March 29, 2024

පාර්ලිමේන්තුව හමුදාවේ අනුඛණ්ඩයක් නෙමෙයි - වඩේ කතාවට චාමර සම්පත්ගෙන් ෆොන්සේකාට පිළිතුරු

September 24, 2020

පාර්ලිමේන්තුව හමුදාවේ අනුඛණ්ඩයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"එතුමා ජනාධිපතිවරණයේදී කෙලවා ගත්තා වගේම මගේ භාෂාවෙන්ම මම කියනවා." යැයද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"විභාග දෙපාර්තමේන්තුව යවා එතුමාගේ සහ මගේ සුදුසුකම් පරීක්ෂා කරන්න" යැයි චාමර සම්පත් මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

"එයා හිතාගෙන ඉන්නේ මේක අනුඛණ්ඩයක් කියලා. මේක හමුදා අනුඛණ්ඩයක් නෙමෙයි. මේක පාර්ලිමේන්තුව. හමුදා අනුඛණ්ඩයක් ලෙස තමා අණදෙන්නේ" යැයිද මන්‍ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී්‍ය.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පල කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ යනුවෙන් ෆොන්සේකා මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)