April 20, 2024

‘ග්‍රීස් ගාමිණී’ ආයෙත් රිමාන්ඩ් 

September 24, 2014

කුරුණෑගලදී දැරියක පැහැර ගැනීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබූ ‘ග්‍රීස් ගාමිණී’ නොහොත් අයි.ඒ. ගාමිණී නමැති සැකකරු ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද (06) නියෝග කළේය.

එම සිද්ධියට සම්බන්ධ ග්‍රීස් ගාමිණීගේ මව හා ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයාද ලබන 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

ග්‍රීස් ගාමිණී කුරුණෑගල ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍යවරියට පෙන්වන ලෙසත්, තමාරා දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පෙන්වන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 September 2014 16:08