March 28, 2024

78 ව්‍යවස්ථාවෙන් ජේ.ආර් රටම කැරකොප්පුවක් කළා - මේ 20න් පාර්ලිමේන්තුවම මරා දැම්මා

September 25, 2020

විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු යක්ෂාගමනයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සකසන ලද පුද්ගලයා කවුරුන්ද කියා ඉදිරිපත් නොවන්නේ ඔහුද එහි භයානකකම දන්නා බැවින් යැයි හෙතෙම පැවසීය.

1978 ව්‍යවස්ථාවෙන් දැඩි පාලකයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා රටම කැරකොප්පුවක් කළ බව කී රත්නායක මහතා ජනතාව වත්මන් රජයට තුනෙන් දෙකක බලයක් ලබාදී පාර්ලිමේන්තුව මරා දැමූ බව කීය.

මේ වන විට රජය විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉතිරි ආයතන ටිකත් මරා දැමීමට කටයුතු කරමින් සිටින බවට හෙතෙම චෝදනා කළේය.

ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Rate this item
(0 votes)