April 16, 2024

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

තමන් සතුව තිබෙන බලය පාවිච්චි කරමින් ආණ්ඩුව ඡන්ද සිදු කරන්නේ නම් ඒ බලහත්කාරය වෙනස් කිරීමට අවශ්‍ය බවත් මැතිවරණ නීතියවත් නොසළකන ආණ්ඩුවේ බලය අඩුකිරීම ජනතාව කටයුතු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ආණ්ඩුව විවිධ උපක‍්‍රම පාවිච්චි කරමින් මැතිවරණ නීතියේ කණෙන් රිංගීමේ උත්සාහයකුත් තිබෙන බවත් ආණ්ඩුව බරපතල විශ්වාසභංගයකට පත්වී ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය.

ජ.වි.පෙ නායකයින් අද (13) මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් අනතුරුව ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය. 

මැතිවරණ ව්‍යාපාරයේ ජයග‍්‍රහණය ඒ තරම් පහසු නොවන බව ආණ්ඩුව තේරුම් ගෙන ඇති බැවින් අවසාන තුරුම්බුව හැටියට සාමාන්‍යයෙන් සියලු සදාචාරයන්, නීතිරීති පැත්තක දමා ආණ්ඩුව තමන්ගේ උපරිම රාජ්‍ය බලය පාවිච්චි කර මැතිවරණ නීති සම්පූර්ණයෙන් කඩ කර ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. 

පළාත් සභාව වගේ සරළ මැතිවරයකදීත් මේතරම් මට්ටමින් ඇමතිවරු, ඡන්ද ව්‍යාපාරයට අවතීරණ වී, මැතිවරණ නීතිය උල්ලංඝණය කරන්නේ නම්, නීතිය රකින පාලනයේ ඉහළම උදවිය නීති කැඩීමේ පෙරමුණට ගෙන කටයුතු කරන බව ද ටිල්වින් සිල්වා මහතා කීය.

හෙට සිට තංගල්ලෙන් පටන්ගෙන මැතිවරණ දිස්ති‍්‍රක්ක හය ආවරණය වන විදියට දින 10ක් පුරා පෙළපාලියක් හා පෙත්සම් අත්සන් කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව පැත්තෙන් සංවිධානය කර තිබෙන බවත් වෙන දිස්ති‍්‍රක්කවල නැතිව ඡන්ද පැවැත්වෙන දිස්ති‍්‍රක්කවලම යොදාගැනීම දැවැන්ත මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

පෙළපාලි නොයන ලෙසත්, මැතිවරණයට අයථා ලෙස බලපාන කටයුතු නොකරන ලෙසත්, අද මැතිවරණ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේදී ජවිපෙ පෙන්වා දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 14 March 2014 08:44