April 25, 2024

ගීතාගේ මනාපයට කනේ පහර 

ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මියගේ ආසනයේ කාත්තා අංශයේ ලේකම්වරියකට බිම පෙරලාගෙන පහර දී තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 12 වැනි දා රාත්‍රියේ ගාල්ලේ පැවති ජනහමුව අවසන් වී ආපසු යමින් සිටි කාන්තාවෝ පිරිසකට එම ප්‍රහාරය එල්ල වී තිබේ.

පහර දීමෙන් තුවාල ලද කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.  

“මම වේදිකාවෙන් බැහැලා, ගෙදර යන්න වාහනයක නැග්ගා, මට දැනගන්න ලැබුණා, මේ අපේ කාන්තාවකට ගහලා කියලා, අප ආසනයේ කාන්තා අංශයේ චන්දාවතී අබේපිටිය මහත්මියට පහර දීලා තියනවා, බිම දමාගෙන අතින් පයින් පහර දී තියෙනවා, බීමත් පිරිසක් වයස අවුරුදු 60 ක තරම් කාන්තාවකට එම පුද්ගලයින් පහර දුන්නේ කෙසේ ද යන්න හිතා ගන්න බෑ, ලෝක කාන්තා දිනය ගෙවිලා දින කිහිපයයි. මෙහෙම කළේ කොහෙම ද කියලා හිතෙනවා, මම රෝහලට ගියා මට ඇස් අදහාගන්ත බැරි උනා“ යැයි ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසු වා ය. 

ලංකින්ද නානායක්කාර  

Rate this item
(0 votes)