April 25, 2024

පොදු අපේක්‍ෂකයා මමයි - එජාපයේ සහය ඕනෑ

තමන් වහන්සේට ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාදෙන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටීමට මාදුළුවාවේ සෝභිත හිමි තීරණය කර තිබේ.

ඉදිරි දිනවලදී සෝභිත හිමියන් විසින් ප්‍රදේශ රැසකදී පැවැත්වීමට සූදානම් කර ඇති ජනාධිපතිවරණය සම්බන්ධ සම්මන්ත්‍රණවලදී උන්වහන්සේ මෙම ඉල්ලීම කරනු ඇතැයි විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ නායකයෙකු සඳහන් කර ඇත.

යම් හෙයකින් එජාප සහාය උන්වහන්සේට හිමි නොවන්නේ නම් උන්වහන්සේ ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකරනු ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයට එජාපයේ අපේක්‍ෂකයකු ඉදිරිපත් කළහොත් සෝභිත හිමි සමග සිටින විපක්‍ෂ දේශපාලන පක්‍ෂ කිහිපයක සහ සංවිධානවල සහාය ඔහුට නොලැබෙන බවත් හෙතෙම පවසා තිබේ.

ඊට ප්‍රධාන වශයෙන්ම හේතුව ලෙස එම පක්‍ෂය දක්‌වා ඇත්තේ එජාප නායකයකු විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරනු ඇතැයි පවතින විශ්වාසය මත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

(දිවයින)

Rate this item
(0 votes)