April 24, 2024

ඡන්ද පොළ 12,000ක් ශක්තිමත් කිරීමේ "දිනුම" රට පුරා

September 28, 2020

සමගි ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද මධ්‍යස්ථාන ශක්තිමත් කිරීමේ "දිනුම" නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලින් ආරම්භ කර එම වැඩසටහන පසුගිය සතිය අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්ක දෙකෙහි ක්‍රියාත්මක කොට තිබේ.

සෑම ඡන්ද මධ්‍යස්ථානයක විසි පස් දෙනෙකුගෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම එම වැඩසටහනේ ඒ ඉලක්කය වේ.

එම වැඩසටහන තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස සිටි අවධියේ ආරම්භ කළ ඡන්දපොළ 12,000ක් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ හා සමාන වැඩසටහනකි.

මෙම වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක දෙකේ බෞද්ධ හා අන්‍ය ආගමික ස්ථාන වෙත ගොස් සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ.

සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හරින් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් රට පුරා සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වෙන මෙම වැඩසටහනට සහභාගී වේ.

ලබන සතියේ දී මෙම වැඩසටහන කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)