March 29, 2024

ක්‍රිකට් පුහුණුවට මනෝ වෛද්‍යවරයෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට විශේෂ මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා දීමට එංගලන්ත ජාතික මනෝ වෛද්‍ය විශේෂඥ ජෙරම් ස්නේප් මහතා අදාලසේවයට බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටුව තීරණය කර තිබේ.

ඊයේ (27) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටුවේදී මෙම තීරණය කර ඇත.

මෙලෙස එකවරම ක්‍රිකට් කණ්ඩායමට මනෝ වෛද්‍යවරයෙකුගේ අවශ්‍යතාවයක් ඇති වූයේ ඇයිද යන්න අප විමසූ විට බලධාරීන් පැවසූයේ පසුගිය ලෝක කුසලානයට පෙර පැවති ලෝක කුසලාන තරඟාවලි කිහිපයකදීම කණ්ඩායම අවසන් තරඟයට තේරීපත්වුවද එම තරඟාවලි ජරාජයට පත්වූ හෙයින් ක්‍රිකට් කණ්ඩායමේ මානසික ආතතිය අවම කරවීමටත් ඔවුන්ගේ මනස නිරවුල්ව තබා ගැනීමටත් මෙම සේවය ලබා දීමට තීරණය කල බවයි.

කෙසේ වෙතත් මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් සඳහා මනෝ වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගැනීම සමාන්‍යෙයන් සිදුවන්නකි. 

නමුත් 1981 ජූලි 21 ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අවුරුදු 33 ක සිට මෙම සේවාව නොදුන්නේ ඇයි ද යන්න ගැටලුවකි. 

තවද ජෙරම් ස්නේප් මහතා අදාල සේවයට බඳවාගෙන ඇත්තේ සති තුනක වැනි සුළු කාලයකට පමණි. එහෙත් එම සති 03 අවසන් වූ පසු සිදුවන්නේ කුමක්දැයි ප්‍රකාශකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව පසුබට වී ඇත.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 28 October 2014 14:10