April 25, 2024

කොප්පරා මැස්සක් ඉවරයි  

හලාවත, මයික්කුලම සාවන්නා වත්තේ පිහිටි කොප්පරා මැස්සක් ඊයේ පස්වරුවේ හදිසියේ හට ගත් ගින්නක් හේතුවෙන්  මුළුමණින් ම දැවී විනාශයට පත් විය.

එම අවස්ථාවේ බිඳින ලද පොල් තොගයක් මැස්ස මත අහුරා සුපුරුදු පරිදි ගිනි දල්වා ඇති අතර සුළු වේලාවක් ගත වූ විට ඒ මගින් මැස්ස ගිණි ජාලයකට හසු වී දැවී ගොස් තිබේ.

අනතුරු ව අසල්වාසීන් වහා ඉදිරිපත් ව ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් ගෙන ක‍්‍රීයා කළ ද ගින්න මුළු කොප්පරා මැස්ස ම දවා අළු කර තිබුණි.

මේ දිනවල පවතින දැඩි නියඟය මත ගින්න මර්දනය කිරීම දුශ්කර කාර්යයක් වූ අතර වේලිමට දැමූ විශාල පොල් තොගයක් ගින්නෙන් විනාශ වී ඇත.

ඔගස්ටින් ප්‍රනාන්දු 

Rate this item
(0 votes)
Last modified on Friday, 14 March 2014 09:11