April 25, 2024

සන්ධාන මන්ත්‍රිවරයෙකුට අලියෙක් ගහලා (Photos)

අද උදෑසන පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේදී සන්ධාන මන්ත්‍රිවරයෙකු අලි ප්‍රහාරයකට ලක්ව තිබේ. මේ වන විට අදාළ මන්ත්‍රිවරයා පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ඒ අද උදෑසන පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ වල් අලියෙකු සැරිසරන බවට ලැබුණු තොරතුරකට අනුව එම වල්අලියාගේ ඡායාරූප ගැනීමට මෙම මන්ත්‍රි ඇතුළු කිහිපදෙනෙකු අලියා ආසන්නයට ගොස් තිබේ.

එම අවස්ථාවේදී මන්ත්‍රිවරයාට මෙම වල්අලි ප්‍රහාරය එල්ල වී තිබේ. මෙලෙස ප්‍රහාරයෙන් තුවාල ලබා දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇත්තේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ආනන්ද නම් මන්ත්‍රිවරයායි.

වනජීවී නිලධාරීන් මේ වන විට අලියා ආසන්නයේ සීමා ලකුණු කරමින් රැක සිටින අතර අද සවස් කාලයේ අලියා වනය තුළට එළවීමේ කරයුතු සිදු කරන බවයි.

පොළොන්නරුව - සමීර ධනංජය

ඡායාරූප පහලින් නරඹන්න..

Rate this item
(0 votes)