February 17, 2020

මෙම වසර අවසාන වීමට පෙර නිවාස 14,022ක් ඉදිකර අවසන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ විය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා,

" වත්මන් විපක්ෂ නායක මුදල් නාස්ති කරලා"නිවාස 7000යි හදලා තියෙන්නේ. ජනතාව පදිංචි නිවාස 5000 ක විතරයි, ඒ පහසුකම් නොමැති නිසා. ඒ නිසා අපෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් තියෙනවා."

ජනාධිපතිවරණය අභිමුවෙහි ජාතික ආරක්ෂාව බරපතළ ලෙස අනතුරේ වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"හැම වේදිකාවකම අගමැතිවරයා කියනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අල්ලලා තිඛෙන්නේ කියලා. නමුත් මේ වෙන කොට එක එක තැන්වලින් බෝම්බ ආයුධ සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටිනවා.  එජාපය අභ්‍යන්තරයෙන්ම අද ත්‍රස්තවාදීන් ඉන්නවා. ඒ නිසා අගමැතිවරයාට එළියේ  ඉන්න ත්‍රස්තවාදීන් සහ ඇතුලේ ඉන්න ත්‍රස්තවාදීන් අඳුර ගන්න බැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැම කණ්ඩායම් රැස්වීමකදීම අපි ඉල්ලන්නේ රටේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන්න කියලයි. අපි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ඒ ගැන අවධාරණය කළා. මේ වෙනකොට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය බය බිරාන්ත වෙලා ඉන්නවා. පසුගිය කාලයේ අගමැතිවරයාට සහ එජාපයට ආපු පීඩන වලදී අගමැති රනිල් වික්‍රමසිංහ විවිධ තීරණ ගන්නවා අපි දැක්කා. එජාපයේ නායකත්වයට කැරලි ගැසූ බොහෝ අය අද ජීවතුන් අතර නැහැ. ගාමිනි අතුකෝරළ වගේ  අය එජාප නායකත්වයට එන්න හිටපු අයයි. ඒ වගේ විශාල පිරිසක් අද ජීවතුන් අතර නැහැ. තමුන්ගේ පක්ෂයේ අයගෙම පරීක්ෂණ තවමත් ඉවර කරගන්න බැරිව ඉන්න රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය උතුරේ සහ දකුණේ ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් සම්බන්ධ ක්‍රියාවලදී පරීක්ෂණ හරියාකාරව ඉටු කරන්නේ කොහොම ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා."

"මේ තත්ත්වය තුළ අපි අපේ නායකයෝ ආරක්ෂා කර ගත යුතුයි. ඒ නිසා උතුරේ සහ දකුණේ අන්තවාදීන් සහ පාතාල ක්‍රියාකාරීන් සම්බන්ධ වැටලීම් හරියාකාරව සිදුකරන්න කියලා අපි ආරක්ෂක අංශ වලින් ඉල්ලනවා. මේ දවස්වල එජාපයට සම්බන්ධ ඇමතිවරුන්ගේ බංගලාවල ප්‍රියසම්භාෂණ රෑ දෙගොඩහරි යාමේ වෙනකන් තිබෙනවා. එහෙම තියාගෙන දවල් දහයට එකොලහට අමාත්‍යාංශය වලට ගිහිල්ලා මේ රටේ ආර්ථීක ප්‍රගතියට විරැකියාවට ජනතාවගේ අවශ්‍යතාවලට වැඩ කරන්නෙ කොහොමද. සජිත් ප්‍රේමදාස කියනවා ජනතාව  ඒක්ක මරාගෙන මැරෙනවා කියලා. ඒක භයානක කතාවක්. සජිත් ප්‍රේමදාස මහතාගේ පියා දාහත් වසරක්  ආණ්ඩු පක්ෂය ගෙනල්ලා එජාපය විනාශ කරලා මරාගෙන මැරුණා. අද සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය මරාගෙන මැරිලා ඉවරයි. ඩී එස් සේනානායකගෙන් පස්සේ එජාපය රටට කරපු දෙයක් නැහැ. එජාපය පසුගිය වසර ගණනාවක් තුළ රටේ දේපළ සම්පත් විකුණගෙන කෑවා හැර කරපු දෙයක් නැහැ. එජාපය ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් රටේ ආරක්ෂාව ආර්ථීකය සංස්කෘතිය හැමදේම පහුගිය  අවුරුදු  හතරහ මාරක කාලය  තුළ ඉවර වුණා. අවුරුදු හතරහමාරක දී අපි මේ දේ කළා කියලා පෙන්නන්න ආණ්ඩුවට දෙයක් නැති වෙලා තියෙන්නේ."

