April 23, 2024

මැතිවරණ නීතිය දැඩි කෙරේ

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් ඇතිකරලීමට ඉදිරි සති දෙක තුළ මැතිවරණ නීතිය තදින්ම ක‍්‍රීයාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

පක්ෂ, පාට නොබලා පොලිසිය මෙතෙක් මැතිවරණ නීතිය ක‍්‍රියාත්මක කොට ඇති බවත් ඉදිරියේදීත් එය දැඩි කරන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන  සඳහන් කළේය.

ඒ සඳහා ඉදිරි දෙසතිය තුළ මැතිවරණයන් පැවැත්වෙන බස්නාහිර සහ දකුණු පළත්වල ආරක්ෂාව දෙගුණ කරන බවද ඔහු සඳහන් කරයි.

මේ වන විට මැතිවරණය ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වැඩිම පැමිණිලී සංඛ්‍යාවක් ලැබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව බවත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින්නන් අතර වැඩිපුරම සිටින්නේද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් බවත් අජිත් රෝහන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 March 2014 09:39