March 29, 2024

කැළණියේදී නම කැපුවයි ඇමති මර්වින්ට යකා නගී

කැලණිය, වරාගොඩ, කුබොලොය ඇළ ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීමේ කටයුතු මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) ආරම්භ කර තිබේ.

නමුත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාව සනිටහන් කරන සමරු ඵලකයේ අමාත්‍ය මර්වින් සිල්වාගේ නම සඳහන් නොවීමෙන් අමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින් පුදුමයට පත්විය. තවද පුදුම සහගත කරුණ වන්නේ කැළණිය ප්‍රදේශයේ ව්‍යාපෘතියකම නම සදහන් නොවීමයි. 

අමාත්‍යවරයා ඊයේ එම ස්ථානයට පැමිණ නාම පුවරුව විවෘත කිරීමෙන් පසු එහි ඔහුගේ නම සඳහන් නොවීම හේතුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දුරකථන ඇමතුමක් දී ඒ පිළිබඳව විමසී ය.

මර්විල් සිල්වා මහතාගේ ඉල්ලීමක් පරිදි  අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුදල් ප්‍රතිපාදන වෙන් කර මෙම ඇළ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇත.

 

Rate this item
(2 votes)