April 25, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස අපි බලන්නේ නෑ - මුදල් රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

රට මුහුණ දී සිටින ආර්ථික හා මූල්‍ය ප්‍රශ්න වලින් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහයෝගය අවශ්‍ය නැති බව මුදල් හා ප්‍රාග්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

පවතින අර්බුදකාරී තත්වය හමුවේ වුවද මේ වන විට මූල්‍ය කටයුතු නිසි පාලනයකට යටත් කර තිබෙන බවද පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඉතා නුදුරේදීම විදේශ ආයෝජන රැසක් මෙරට ගෙන ඒමට සැලසුම් සකස් කොට තිබෙන බව ද සඳහන් කරයි.

විශේෂයෙන්ම කොළඹ වරාය නගරයේ වැඩ කටයුතු අවසන් වීමෙන් පසු ඒ මුල්කොට විදේශ ආයෝජන රැසක් මෙරටට පැමිණෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් රටකට ණය සහනාධාර දීමේ දී එම රටවල ජනතාවගේ ජන ජීවිතයට තදින්ම බලපාන කොන්දේසි පැවරීම බොහෝ රටවල පරිහානියට හේතු වී තිබේ.

Rate this item
(0 votes)