March 28, 2024

පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂයි - ඥානසාර හිමි    

මේ දක්වා සිදුකර තිබෙන සේවය අනුව නියම පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා බවත් තමන් වහන්සේට පොදු අපේක්ෂකයා වීමට තවත් කල් තිබෙන බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසූවේ අද (28) කිරුළපනදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

ඉදිරි ජනාධිපතිවරණයේදී බොදුබල සේනා සංවිධානය සහයෝගය ලබාදෙන්නේ කුමන පක්ෂයකටද, කුමන අපේක්ෂකයාටද යන්න තවම තීරණය කර නොමැති බවත් විපක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා නම්කර විගසම එය ප්‍රකාශයට පත්කරන බවත් ඥානසාර හිමියෝ සඳහන් කළහ.

 

Rate this item
(0 votes)