April 24, 2024

ඇයි මේ ඒකාධිපති වියරුව? - මනෝ ප්‍රශ්න කරයි

September 25, 2020

රටේ මහජනතාවගේ බදු මුදල් වලින් කි‍්‍රයාත්මක වන රජයේ ආයතන හා රාජ්‍ය ව්‍යාපාර විගණනයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලබන්නේ නම් එහි ඇති එකම අරමුණ මහජන මුදල් සොරාකෑම බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීය.

ජනාධිපති ගෝ්ඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවේ නායකයා, රාජ්‍ය නායකයා සේනාධිනායකයා ,කැබිනට් මණ්ඩලයේ නායකයා . ඔහුට තවත් මේ රටේ නායක තනතුරු රැුසක් තිබෙනවා. ඔහුට පාර්ලිමේනතුවෙත් තුනෙන් දෙකක් තිබෙනවා. ඒ වගේම ඔහුගේ වියත්මග මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා.

ඔවුන් දැන් කියන්නේ මෙම 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමටලූ. එය මොන තරම් විහිළුවක්ද ? විකාරයක්ද? ඔහු දැනටමත් ශක්තිමත් ජනාධිපතිවරයෙක් ඔහුගේ සහෝදරයා මේ රටේ අග‍්‍රමාත්‍යවයා, තවත් සහෝදරයෙක් මේ රටේ ආර්ථික කටයුතු සම්බන්ධ ප‍්‍රධානීයා වන්නේ. තවත් රාජපක්ෂලාත් ඕන තරම් සාටක පැළදගෙන පාර්ලිමේනතුවේ ඉන්නවා.

උැයි මේ හදිසිය, ඇයි මේ එකාධිපති වියරුව කියල අහන්න අප කැමැතියි. අපට ආණ්ඩුව දැන් වේදිකාවක් හදල දීලා තිබෙනවා. ආණ්ඩුව අපට දැන් දේශපාලනික වශයෙන් සෙල්ලම් කිරීමට පිටියක් සකස් කර දී තිබෙනවා. පැවැති ආණ්ඩුව , එයට අපේ ආණ්ඩුව කියන්න මම කැමති නැහැ. ඒ ආණ්ඩුවේ සිදුවු බැදුම්කර වංචාව නිසා එම ආණ්ඩුවට අත්වු ඉරණමම වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නිසා අත්වන බව කියන්න කැමැතියි.

මැතිවරණ කොමිසම , පොලිස් කොමිසම , ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව , විගණන කොමිසම පැවතුණා. එම කොමිෂන් පැවැතුණ අවස්ථා වලදි මේ රට ස්වාධිනව ඉදිරියට ගෙන යනු ලැබුවා. ජනාධිපතිවරයා බලවත්විීමට අවශ්‍ය නම් මේවාට අත තබන්නේ ඇයි?

ජනාධිපති කාර්යාලය, අගමැති කාරයාලය රජයේ ව්‍යාපාර 150 ක් පමණ අයත් ආයතන විගණනය කිරීම 20 වන සංශෝධනය මගින් ඉවත් කිරීමට උත්සහා දරනවා. මෙය බිමි මට්ටමේ ජනතාව වුවත් අවබෝධ කරගෙන ඇති ඇත්ත.

ජනාධිපතිවරයා සෑම අවස්ථාවකදීම කතා කරන්නේ රටේ නිළධාරීන්ගේ විනය ගැනනේ? එසේ තිබියදි එම රාජ්‍ය ආයතන විගණනයෙන් ඉවත් කරන්නේ ඇයි? ජනාධිපතිවරයා කෙළින් ගමනක් ගැන කතා කළත් සිදුවන්නේ ඊට හාත්පසින් වෙනස් කි‍්‍රයාවලියක්.

මම කොළඹ දස්ති‍්‍රක් මන්තී‍්‍රවරයෙක් හිටපු ඇමතිවරයෙක්. එත් මම මේවනතෙක් මගේ හිතවතුන් කොළඹ ආසන්න පොලිසයක ස්ථානාධිපතිවරයා ලෙස පත් කරන්නැයි ඉල්ලීම් කර නැහැ. අපි එහෙම කරන්නෙත් නැහැ. පොලිස් කොමිෂම තිබෙන්නේ ඒ සියල්ල තීරණය කිරීමටයි. ඇත්ත කතා කළොත් පොලිසියෙන් යුක්තිය ඉටු කර ගන්න පුලූවන්. පොලිසියේ ස්වාධිනත්වයක් තිබෙනවා.

