April 25, 2024

“මගේ පෙම්වතියව අල්ලන්න එපා” (Video)

ලොව බලවත් ම රාජ්‍යයේ නායකයා වන අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා නිහතමානීත්වය විදහා දැක්වෙන අපූරු සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා චිකාගෝහි මාර්ටින් ලූතර් කිං සමරු ශාලාවේ පැවති ඡන්ද විමසීමකදී ඔහු ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ ඔහුගේ ඡන්ද යන්ත්‍රයට එහායින් Aia Cooper නමැති තරුණියක් ඡන්දය ප්‍රකාශ කරමින් සිටියා ය.

ඒ අතර වෙනත් යන්ත්‍රයක සිටි ඇයගේ පෙම්වතා වන මයික් නමැත්තෙකු  “ජනාධිපතිතුමනි මගේ පෙම්වතියව අල්ලන්න එපා” යනුවෙන් එක්වර ම ප්‍රකාශ කර ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එහිදී පුදුමයට පත් වූ ජනාධිපති බරැක් ඔබාමා ඡන්දය ප්‍රකාශ කරමින් ම මයික්ගෙන් ඇසුවේ, “එය කීවේ ඇත්තට ම ද?” යනුවෙනි. පසුව එය විහිළුවක් බව දැනගත් ඔබාමා සිනාසෙමින් ප්‍රකාශ කළේ, “මං හිතුවෙ මට නින්දාවක් කළා කියලා. ඒත්, වාසනාවට ජනාධිපති ඒක ගැන තරහ ගත්තෙ නැහැ. දැන් අවුලක් නැහැ” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 October 2014 11:34