March 29, 2024

කිරිපිටි ආනයනය නතර කිරීමට වැඩපිළිවෙලක්

September 28, 2020

ඉදිරි වසර 03 ඇතුලත ශ්‍රී ලංකාව කිරි වලින් ස්වයං පෝෂිත කරන බවත් විදේශ රටවලින් කිරිපිටි ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටියි.

නාවලපිටිය ප්‍රදේශයේ පැවති 2021 අයවැය යෝජනා ලබා ගැනිමේ සාකච්ඡාවේදි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ නවසිලන්තයෙන් වැඩිම කිරිපිටි අපනයනය කරන රට ශ්‍රී ලංකාව බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

වැඩිම ජනගහණයක් ඉන්න ප්‍රාදේශීය සභා මාර්ග මේ අවුරුදු පහේදි අපි කාපට් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. 2025 වෙද්දි මාර්ග කාපට් කරලා පානිය ජලය ලබාදෙන්න අපි කටයුතු කරනවා. නාවලපිටිය ප්‍රදේශයේ සංචාරක වැඩ පිලිවෙලක් ගෙන්න අපි කටයුතු කරනවා.නාවලපිටිය අලුත්ගම අපනයන කෘෂිකර්මාන්තය ආරම්භ කරනවා. මේ වැඩපිලිවෙලින් සියළු දෙනාටම උදව් කරන්න පුළුවන්, ඇමතිවරයා කියා සිටියහ.

අපේ රටේ කිරි ගන්න එල ගවයන් ඉන්නේ දෙලක්ෂ පනස්දහසයි. රටේ කිරි නිෂ්පාදනයෙන් අප විසින් සිදු කරන්නේ 35% යි. අනිත් ඔක්කොම පිටරටින් ගෙන්නේ. එක දවසකට ඇමරිකානු මිලියන 01ක කිරි පිටි විදේශ රටාවලින් ගෙනවා. පිටරටවල් වලින් කන ජාතියක් බවට පත් වෙලා තියෙනවා. අපි මිල්කො සමාගම සමග එකතු වෙලා ගවගාල ආධාර, අවශ්‍ය කැම ටික තණකොල ටික ඇතුළු සියළු දේ ලබා දිලා කිරි නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ බලාපොරෙත්තුව කිරි වලින් ස්වයං පෝෂිත රටක් අවුරුදු 3 ක් ඇතුලත් බිහි කරන්න. මේ රටට කිරි ආනයනය කිරිම සම්පුර්ණයෙන්ම නතර කරන්න අපි කටයුතු කරනවා. නවසිලන්තයේ වැඩිම කිරිපිටි ආනයනය කරන රට තමයි ශ්‍රී ලංකාව යැයි ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියහ.

Rate this item
(0 votes)

Related items