වත්මන් ආණ්ඩුවේ පිරිස් කරන්නේ ඔවුන්ට අවශ්‍ය පුද්ගලයින් තමන්ට අවශ්‍ය ස්ථාන වලට පත් කර ගන්නවා. මැතිවරණ කොමිෂන් සභාව ගැන රන් අකුරෙන් ලියවිය යුතු කාලයක් මේක. වත්මන් මැතිවරණ කොමිෂන් සභාවෙන් මැතිවරණ පවත්වනවාද කියල අහන්න ජනතාව පෙළඹි තිබෙනවා. එයට හේතුව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අවම විමයි. මෑත කාලයේ පැවති මැතිවරණ වලදි ප‍්‍රචණ්ඩ කි‍්‍රය,ා ඝාතන සිදුවීම් , අක‍්‍රමිතා, පොස්ටර් ඇලවීම් සිදුවුණේ නැහැ. එයට හේතුව මැතිවරණ කොමිසමට ස්වාධිනව කටයුතු කිරීමට ලැබී තිබුණ නිදහසයි.ආණ්ඩුවේ කණ්ඩායමක් කියල අපිට එදා මැතිවරණ වලදි විශේෂ සැලකිලි කිසිවක් තිබුණේ නැහැ. එයාකාරයෙන් තමයි කොමිෂන් සභා පැවතිය යුත්තේ. නමුත් ඒ සියල්ල වත්මන් ආණ්ඩුව ඉවත් කිරීමට සුදානම් වෙනවා.

ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් සිදුවණේ රජයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් කොන්ත‍්‍රාත් ලබාදීම් සිදුවුණේ ටෙන්ඩර් කැදවීම් සිදු කිරීමෙන් පමණයි. මෙම කොමිෂම අහෝසි කළොත් ඕනෑ තරමි හොර වැඩ කරන්න පුලූවන්. ආන්ඩුවේ ඇමැතිවරු කැමැති කැමති අයට ටෙන්ඩර් ලබා දෙන්න පුලූවන්.

විගණන කොමිෂන් සිදුවෙන්නේ ජනතාවගේ මුදල් යෙදෙවෙන ආකාරය සොයා බැලීමයි. එවා පුද්ගලික මුදල් නොවෙයි. රටේ මහජනතාවගේ මුදල්. රජයේ දේපල කියන්නේ කාගේවත් පුද්ගලික බුදලයක් නොවෙයි. 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වුවහොත් රජයේ මුදල් විගණනය කිරීමේ හැකියාවක් නැති වෙනවා.

ජනාධිපතිවරයා සමග සිටින වියත්මග කණ්ඩායම් දැන් වුවමනා වී තිබෙන්නේ වෙනම ආණ්ඩුක් හදා ගැනීමයි. මෙයින් පළමුවෙන්ම ආමාරුවේ වැටෙන්නේ ආණ්ඩුවේ සිටින පැමිණි ඇමතිවරුන්. පාර්ලිමේන්තුවේ වියත්මග කණ්ඩායම තමයි 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කර තිබෙන්නේ. 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළේ තමන් කියල ජනාධිපතිවරයා පිළිගත්තේ ඒ නිසයි. නැත්නම් වෙන කවුරුත් මේ කෙටුම්පත සකස් කිරීමේ වගකීම බාර ගත්තේ නැහැ.

දැන් ආණ්ඩුවේ ඇතැම් අය කියන්නේ 20 සම්මත කර ගන්න විපක්ෂයෙන් 20 ක් ගන්නවා කියලයි. විපක්ෂයෙන් කවුරුත් ආණ්ඩුවට යන්නේ නැහැ. 20 සම්මත කර ගන්න බැරි වේය යන බය නිසා ඔවුන් දැන් එවැනි කතා ගොතනවා.

Rate this item
(0 votes)