April 17, 2024

බන්දුසේන හා රොහාන් රඟපෑමක 

වැලිමඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට මරණ තර්ජන කළ ඌව පළාත් සභා මන්ත්‍රී එස්ඒආර් බන්දුසේන මහතා  21 වැනි දා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔහු නැවත වරක් අද වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

වැලිමඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී රොහාන් මාපා මහතා තමන් කළ පැමිණිල්ල එඟතාවයෙන් යුක්ත ව ඉවත් කර ගත් බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවේ ය.

සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත වැලිමඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මුදා හරිනු ලැබුවා ය.

අදාල සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කළ අතර 24 වැනි දා සමථ මණ්ඩලයේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් මහේස්ත්‍රාත්වරියට යොමු කරන ලෙස ද නියෝග කර ඇත.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 March 2014 14:24