June 19, 2019

තවත් පවුල් ලක්ෂ හයකට සමෘද්ධි ලබාදීමේ වැඩසටහන යටතේ පවත්වන උත්සව හා ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කර ඇති වියදම් සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරුදීම ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා හිතාමතා මගහරින බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය.
 
මේ වෙනුවෙන් අමාත්‍යාංශය රුපියල් කෝටි 24 කට අධික මහජන මුදල් වැය කර ඇතැයි මන්ත්‍රීවරයා කීවේය.

තමා මේ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දීම ඇමැතිවරයා මඟ හැර ඇතැයි හෙතෙම සදහන් කළේය.

කුඩු කාරයින් , කුඩු මුදලාලිලා , අපරාධකරුවන් , සහ සොරුන් සිටින එකම ස්ථානය පාර්ලිමේන්තුව බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය .

‘‘රට ගොඩනගන අභියෝගයට අපි සුදානමි’’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ වැලිගම ආසන බලමණ්ඩල රැස්විමට සහභාගි වෙමිනි. 

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

‘‘සමහරු හිතයි මාධ්‍යයට මේ ක‍්‍රමය වෙනස් කරන්න පුළුවන් කියලා , ඒක එහෙම නැහැ . අපිට ඒ අය අතර තියෙන්නේ දේශපාලන සාකච්ජාවක් , ඒ සාකච්ජා මාධ්‍ය ආයතන හරහා ගෙන යන්න හැකියාවක් නැහැ . මොකද අද මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙන්නේ . පොඩි ගැටුම්කාරි තතත්වයන් තමයි මාධ්‍යට අවශ්‍යය කරන්නේ . පසුගිය දවස්වල තිබුනා පෝරිසාදය සහ කලවැද්දා අතර සටනක් , ජනතාව බලන් ඉන්නවා අද පෝරිසාදය මොකක් කියයිද? , ඒකට කල වැද්දා මොන වගේ උත්තර දෙයිද කියලා . ඊට කලින් තිබුනා ජනාධිපති , හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරිමේ කුමන්ත‍්‍රණයක් ගැන හාදයෙක් වාඩිවෙලා කැසට් එළි දක්වනවා  කියනවා . ඒවා දිහා බැලූවම අපේ ගම්වල හාවෙක් දඩයම් කරන්න ඔයිට වැඩිය සැලසුම් කරනවා , හැබැයි අරවා ප‍්‍රවෘත්ති වෙනවා . ඒ නිසා අපේ යන්න ඕන මාතෘකාව මොකක් යටතේද කියලා තිරණය කරන්නේ මාධ්‍ය ආයතන , ඇයි ඒ  මාධ්‍ය ආයතන වලටත් දේශපාලනයක් තියෙනවා . සමහර දේශපාලන පක්ෂ විසින් මාධ්‍ය ආයතන ගිලගෙන තියෙනවා . සමහර මාධ්‍ය ආයතන විසින් දේශපාලන පක්ෂ ගිලගෙන තියෙනවා . ඒ නිසා අපි දැනගන්න ඕන මාධ්‍ය ආයතන හරහා අපේ පණිවිඩය ගමට ගෙන යන්න ලැබෙන්නේ ඉතාම කුඩා බිදක් විතරයි’’

"දැන් බලන්න සාමාන්‍යයෙන් ගත්තොත් අපි කුඩු කාරයා කියන්නේ කුඩබොන කෙනාට , කුඩු මුදලාලි කියන්නේ කුඩු විකුණන කෙනාට ,  අපි පාතාලයා කියන්නේ අපරාධ කරන කෙනාට , හොරා කියන්නෙ හොරකම් කරන කෙනාට , එතකොට කුඩුකාරයා , කුඩු මුදලාලි . හොරා , පාතාලයා මේ හතර දෙනාම එක තැන ඉන්නවා පාර්ලිමේන්තුවේ .මේ දේශපාලනය ගමන් කරන්නේ එතනට . ආණ්ඩුවෙම ඇමතිවරයෙක් කියනවා කැබිනටි මණ්ඩලයේ කොකෙන් ගහන අය ඉන්නවලූ , එතකොට සමහර කැබිනටි පති‍්‍රකා සම්මත වෙන්නේ කොකෙන් ගහලද කියලා අපි දන්නෙ නැහැ ., ඉතින් මේ වගේ අයට රට පාලනය කරන්න දෙන්න ඕනද? . අපේ රටට දැන් අවශ්‍ය දේශපාලන වෙනසක් , එය ඇති කල හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි ’’ යැයි දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.

පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනිය ( ITN) සේවක විරෝධයට හේතුවක් වූ නියෝජය සාමාන්‍යධිකාරී සුභාෂ් ජයවර්ධන මහතා එම තනතුරට පත් කලේ කුමන සුදුසුකමක් මතද යන්න ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

ඊට සුභාෂ් ජයවර්ධන ෆේස් බුක් සටහනක් තබමින් පිළිතුරු දී තිබු අතර ඊට ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයේ මෙන්ම බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වා තිබිණ.

පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනිය ( ITN) සේවක විරෝධයට හේතුවක් වූ නියෝජය සාමාන්‍යධිකාරී සුභාෂ් ජයවර්ධන මහතා පත් කලේ තමන් බව විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී පිළිගනු ලැබුවේය.

ක්‍රියාපටිපාටියෙන් පිට දේශපාලන පත්වීමක් ස්වාධීන රූපවාහිනියට සිදු නොකල බවට ප්‍රථමයෙන් සමරවීර මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර දිසානායක මහතා ට පිළිතුරු දුන්නද පසුව එය වෙනස් කිරීමට සමරවීර මහතාට  සිදු වුණා.

එම සංවාදය පහතින්