April 23, 2024

ප්‍රභාකරන් මරන්න 'මහත්තයාට' සල්ලි දුන්නා - සජිත්

යුද්ධය පැවැති සමයේදී වේළුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමීමට  එක්සත් ජාතික පක්ෂය සැළසුම් කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.සූරියවැව පැවති උත්සවයකදී ඔහු සඳහන් කළේ වේළුපිල්ලේ ප්‍රභාකරන් සහ මහත්තයා අතර ඇතිවූ මත ගැටුම වාසියට යොදා ගනිමින් "මහත්තයා පාර්ශ්වයට" අවිආයුධ සහ මුදල් ලබා දී ප්‍රභාකරන් මරා දැමීම තම පක්ෂයේ අරමුණවී තිබූ බවය.
 
එම උපක්‍රමය සාර්ථක වුවානම් යුද්ධයෙන් අහිමි වූ ජීවිත දස දහස් ගණනක් බේරාගැනීමට හැකිව තිබූ බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කර ඇත.
Rate this item
(0 votes)