April 25, 2024

රාජ්‍ය ඇමැතිවරයෙක් 40ක් එක්ක යාල වනෝද්‍යානයේ මත්පැන් සාද පවත්වලා

September 25, 2020

යාල ජාතික වනෝද්‍යානයේ ‘නව බුතව’ බංගලාවේ නවාතැන් ගත් රාජ්‍ය ඇමැතිවරයකු ඇතුළු හතළිහක කණ්ඩායමක් රෑ පහන්වනතුරු කෑගසමින් මත්පැන් සාද පවත්වා ඇතැයි වාර්තා වේ.

පරිසරවේදීන් පවසන්නේ සතුන්ගේ නිදහසට බාධා වන අයුරින් වනාන්තරය තුළ ජීප් රථද ධාවනය කර ඇති බවයි.

නව බූතව බංගලාවේ නවාතැන් ගත හැකි පිරිස උපරිම දසදෙනකු වුවත්, රාජ්‍ය ඇමැතිවරයා සමග බස් රථයකින් පැමිණි හතළිහක කණ්ඩායමක් එම බංගලාවේ නතර වී සිටි බව වාර්තා වේ.

පසුගිය දිනක රාත්‍රි කාලයේ පැමිණි රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම, යාල ජාතික වනෝද්‍යානය තුළ දිවා කාලයේදී ජීප් රථ ධාවනයට ඉඩ ලබානොදෙන කාලයේදී පවා ජීප් රථවලින් එහා මෙහා ගොස් ඇති බවද අනාවරණය වේ.

මෙම පිරිස පිටත්ව ගොස් ඇත්තේ පසුගිය ඉරිදාය.

මේ සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසූවේ එම සිද්ධිය ගැන තමාට වාර්තා වී නොමැති බවයි.

Rate this item
(1 Vote)