April 18, 2024

දුමින්දගේ කොළොන්නාවට තිලංග

ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී රජයේ වැඩි බලය කොළොන්නාව ආසනයට යෙදවීමට තීරණය වී තිබෙනවා .මේවන විටත් එම ආසනයේ මැතිවරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ හත්සිය පනහක් පමණ වැය කර අවසන් .

ජනාධිපතිවරයාගේ ඇරයුම පරිදි දේශපාලනයට පිවිසි ප්‍රසිද්ධ සමාගමක හිමිකරුවකු වන අජිත් සුබසිංහ මහතා පමණක් රුපියල් ලක්ෂ 500 ක් මේ වනවිට වියදම් කර ඇත .බොරැල්ල සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද පුර්ණ කාලීනව කොළොන්නාව ආසනයේ මැතිවරණ කටයුතු සඳහා දායකත්වය ලබා දෙන අතර එම ආසනයේ සංවිධායක දුමින්ද සිල්වා මහතා මෙවර මැතිවරණයේදී කරළියට නොපැමිණීම විශේෂත්වයකි .

මේ අතර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා කොළොන්නාව ආසනයේ මැතිවරණ කටයුතු සඳහා උපරිම දායකත්වයක් දක්වන බව අජිත් සුබසිංහ මහතා ඒෂියන් මිරර් සිංහල වෙබ් අඩවිය කළ කරුණු විමසීමේදී සඳහන් කළේය .තම මැතිවරණයට ඔහුගේ සම්පුර්ණ ආශීර්වාදය හිමිවන අතර ඔහු තමන්ගේ නායකයා බව  අජිත් සුබසිංහ මහතා අවධාරණය කරයි .

එහෙත් කොළොන්නාව ආසනයේ ආරංචි මාර්ගවලට අනුව අජිත් සුබසිංහ මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතා එතරම් ප්‍රසාදයට පත්වී නොමැත .

 

Rate this item
(2 votes)
Last modified on Friday, 14 March 2014 14:50