන වර්ගය

වත්මන් මිල

සංශෝධිත මිල

මිලෙහි වෙනස

ඔක්ටේන් 92 පෙට්‍රල්

123/=

129/=

6/=

ඔක්ටේන් 95 පෙට්‍රල්

147/=

152/=

5/=

ඔටෝ ඩීසල්

99/=

103/=

4/=

සුපිරි ඩීසල්

118/=

126/=

8/=

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය පවසන්නේ පවත්නා ජාත්‍යන්තර මිල අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 9.59කින් ඉහළ දැමිය යුතු වුව ද ජනතාවට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට අයහපතක් නොවන අයුරින් ඩීසල් ලීටරයක මිල රුපියල් 4.00කින් ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6.00කින් ද ඉහළ දැමු බවය .

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් මුල් වරට හඳුන්වා දෙනු ලැබුවේ 2018 මැයි මාසයේ දී ය. 2018 මැයි මස ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දීමට පෙර ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඇ.ඩො. 77.50ක් වූ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 84 දක්වා වැඩි විය. ඉන් පසුව නොවැම්බර් 10 වන විට ඇ.ඩො. 70 දක්වා අඩු වූ අතර අවසන් වරට ඉන්ධන මිල අඩු කළ ජනවාරි 10 වන විට බොරතෙල් බැරලයක මිල වූයේ ඇ.ඩො. 53කි. බොරතෙල් බැරලයක මිල අද වන විට නැවතත් ඇ.ඩො. 61 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ ද මිල ගණන් එම ජාත්‍යන්තර මිල අනුව සිව්වරක් වැඩි කරන ලද අතර පස් වතාවක් අඩු කරනු ලැබීය.

කෙසේ වෙතත් 2018 මැයි මාස ප්‍රථම වරට මිල සංශෝධනය කළ අවස්ථාවේ දී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල දැක් වූයේ රුපියල් 137/=ක් ලෙසිනි. අද වන විට එම මිල රුපියල් 129/= දක්වා අඩු වී ඇත. ඩීසල් ලීටරයක මිල 2018 මැයි මාසයේ දී රුපියල් 109ක් ලෙස පැවැති අතර අද වන විට එය රුපියල් 103 දක්වා අඩු වී ඇත.

එහෙත් බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු මෙම කාලය තුළ ඉන්ධන මිල වැඩීවීමට සාපේක්ෂව වැඩි ප්‍රතිශතයකින් අසාධාරණ ලෙස වැඩි කර ඇති බව නිරීක්ෂණය වේ. අද දින ඩීසල් සහ පෙ‍ට්‍රල් මිල ඉහළ දැමූව ද 2018 මැයි මස පැවැති මිලට වඩා අඩුවෙන් පවතියි. මෙම සන්දර්භය අනුව බස්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් සේවා ගාස්තු ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි රජය අවධාරණය කරයි.

මිල සුත්‍රයට අනුව  ඉන්ධන මිල සංශෝධන වූ  ආකාරය පිළිබඳ වගුව පහත දැක්වේ.  

 

 

ඉන්ධන මිල සූත්‍රය අනුව මේ මාසය සඳහා සංශෝධිත මිල ගණන් අද (11) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

සෑම මසකම 10 වනදාට රැස්වන ඉන්ධන මිල නීර්ණය කිරීමේ කමිටුව විසින් ඊළඟ මාසය සඳහා ඉන්ධන මිල තීරණය කරනු ලැබේ.

පසුගිය මාසයේදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින්, ඩීසල් ලීටරය මිල රුපියල් දෙකකින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් වශයෙන් අඩු කෙරුණේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 59ක්ව පැවතියදී ය.

මේ වනවිට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62කට අසන්න මට්ටමකට පැමිණ තිබේ. 

කෙසේවෙතත් අද වන විට ඉන්ධන මිල පවතින්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 123, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 147, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 99 සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 118ක් වශයෙනි.

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව අද (10)  සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2/= බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.

එහෙත් යුරෝ 4 (EURO-4) විමෝචන ප්‍රමිතිකරණය යටතේ පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව අද  සිට ඩීසල් සහ පෙට්‍රල් මිල පහත  පරිදි අඩු කරනු ලැබේ.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද (IOC) අද(10) සිට යළි ඉන්ධන මිල පහල දැමීමට  තීරණය කර තිබේ.

ඒ අනුව ,පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට තීරණය කර ඇති අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇති බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 131ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රෙල් ලීටරයක මිල රුපියල් 150ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය.

නව මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 99ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 118ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සඳහන් කළේය

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහලට 

ඉන්ධන මිල සෑම මසකම 10 වැනි දින සමාලෝචනය කිරීම යටතේ මෙවර ද මිල අඩු කරන ලද නමුත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව රජය අවධාරණය කරයි. සිංගප්පූරුවේ බ්‍රෙන්ට් (BRENT) වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ සිංගප්පූරුවේ ම ෆ්ලැට්ස් (PLATTS) වෙළෙඳපොළේ නිමි පෙට්‍රල් සඳහා වන මිල පසුගිය සති දෙකක කාලයක් තිස්සේ අඛණ්ඩව වැඩි වෙමින් පවතී.

තෙල් මිල අවසන් වරට වැඩි කළ පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනි දින තෙක් ඉන්ධන මිල අඛණ්ඩව වැඩි වූ අතර ඔක්තෝබර් මස 10 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 85ක් ලෙස සඳහන් විය. එය ඔක්තෝබර් 26 වැනි දා වන විට ඇ.ඩො. 58 දක්වා අඩු වූ අතර අවසන් වරට මිල අඩු කළ දෙසැම්බර් 21 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 52 දක්වා අඩු වී තිබිණි.

කෙසේ වෙතත් 2019 ජනවාරි මස  දෙවැනි සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර  අද වන විට (ජනවාරි 10) බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 59 ඉක්මවා ගොස් ඇත.

DLB Desktop