April 24, 2024

මුලතිව් ඩිපෝවට බස් 10 ක්

කාලයක සිට මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගමනාගමන කටයුතු වෙනුවෙන් බස් රථ නොමැතිකම නිසාවෙන් මුහුණ දුන් ගැටලූවලට පිළියමක් වශයෙන් මුලතිව් ආරක‍ෂක සේනා ආඥාපති මේජර ජෙනරල් ජගත් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් බස් රථ 10ක් මුලතිව් ඩිපෝවට ලබා දී ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයේම ගමනා ගමන කටයුතු වෙනුවෙන් මුලතිව් ඩිපෝව සතු වූවේ මෙතෙක් බස් රථ 13ක් පමණක් වන අතර ඉන් බස් රථයක් ධාවන කිරීමට නොහැකි අයුරින් අබලන් වීම නිසා ඩිපෝ නිළධාරීන්ට මුලතිව්හි ගමනා ගමන කටයුතු අධීක‍ෂණයේදී ගැටලූ රැසකට මුහුණ පෑඹට සිදු විය.

මේ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මුලතිව් දිසාපති නාගලිංගම් වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී මුලතිව් දිස්ත්‍රික්කයේ අඩුපාඩු පිළිබඳව සොයා බැලීමේදී මුලතිව් ඩිපෝ අධිකාරිවරයා විසින් ඩිපෝව සතු බස් රථ ධාවනය සඳහා කිසි සේත් ප්‍රමාණවත් නොවන හෙයින් අවමය වශයෙන් තවත් බස් රථ 8ක්වත් අවශ්‍ය බව දැන්වීය.

මෙම ගැටලූවට පිළිබඳව මුලතිව් ආරක‍ෂක සේනා ආඥාපති තුමන් මැදිහත් වී ඉතා කඩිනමින් අදාල අමාත්‍යංශ සමග සාකච්ඡා කොට බස් රථ 10ක්ම ලබා දීමට කටයුතු කර ඇති අතර මේ අනුව එම බස් රථ මුලතිව්හි පාසල් ළමුන් ඇතුලූ ජනතාව ප්‍රවාහනය සඳහා මේ වන විටත් යොදවා ඇත.

(වන්නි - රොමේෂ් මධුෂංක)

Rate this item
(0 votes)