March 28, 2024

මාවනැල්ලේ ගින්නෙන් කඩ 17ක් විනාශයි

September 24, 2014

මාවනැල්ල නගරයේ පිහිටි වෙළෙඳසැල් කිහිපයක අද (24) පෙරවරුවේ හදිසියේ හටගත් ගින්නකින් වෙළඳසැල් 17 ක් විනාශ වි ඇති බව පොලිසිය පවසයි. 

මාවනැල්ල නගර සභා ගිනි නිවන ඒකකය, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට ගින්න මැඩපවත්වා ඇත. 

මෙම ගින්න හේතුවෙන් ගිනිගත් වෙළෙඳසැල් අතර ප්ලාස්ටික්, පොත් අලෙවිසැල් සහ ආපන ශාලාද පිහිටා තිබූ බව වාර්තා වෙයි. 

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මාවනැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

Rate this item
(0 votes)