March 28, 2024

උපනායක මම අමුතුවෙන් නියෝජ්‍ය නායකවරු අවශ්‍ය නෑ - රවී රනිල්ට අන්තිමට කියපු දේ Featured

September 25, 2020

රුවන් විජේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට පත්වූ රැස්වීමෙන් පසුව ඔහු හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිදු හමු වීමක් සිදුව නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී නියෝජ්‍ය නායක තරඟයට රවි කරුණානායක මහතා රුවන් විජේවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් වූ අතර ඡන්ද 28ට 10ක් ලෙස ලබා ගනිමින් විජේවර්ධන මහතා ජයග්‍රහණය කරන ලදී.

එම ඡන්දය පෙර රවි කරුණානායක මහතා නියෝජ්‍ය නායක ධුරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අමතා කළ ප්‍රකාශය මෙසේ ය.

''දැන් වසර විසි ගණන් ඔබතුමා සමග මම වැඩ කටයුතු කරලා තියෙනවා. මේ පක්ෂයේ උප නායකයා හැටියට දීර්ඝ කාලයක් වැඩ කරලා තියෙනවා. දැන් එතනදී අමුතුවෙන් නියෝජ්‍ය නායකයෙක් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒ ධූරයේ හිටපු නිසා ඒ ධූරයට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබතුමා ඒකමතිකව මාව පත් කරාවි කියන එකයි මගේ විශ්වාසය."

''මොකද නායකත්වය ගැන ප්‍රශ්නය ආවහම මම කිව්වා මම නායකත්වය සහා ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. මොකද ආගම්, ජාති, කුල ප්‍රශ්න මතුවුණ නිසා. කෙසේ හෝ මේක මට අයිතියි, ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. ඒ අනුව ක්‍රියා කළොත් හොඳයි."

එහෙත් එම ප්‍රකාශය පිළිබඳ කිසිදු තැකීමක් නොකළ වික්‍රමසිංහ මහතා පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට ජන්දයන් කැඳවීම පිළිබඳව සිය අප්‍රසාදය කරුණානායක මහතා කිහිප ස්ථානයකදීම පළ කර තිබෙන බවද දැනගන්නට තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව තමා තුළ තිබූ ගරුත්වය සම්පූර්ණයෙන්ම නැති වූ බවද එහිදී කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබෙන බවද වාර්තා වේ.

Rate this item
(0 votes)