April 20, 2024

ලොකු අප්පච්චිට හිනාවක් දියන් පුතේ - මහනුවර දී මියගිය බිළිඳියගේ ලොකු තාත්තා කී සංවේදී කතාව (VIDEO)

September 24, 2020

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් කඩාවැටීමේ ඛේදවාචකයෙන් දිවි අහිමි වූ අඹුසැමි යුවළගේ සහ මාස එකහමාරක් වයසැති බිලිඳියගේ අවසන් කටයුතු අද (23) සිදු කෙරිණි.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ චමිල ප්‍රසාද්ගේ වැඩිමහල් සොයුරා අද එංගලන්තයේ සිට අවමංගල්‍යයට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි අතර නිරෝධායනයට රැගෙන යන අතරතුර ඔහු සුසාන භූමිය වෙත පැමිණියහ.

ඔහු ගිලන් රථයක් තුළ සිටිමින් මියගිය බිළිඳිය ගේ ජායාරූපයක් පෙන්වමින්, “ලොකු අප්පච්චිට හිනාවක් දියන් පුතේ කිව්වහම හිනා වුණා” යනුවෙන් අඬමින් පැවසුවේ මහත් සංවේගයකින්ය.

Rate this item
(0 votes)