එක්සත් ජාතික පක්ෂයට මෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අර්බුධයක් පොදු ජන පෙරමුණ තුළ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එජාපය තුළ විවිධ නම් කියමින් අපේක්ෂකයා පිළිබඳ විවිධ මත පල කල ද ජනතාවගේ ඉල්ලීම වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඔහු පවසයි.

රටේ ජනතාව බලාපොරොත්තු වන අපේක්ෂකයා ඉදිරිපත් කරනවා හැර එජාපයේ මෙන් කුලල් කා ගැනීමක් තම පක්ෂයේ නැති බව ඔහු සඳහන් කරයි.

රජයේ අමාත්‍යවරුන් භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් ඉලක්ක කරගනිමින් සිදුකරන අපහාසාත්මක ප්‍රහාරයන් පිටුපස එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සෘජු මැදිහත්වීමක් පවතින්නේද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් පවසයි.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් භික්ෂූන් වහන්සේලාට අපහාස වන ආකාරයෙන් සිදු කළ ප්‍රකාශය විවේචනය කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"චිත්‍රපටියක් උනත් නිකන් ගලාගෙන යනකොට වැඩක් නැහැ. එහෙම වුනොත් නිදිමත ගතිය එනවා. ඒ නිසා නිදිමත ගතිය නැතිකරගන්න කොමඩි එකතු කරන්න වෙනවා. මේ ආණ්ඩුවත් ඒවගේ කොමඩි පෙන්නන්න රන්ජන් රාමනායක කියලා කෙනෙක්ව පාර්ලිමේන්තුවට ගෙනත් තියෙනවා.  ආණ්ඩුව යන ගමන් මාර්ගයේ දෝෂ මතු වෙන විට කොමඩි ඒක දාන්න තමයි රන්ජන් රාමනායක ඉන්නේ. සමාජ සේවා ඇමැති කාලය කාලේ දිවුලපිටියට ඇවිත් එතුමා කියනවා මම සමාජ සේවය කළේ කාන්තාවන් වෙනුවෙන්. මම මගෙන් ඉටුවිය යුතු සේවය ඉටුකරන්නේ හරිම කැමැත්තෙන් කියලා. මේක එතුමාගේ මානසිකත්වය."

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරම් රටේ දරුවන් ගැන අවබෝධයක් ඇති නායකයෙක් වර්තමානයේ නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

හන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"සමහර ජනාධිපති අපේක්ෂකයෝ තාම හිතලත් නෑ. තීන්දු වෙලත් නෑ. නාම යෝජනා දීලත් නෑ. නමුත් නෝනලා ඇවිත් කියනවා මේ කතා කරන්නේ අනාගත නායකයින්ගේ ආර්යාව කියලා. ඔන්න රට අපි දෙන්න හදන අය. තරුණයන්ට කියනවා මේවට පරිස්සම් වෙන්න. මහින්ද රාජපක්ෂ මහතා දරුවන් තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක්. එතුමාට රටේ වගකීම හොඳට තේරෙනවා. තමුන්ගේ දරුවන්ගේ අවශ්‍යතාවය රටේ දරුවන්ටත් ඕනෙ කියල හොඳට තේරෙනවා. එහෙම නායකයෝ දැන් හොයා ගන්න නෑ."