April 20, 2024

දේශපාලන ගැටුමෙන් බණ්ඩාරවෙල ස්ථානාධිපතිට මාරුවක් 

September 24, 2014

බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ජේ කරුණාසේන මහතා වහා ම ක්‍රියාත්මක වන පරිදි බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ඌව පළාත් සභා මැතිවරණය පැවති පසුගිය 20 වැනි දා බණ්ඩාරවෙල පොලීසියේදී එජාප හා සන්ධාන ක්‍රියාකාරීන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් වැළැක්වීමට පියවර නොගැනීම හේතුවෙන් බණ්ඩාරවෙල ස්ථානාධිපතිවරයාට මෙලෙස ස්ථාන මාරුවක් ලබා දි ඇති බව පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල ස්ථානාධිපතිවරයාට විරුද්ධ විනය සංග්‍රහය යටතේ කටයුතු කිරීමට නියමිත බව ද පොලීසිය පැවසී ය.

 

Rate this item
(0 votes)